spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ ලාභදායීම ආයෝජනය කොටස් වෙළෙඳ පොළයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 50,601ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,320ක බවට පත්විය.

දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 62කින් පහළ ගිය අතර එය ඒකක 12,008ක් බවට පත්විය. වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනු දෙනු වූ සමාගම් අතර හපුගස්තැන්න වැවිළි සමාගම රුපියල් මිලියන 1,185යි, උඩුපුස්සැල්ලාව වැවිළි සමාගම රුපියල් මිලියන 757යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 502යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිිලයන 238යි, එස්එන්බී ලීසිං කොටස් මිලියන 123යි, සපුගස්තැන්න වැවිළි සමාගම කොටස් මිලියන 41යි ලෙස සටහන් විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර බිලියන 737ක වත්කම් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 537ක වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථාානයට ද බිලියන 205ක වත්කම් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාග තුන්වැනි ස්ථානයට ද පත්විය.

අද දින‍‍යේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර උඩුපුස්සැල්ලෑව වැවිළි සමාගම මිල 25%කින් ද, හපුගස්තැන්න වැවිළි සමාගම සහ සොෆ්ට්ලොජික් සමාගම 24.7% බැගින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ එල්ඕඑල්සී සමාගමේ කොටස් 32,000ක් රුපියල් 1,140.00 බැගින් ද, රේණුක හෝල්ඩින් සමාගමේ කොටස් ලක්ෂ 15ක් රුපියල් 19.70 බැගින් ද, හපුගස්තැන්න වැවිළි සමාගමේ කොටස් මිලියන 42ක් රුපියල් 28.30 බැගින් ද උඩුපුස්සැල්ලාව වැවිළි සමාගම කොටස් මිලියන 17.5ක් රුපියල් 42.00 බැගින් ද හුවමාරු විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 84ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 542ක කොටස් විකුණා තිබේ.

ඒ අනුව දිනය තුළ පමණක් ශුද්ධ ලෙස ‍රුපියල් මිලින 458ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගැනීමට විදේශ ආයෝජකයන් කටයුතු කර තිබේ.

2021 වර්ෂයේ ඊයේ දිනය දක්වා පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 51.384ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර රේණුක හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලින 29යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 06යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 05යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 04යි සහ රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 03ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සපුගස්තැන්න වැවිළි සමාගම රුපියල් මිලියන 276යි, උඩුපුස්සැල්ලාව වැවිළි සමාගම රුපියල් මිලියන 154යි, අමානා බැංකුව රුපියල් මිලියන 35යි. සම්පත් බැංකුව රුපියල් මිලියන 11යි, අලියාන්ස් සමාගම රුපියල් මිලින 05යි ලෙස සටහන් විය.

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළේ නවතම මූලික කොටස් නිකුතුවක් සදුකළ මයිලෑන්ඩ් දේපල සමාගමේ කොටස් ‍හෙට (28) වැනි දිනයේ ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳ පොළෙට මුදාහැරීමට නියමිත අතර වර්තමානයේ මූලිික කොටස් නිකුතුවලට කොටස් වෙළෙඳ පොළ ආයෝජකන් අතර අධි ඉල්ලුමක් ඇතිවී තිබෙන බැවින් බොහෝ ආයෝජකයන් මූලිික කොටස් නිකුතුවලින් කොටස් මිල දී ගැනීමට පුරුදුව සිටිති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!