spot_img
spot_imgspot_img

“ඩෙල්ටාක්‍රෝන්” අලුතෙන් එයි. ශ්‍රී ලංකාවටත් අවවදානමක්

පුවත්

විදෙස්

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකිනෙක මුසු වී නිර්මාණය වූ “ඩෙල්ටාක්‍රෝන්” නමැති වඩාත් විනාශකාරී යැයි සිතන නව ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවදානයෙන් සිටිය යුතුයැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‍විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

එම ‍වයිරසට ශ්‍රී ලංකාවෙන් ද හමුවිය හැකි බැවින් එන්නත්කරණය අත්‍යාවශ්‍ය බවත් හෙතෙම පෙන්වාදෙයි. එමෙන්ම වෛද්‍යවරයා පවසන්නේ මෙම නව වයිරස ප්‍රභේද ශ්‍රී ලංකාවට පැමිණීම සම්පූර්ණයෙන් ම වැළැක්වීම නොහැකි බවයි.

ඩෙල්ටාක්‍රොන් වයිරස ප්‍රභේදය සයිප්‍රසය ඇතුළු රටවල් ගණනාවකින් දැනටමත් හමුවී ඇති අතර සයිප්‍රසයෙන් පමණක් හමු වූ රෝගීන් සංඛ්‍යාව 25කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!