spot_img
spot_imgspot_img

ඔමික්‍රෝන් වලින් බේරෙන්න “සියනොෆාම්” එන්නතට බෑ. ශ්‍රී ලාංකිකයන් නැවත සිතිය යුතුයි

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් දෙකම ලබාගෙන ඇතත් ඔමික්‍රෝන් රැල්ලෙන් බේරීමට නම් බූස්ටර් එන්නත අනිවාර්ය අවශ්‍යතාවක් බව සෞඛ්‍ය අංශ පවසයි.

සයිනොෆාම් එන්නත් දෙකම ලබාගැනීමෙන් අනතුරුව එහි ප්‍රතිශක්තීකරණය පවතින්නේ මාස තුනක් බැවින් බූස්ටර් එන්නත නොගතහොත් ඔමික්‍රොන් ප්‍රභේදයට ගොදුරුවීමෙන් වැළකී සිටීමට එන්නත්කරණය පිහිටක් ව්නේ නැත.

එබැවින් ශ්‍රී ලංකාවේ ජනතාව බූස්ටර් එන්නත ලබාගැනීමේ ප්‍රමාණය මත ඉදිරියේ දී ඔමික්‍රෝන රැල්ලෙන් බේරී සිටීමේ හැකියාව සහ ප්‍රමාණය තීරණය වනු ඇත.

2021 නොවැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවේ බොස්වානාවලින් මුල්වරට සොයාගත් ඔමික්‍රොන් ප්‍ර‍භේදය එතෙක් ලෝකයේ හඳුනාගෙන තිබූ සියලුම කොරෝනා ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් පැතිරෙන බව තහවරු කෙරිණි. එය ජාන විකෘතිතා 50කට වැඩි ප්‍රමාණයකින් සමන්විත බව ද විද්‍යාඥයෝ තහවුරු කරගත්හ.

ඇල්ෆා ප්‍රභේදයට වඩා 50% වේගයකින් ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණු අතර ඩෙල්ටා ප්‍රභේදයට වඩා දෙතුන් ගුණයක වේගයකින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙන බව මේ වනවිට හඳුනාගෙන තිබේ. විද්‍යාඥයන් පවසන්නේ ඔමික්‍රෝන් ආසාදිතයකුගෙන් ආශ්‍රිත වී දින දෙකත් හතරත් අතර කාලයක දී එම ආශ්‍රිතයන් ආසාදිතයන් බවට පත්විය හැකි බවයි. එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 3.2ක ගුණයකින් එවැනි ආසාදිතයකුගේ නිවැසියන් තුළ පැතිරෙන බව ද දැන් තහවුරු කරගෙන ඇත.

විද්‍යාඥයන් පවසන්නේ මීට පෙර කොරෝනා ආසාදිත වූ අයකුට වුව ද ඔමික්‍රෝන් ආසාදනය වීමට ඉඩ ඇති බවයි. නමුත් එවැනි අයකුට රෝග ලක්ෂණ දරුණු වන්නේ නැත. ‍වෙනත් කොරෝනා ප්‍රභේදයක් ආසාදනය වූ අයකුට ඔමික්‍රොන් ආසාදනය වීමේ සභාවිතාව අනෙකුත් ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාවට වඩා 05 ගුණයකි.

වෙනත් ‍ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරගිය අප්‍රිකාව, ඉන්දියාව, ඉතාලිය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල ද ඔමික්‍රෝන් රැල්ලක් ඇති වන්නේ එබැවිනි.

විද්‍යාඥයන් කරන ලද පර්යේෂණ අනුව තහවුරු වී ඇත්තේ අනෙකුත් සියලුම කොරෝනා ප්‍රභේදවලට ෆයිසර් එන්නතෙන් 80%ක ආරක්ෂාවක් ලැබුණ ද ඔමික්‍රෝන්වලට එරෙහිව ලැබෙන්නේ 33%ක ආරක්ෂාවක් පමණක් බවයි. එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකම ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඉන් මාස 06කට පසුව ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට කිසිදු හැකියාවක් නොතිබූ බව ද මේ වනවිට සනාථ වී තිබේ.

නමුත් ෆයිසර් එන්නත ලබාගත් අයට තවත් බූස්ටර් එන්නතක් ලැබුණු පසු ඔමික්‍රෝනවලින් ආරක්ෂාවීමේ හැකියාව 75%ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති ‍පුද්ගලයන්ට ඔමික්‍රෝන් ආසාදනය වුව ද ඔවුන්ට රෝහල්ගතවීමට තරම් අසාධ්‍ය තත්වයකට පත්වීම අඩු බව ද වෛද්‍යවරු කියති. එයට හේතුවී ඇත්තේ ප්‍රතිදේහ මගින් ලැබෙන ආරක්ෂාවයි.

මෙම සියලු කරුණු සළකා බැලූ විට අත්‍යාවශ්‍යම කරුණක් වන්නේ හැකි ඉක්මණින් තමන්ට හිමි බූස්ටර් එන්නත ලබාගැනීම සහ හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!