spot_img
spot_imgspot_img

සතොස වතුර විකුණයි. බෝතලයත් ආපසු ගනී

පුවත්

විදෙස්

“සතොස” වෙළෙද නාමය යටතේ ජල බෝතල් අළෙවිය අද (05) සිට ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. එලෙස අළෙවිකළ පසු හිස් බෝතල් ද නැවත සතොස අළෙවි සැල්වලින් මිල දී ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.

එස්එල්එස් ප්‍රමිතිය සහිතව අළෙවි කරන මිලි ලීටර 500 බෝතලයක් රුපියල් 35.00ක් වන අතර හිස් බෝතලයක් නැවත මිල දී ගන්නේ රුපියල් 10.00කට බව ද ඔහු පවසයි. ඒ අනුව පාරිභෝගිකයාට ජලය මිලි ලීටර 500ක් වෙනුවෙන් ගෙවීමට සිදුවන්නේ රුපියල් 25.00ක් පමණි.

ජල බෝතල් නැවත මිල දී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළේ පරිසර දූෂණය වළක්වාගැනීමේ පියවරක් ලෙස බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේය.

මීට පෙර වෙනත් ජල බෝතල් අළෙවියෙන් සතොට හිමිවූයේ 20%ක ලාභයක් වුව ද සතොස වෙළෙඳ නාමය යටතේ ජල බෝතල් අළෙවියෙන් 25%ක ලාභයක් ලැබෙන බව ද හෙතෙම පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!