spot_img
spot_imgspot_img

කරාපිටිය මෘත ශරීරාගාරයේ කොරෝනා මරණ වැඩි වෙලා

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

ඊයේ (27) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු 12ක් අතරින් මළ සිරුරු 10ක් ම කොරෝනා ආසාදිත බව පීසීආර් පරීක්ෂණ මගින් තහවරු වී තිබිණි.

එලෙස කොරෝනා ආසාදිත වූ පුදගලයන් අතර පිරිමි පුද්ගලයන් 07 දෙනකු සහ කාන්තාවන් 03කු සිටි බවත්, තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි ගෙල වැලලාගෙන මියගිය 44 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක්ද කොරෝනා ආසාදිත බව තහවුරු වූ බවත් අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රකාශකයකු කීවේය.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිත මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඒ 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු, 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු, 94 හැවිරිදි කාන්තාවක් සහ 55 හැවිරිදි කාන්තාවක් වශයෙනි.

මීට අමතරව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 83 හැවිරිදි පිරිමි පුද්ගලයකුගේ මරණයක් කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබේ. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 70 හැවිරිදි පිරිමි පුද්ගලයකු, ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 49 හැවිරිදි පිරිමි පුද්ගලයකු, හබරාදුව පදිංචි 60 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයකු සහ 83 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිතව මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!