spot_img
spot_imgspot_img

ඉන්දියාවට ණය වී, ජීප් 750ක් සහ බස් 500ක් ගෙන්වන්න යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව ණය බරින් මිරිකී ණය ගෙවාගත නොහැකිව සිටිය දී ඉන්දියාවෙන් ඩොලර් මිලින 500ක තවත් ‍ණයක් ගෙන ඒ මුදල් යොදවා ඉන්දියාවෙන් ම ජීප් 750ක් සහ බස් රථ 500ක් ආනයනය කිරීම විහිළුවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පවසයි.

මහාචාර්යවරයා මේ බව කියා සිටියේ ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් මහනුවර සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

“රජය ගෙන යන දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ රටේ දැනට ආයෝජනය කර සිටින විදේශිකයන් පවා තම ආයෝජන ඉවත්කරගැනීමේ අවධානමක් තිබෙනවා. මේ වසරේ පමණක් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 7,000ක් හෙවත් බිලියන 07ක් ණය ගෙවිය යුතුයි. ජනවාරි මාසයේ පමණක් ‍ඩොලර් මිලියන 699ක් ගෙවන්න වෙනවා. මේ ණය ගෙවීම කල් දාන්න බෑ, ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා කිව්වත් රජය කරන්නේ චීනයෙන් ණය ගැනීම. එ් විදියට චීනය ණය දෙන්නේ ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට පමණයිි. ඒ මුදල්වලින් ඔවුන් සමඟ ණය ගනුදෙනු කරන්නේ නැත්නම් දේපලක් ලියා දෙන්න වෙනවා.”

“දැන් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් අරන් රජය හදන්නේ ජීප් රථ 750ක් සහ කුඩා බස් රථ 500ක් ඉන්දියාවෙන් මිල දී ගන්න. මේ වෙලාවේ කළ යුතු මෙය නොවෙයි. රටේ මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍ය දේ ලබාදීම. නමුත් දැන් ශ්‍රී ලංකාව කියන්නේ වෙන්දේසි පොළක් වගේ. මේ විදියට කරන්නේ නැතිව අපි කළ යුත්තේ හදිසියේ ගෙවිය යුතු බැඳුම්කර ණය ගෙවීම සඳහා ඒ අදාල ආයනවලින් කලා ලබාගැනීම. නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර සහනදායි ක්‍රමයකට ණය ලබා ගත යුතුයි. නමුත් සෑම දෙනෙක් ම කියන්නේ, සෑම රාජ්‍යයක් ම කියන්නේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා. “ මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.

ඔහු පවසන්නේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට මේ තරම් පසුගාමී වන්නේ ඇයි ද යන්න තේරුම්ගත නොහැකි බවයි. මූල්‍ය අරමුදල ණය දෙන්නේ රටක ආර්ථික ස්ථාවර බව ඇති කිරීම සඳහාය. එසේ ණය ගැනීමේම දී ණය ගන්නා රට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟවන කාරණා ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එලෙස ගන්නා ණය වෙනත් ව්‍යාපෘති වෙනුවෙන් භාවිතා කිරීමට නෙහැකිවීම ද විශේෂත්වයකි. මුදල් විනිවිද භාවයෙන් යුතුව ප්‍රයෝජනයට ගතයුතු වීමත් කොමිස් මුදල් දේශපාලකයන්ට නොලැබීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවෙත නොයෑමට හේතුවක් බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ රටේ දේශපාලකයන් කරන්නේ තමන්ගේ කෙටිකාලීන ලාභය වෙනුවේන සම්පූර්ණ විකෘති ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යැයි ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!