spot_img
spot_imgspot_img

ඇමරිකානු මාධ්‍යවේදියාට මියන්මාර අධිකරණයෙන් වසර 11ක සිර දඬුවමක්

පුවත්

විදෙස්

මියන්මාර හමුදා අධිකරණයක් විසින් ඇමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර්ට වසර 11ක සිර දඬුවම් නියම කර තිබේ.

සංක්‍රමණ නීතිය කඩ කිරීම, නීති විරෝධී ලෙස පුද්ගලයන් ඇසුරු කිරීම සහ හමුදාවට එරෙහි විරෝධය දිරිමත් කිරීම සම්බන්ධයෙන් ෆෙන්ස්ටර් වැරදිකරු විය.

දේශද්‍රෝහීත්වය සහ ත්‍රස්තවාදය යන අමතර චෝදනා දෙකක් ද ඔහුට එල්ල වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට උපරිම ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි බව සඳහන් වේ.

ඔහුගේ නව චෝදනා පිළිබඳ නඩු විභාගය නොවැම්බර් 16 වැනිදා ආරම්භ වේ.

ෆ්‍රන්ටියර් මියන්මාර් ඔන්ලයින් වෙබ් අඩවියේ කළමනාකාර කර්තෘවරයා වූ 37 හැවිරිදි ෆෙන්ස්ටර්, මැයි මාසයේදී යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රඳවා ගනු ලැබීය. ඔහු මියන්මාරයේ පසුගිය පෙබරවාරියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු රඳවාගෙන සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දුසිම් ගනනක් අතරින් කෙනෙකි.

ෆ්‍රොන්ටියර්ට අනුව, ෆෙන්ස්ටර් මීට පෙර සේවය කර ඇත්තේ කුමන්ත්‍රණයෙන් පසුව හමුදාව විවේචනය කළ ස්වාධීන පුවත් වෙබ් අඩවියක් වන මියන්මාර් නව් හි ය.

“මෙම චෝදනා සියල්ල පදනම් වී ඇත්තේ ඔහු තහනම් මාධ්‍යයක් වන මියන්මාර් නව් හි සේවය කරන බවට වූ චෝදනාව මත ය. ඩැනී 2020 ජූලි මාසයේදී මියන්මාර් නව් වෙතින් ඉල්ලා අස්වී ඊළඟ මාසයේ ෆ්‍රොන්ටියර් වෙත සම්බන්ධ වී ඇත, එබැවින් 2021 මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු ෆ්‍රොන්ටියර් සමඟ මාස නවයකට වැඩි කාලයක් සේවය කර ඇත. මෙම චෝදනාවලට ඩැනී වරදකරු කිරීමට කිසිදු පදනමක් නොමැත.” ප්‍රවෘත්ති වෙබ් අඩවිය පැවසීය.

ඔහු නිදහස් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය, මියන්මාර හමුදා ආණ්ඩුවට බලපෑම් කර ඇතත්, හමුදා ප්‍රකාශකයෙකු අවධාරනය කළේ ෆෙන්ස්ටර් අත්අඩංගුවේ තබා ගත යුතු බවයි.

දඬුවම් නියම කිරීමට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ “ඩැනී රඳවා තබාගැනීමේ දැඩි අසාධාරණ ස්වභාවය මුළු ලෝකයටම දැකගත හැකි බවයි. ඔහුව නිදහස් කිරීමට පාලන තන්ත්‍රය දූරදර්ශී පියවර ගත යුතුයි”.

මෙම තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජනපදය මෙතෙක් අදහස් දක්වා නොමැත.

හියුමන් රයිට්ස් වොච් හි ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් බීබීසීයට පැවසුවේ මෙම තීන්දුව මියන්මාරය තුළ සේවය කරන ඉතිරිව සිටින සියලුම මාධ්‍යවේදීන් බිය ගැන්වීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවයි.

මේ අතර, ක්‍රයිසිස් ගෲප් මියන්මාරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක රිචඩ් හෝර්සි මෙම දඬුවම විස්තර කළේ, “එය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට පමණක් නොව මියන්මාර මාධ්‍යවේදීන්ට ද පණිවිඩයක් යවයි, තත්වය පිළිබඳව සත්‍ය ලෙස වාර්තා කිරීම ඔවුන්ට වසර ගණනාවක් සිර දඬුවම් ලැබිය හැකි බව “.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 80ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 50 දෙනෙකු තවමත් රැඳවුම් භාරයේ සිටියි, අඩකට නඩු පවරා ඇත.

https://www.bbc.com/news/world-asia-59258112

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!