spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවතට ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්විය යුතු බවට එම පක්ෂයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවතින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම ආණ්ඩුව විවේචනය කරන බැවින් එම පක්ෂය ඉවත් කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුගිය දිනවනල දී ආණ්ඩුව දිගින් දිගටම දැඩිව විවේචනය කිරීම මත මෙම පියවර ගත යුතු බවද පොදු ජන පෙරමුණේ නායකයන්ගේ අදහස වී ඇත.

කෙසේ වුවත් දැනට අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එම ධුර දැරීමට අවස්ථාව දෙමින් ආණ්ඩුව සමග කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බවද එහි දී තවදුරටත් යෝජනා වී තිබේ.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ දෙපාර්ශවයම මේ වනවිට විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වුව ද තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බවයි. කෙසේ වෙතත් කැබිනට් සංශෝධනය සහ 18 වැනි දා පාර්ලිමේන්තුව යළි රැස්වීමෙන් පසු මේ ගැන අවසන් තීරණ දැනගත හැකිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!