spot_img
spot_imgspot_img

සුනාමි රළ, ටොංගෝ රාජ්‍යයට කඩා වදී. නවසීලන්තයටත් අනතුරු ඇඟවීම්

පුවත්

විදෙස්

මහ මුහුදේ සිදු වූ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පල්ලියක් සහ නිවාස කිහිපයක් හරහා ජලය ගලා යන ආකාරය පෙන්නුම් කරන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. ටෙංගා රාජ්‍යයේ අගනුවරවන නුකුඅලෝෆා මතට ගිනි කන්දෙන් පිටවන අළු පතිත වී තිබේ.

ගිනිකඳු පිපිරීමත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බැවින් ජනතාව උස් බිම් වෙත ගමන් කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් සියලු ප්‍රදේශවල විශාල තබදයක් ඇති වී තිබිණි.

Hunga Tonga-Hunga Haʻapai ගිනි කන්ද විදාරණය වීමත් සමඟ දකුණු පැසිෆික් කලාපය හරහා කම්පන හටගෙන තිබිණි.

ටොංගා අගනුවර පිහිටා ඇත්තේ ගිනිකන්දට කිලෝමීටර 65 ක් උතුරු දිශාවෙන් ටොංගෝ අගනුවර පිහටාට ඇත.

මේරා ටවුෆා පවසන්නේ ඇගේ පවුලේ අය රාත්‍රී ආහාරය සඳහා සූදානම් වෙමින් සිටියදී ගිනිකන්ද පුපාරා ගිය බවයි. ඔවුන් පළමුව සිතා ඇත්තේ බෝම්බ පිපිරෙන බවකි

“මගේ මුළින්ම මේසේ යට සැඟවුණා. මම මගේ කුඩා සහෝදරිය අල්ලාගෙන. මගේ දෙමව්පියන්ට සහ නිවසේ සිටි අනෙක් අයටද එසේ කරන ලෙස කෑගැසුවාත” නවසීලන්ත ප්‍රවෘත්ති වෙබ් අඩවිය Stuff.co.nz ඇය උපුටා දක්වයි.

ඉන් පසු නිවසට ජලය ගලා එන බව ඇය දැනගෙන ඇත.

“සෑම තැනින්ම කෑ ගැසීම් ඇසුණා. මිනිස්සු හැමෝම කෑ ගහනවා. ඒ වගේ ම හැමෝම උත්සාහ ගත්තේ උස තැනකට දිව යාමට” ඇය තවදුරටත් පැවසුවාය.

ටොංගා භූ විද්‍යා සේවා පැවසුවේ, ගිනි කන්දෙන් ගලා එන ගෑස්, දුම සහ අළු කිලෝමීටර් 20ක් පමණ ඉහළ අහසට නැග ඇති බවයි.

මිනිත්තු අටක පුපුරා යාම කෙතරම් ප්‍රචණ්ඩ වීද යත්, එය කිලෝමීටර් 800 (සැතපුම් 500) කට වඩා දුරින් පිහිටි ෆීජි හි “ඝෝෂාකාරී ගිගුරුම් හඬක්” ලෙස ඇසෙන බව අගනුවර සුවා හි නිලධාරීන් පවසා තිබිණි. ෆීජි රජය සුනාමි අනතුරු ඇඟවීමක් වහාම නිකුත් කර තිබිණි. පහත් බිම්වල වෙරළබඩ ප්‍රදේශවල ජනතාව සඳහා ඉවත් කිරීමේ කටයුතු වේගයෙන් ක්‍රියාත්මක කෙරිණි.

කිලෝමීටර් 2,300කට වඩා ඈතින් පිහිටි නවසීලන්තයේ ද සුනාමියක් හෝ කුණාටුවක් ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

https://www.bbc.com/news/world-asia-60007119

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!