spot_img
spot_imgspot_img

ඉන්දියාව, ශ්‍රී ලංකාවේ පළාත් සභා ගැන දැඩි අවධානයකින්

පුවත්

විදෙස්

ලක්මාලි මනම්පේරි විසිනි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වී ශ්‍රින්ග්ලා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකා රජයට පැවරී ඇති බැඳීම් පිළිබඳ යළි අවධාරණය කර තිබුණා. මෙය සැබැවින් ම බලතල බෙදීමක් මෙන්ම පළාත් සභා මැතිවරණ්‍ය හැකි ඉක්මණින් පැවැත්විය යුතුය යන්න පිළිබඳ ඇඟවීමක් ද වනවා.
පළාත් සභාවලට බලතල බෙදාදීමේ අදහස ශ්‍රී ලංකාවේ ස්වදේශීය ප්‍රතිපත්තියක් නෙවෙයි. එය හඳුන්වාදුන්නේ එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් අත්සන්කරන ලද සුප්‍රසිද්ධ ඉන්දු – ලංකා ගිවිසුම මගින්. රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 1987 ජූලි මස 29 වැනි දා කොළඹ දී මේ ගිවිසුම අත්සන් කළා. එම ගිවිසුමට අනුව ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ 1987 අංක 42 දරණ පළාත් සභා පනත මගින් නව ප්‍රාදේශීය පාලන ක්‍රමයක් ස්ථාපිත කෙරුණා.
ෆෙඩරල් රාජ්‍යයක් පිළිබඳ සංකල්පය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01 වැනි වගන්තියෙන් “භාරත් රාජ්‍ය සංගමයක් වනු ඇත” යනුවෙන් පිිළිගෙන තිබෙනවා. ව්‍යවස්ථාදායක මගින් බෙදා දී ඇති ඉහළ මට්ටමේ දී විමධ්‍යගත කිරිමේ විධිවිදාන, විධායක හා අධිකරණ බලතල භෞමික වශයෙන් එක් එක් ප්‍රදේශයන්හි ඇති අභ්‍යන්තර පාලන පද්ධතියක් ඇති රාජ්‍යයක් සළකා බැලීමේ දී ඉන්දියාව වැනි විෂමජාතීය සමාජයක හොඳින් ක්‍රියාත්මක වන බව පැහැදිළිය. මෙම ක්‍රමයෙන් කලාපීය වශයෙන් ඇති අභිලාෂයන් සහ ජාතික අවශ්‍යතා පොදු වේදිකාවක ක්‍රියා කිරීමට හැකියා ලැබීම ද විශේෂත්වයකි. ඒ හා සමාන බලතල බෙදාහැරීමක් සම්මත කරගැනීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණක් ලෙස හඳුන්වන ඒකීය යන ව්‍යුහය විනාශ වීමට හේතුවන බව ද බොහෝ දෙනකුගේ තර්කය වී තිනෙවා. ඒ නිසා සිදුවූයේ ඒකීය සහ ෆෙඩරල් යන ක්‍රම දෙකටම අතරමැදි ස්ථානයක පිහිටමින් පළාත් සබා ක්‍රමය ස්ථාපිත කිරීමයි.

ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහල ජාතිය සහ සුළුතරයක් වූ දෙමළ ජාතිය අතර ජනවාර්ගික වශයෙන් සමගිය ඇතිකිරීම සඳහා බලය බෙදාහැරීම සුදුසු විසඳුමක් ලෙස ඉන්දියාව මේ කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූවා. මේ ජනවර්ග දෙකෙහි එකිනෙකට පරස්පර විරෝධී ආකල්ප අතර සමතුලිතතාවක් ඇතිකිරීම එහි අරමුණු වූවා. සිංහල බහුතරය ආධිපත්‍යය සොයන අතර දෙමළ සුළු ජාතිය සමානාත්මතාව අවධාරණය කරනවා. එසේ වුව ද වසර 34ක් පුරා ශ්‍රී ලංකාවේ වරින් වර පත්වූ සියලුම ආණ්ඩුවලට මේ කරුණු පිළිගැනීම සහ සහජීවන දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. ඉන්දියාව එහි ආරම්භයේ සිටම දැඩ අවධානයක් යොමු කළා. මේ ජාතීන් දෙක අතර ඇති සමීප සංස්කෘතික බැඳීම් මෙන්ම ආගමික සහ භාෂාමය සම්බන්ධතාව ඉන්දියාව “ශ්‍රී ලාංකික දෙමළ අරමුණ” කෙරෙහි වඩාත් සංවේදී කර තිබෙනවා. යුද්ධය පැවැති කාලයේ දී උතුරේ සිට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයන් බොහෝ දෙනකුට ඉන්දියාව රැකවරණය ලබා දුන්නා.
මේ ගැටලුව ඉන්දියාවේ විදේශ ප්‍රතිප්තති සම්පාදන ක්‍රියාවලිය තුළට ම රිංගා ගියේ 80 දශකයේ මැද භාගයේ සිට ජාතික සන්ධාන පිහිටුවීම සඳහා මධ්‍යම රජයට සහයෝගය අවශ්‍ය වූ දෙමළ පක්ෂවල බලපෑම හෙතුවෙනුයි. එවැනි පසුබිමක, ජාතික සන්ධානයන්හි දෙමළ පක්ෂවල දේශපාලන සහෝයගය ලබාගැනීම සඳහා සහ තමිල්නාඩු ප්‍රාන්තයේ විරෝධතා සහ බලපෑම් විසඳාගැනීම සඳහා මේ කරුණ නොසළකා හැරීමට නොහැකිවීම සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. මෙයින් සිදුවුණේ “ශ්‍රී ලාංකීය දෙමළ ගැටලුව” කෙරෙහි තමිල්නාඩුවේ ඇති කැමැත්ත ශ්‍රී ලංකාව සහ එහි බාහිර සම්බන්ධතා සමඟ ඉන්දියාවව තුළ නිරන්තරව අනුනාදය වීමයි. ‍

එවැනි සන්ධානගත වූ දේශපාලන පද්ධතියක් තුළ මෙවැනි සම්බන්ධක දේශපාලන තත්වයක් දක්නට ලැබීම වඩාත් පැහැදිළි කරුණකි. එක් සාකච්ඡාවක්, තවත් සාකච්ඡාවක් යන ක්‍රියාවලියට හෝ ප්‍රතිඵල කෙරෙහි බලපෑම් කිරීම හෝ තීරණය කිරීම යන දක්නට ලැබෙයි. ඉන්දියාව මෙහි ප්‍රධාන සාකච්ඡාකරු ලෙස ස්ථාන ‍දෙකක් නියෝජනය කරයි. දේශීය නායකත්වය සහ ජාත්‍යන්තර ක්‍රියාකාරිකයන් සමඟ කේවල් කිරීම මෙන්ම මේ ජාතීන් දෙක අතර සමබරතාවක් ඇති කිරීමට උත්සාහ කිරීම අභියෝගයකි. එමෙන්ම ඉන්දියා සහ ශ්‍රී ලංකා මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර ඇති ත්‍රිකෝණාකාර සම්බන්ධතාවයේ පවතින නිශ්චිත අභියෝගය එයයි.
ඉන්දියා ශ්‍රී ලංකා සබඳතාවල ගතිකතාවයන් සඳහා හේතුවන එකම තීරණාත්මක සාධකය කේන්ද්‍රගත ව ඇති කලාපීය නියෝජනය පමණක් වන්නේ නැහැ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය කෙරෙහි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ප්‍රමිතිය ද බලපා තිබෙනවා. උදාහරණයක් ලෙස සැළකූ විට චීනය සමඟ ශ්‍රී ලංකාවේ සමීප ආර්ථික හා මූල්‍ය සබඳතා විශේෂ මතභේදාත්මක ව්‍යාපෘති දෙකක් බවට පත්ව ඇති කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරායේ ආ‍යෝජන භූ දේශපාලනය සහ කලාපීය ආරක්ෂාව ඉන්දියාවට අතිශ්‍ය වැදගත් සහ සංවේදී කාරණා ද වනවා. එබැවින් සංහිඳියා ක්‍රියාවලියේ මන්දගාමී ප්‍රගතිය සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වඩාත් සහභාගීත්ව පාලන ක්‍රමයක් සඳහා
ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙන්වූ ආකල්පයක් අනුගමනය කිරීමට සලස්වා තිබුණා. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2021 සහ 2013 වර්ෂවල දී එක්සත් ජනපදය විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හෙළා දකිමින් කරන ලද ඡන්ද විමසීමේ දී ඉන්දයාවේ මැදිහත් වීමේ ප්‍රවේශය සැළකිය හැකියි. මෙය සැබැවින්ම ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට බාධා වවන නිශ්චිත යෝජනාවන්ට විරුද්ධ වීම වැනි කාරණා සම්බන්ධයේන ඉන්දියාවේ සාමාන්‍ය ප්‍රතිපත්තියට පටහැනිවයි. 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව (CHOGM) මඟැරීමට අගමැති මන්මෝහන් සිං ගත් තීරණය මෙන්ම ධීවර ගැටලු සම්බන්ධයේන ඉන්දියාවේ දැඩි ස්ථාවරය වැනි කරුණුවලින් තවදුරටත් ප්‍රතිවිපාක විඳීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

මේ නිසාම ඉන්දියාව සහ චීනය සමබර කිරීමේ බර ශ්‍රී ලංකාවට පැවරී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ “මධ්‍යස්ථ විදේශ ප්‍රිපත්තිය” යම් රටකට හෝ බල කණ්ඩායමකට කිසිදු විශේෂ සම්බන්ධයක් වීම වළක්වාගැනීමට හා රටට වඩාත් වාසි දායක ලෙස කටයුතු සිදුකෙරෙනු ඇතැයි උපකල්පනය කරනවා. කෙසේ වෙතත් මධ්‍යස්ථභාවය යනු ස්වභාවධර්මයේ සාපේක්ෂ සංකල්පයක් වන අතර ඉන්දියානු රජය විසින් බොහෝ විට පුනරුච්ඡාරණය කරනු ලබන “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ අදහස සමඟ ද ගැටෙනවා. ආසන්නතම අසල්වැසියා වූ ඉන්දියාව පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කරන විට පළාත් සභා මැතිවරණය කඩිනමින් සිදුක කරන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද උපදෙස් ලබා දෙනවා.
ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂ රජය ඔවුන්ගේ දෙවැනි ධූර කාලය තුළ බහුතරයක් දිනා ගැනීමත් සමඟ මධ්‍යම රජයත් ප්‍රාන්ත රාජ්‍යයන් අතර සම්බන්ධතා ඇතිකරගැනීම, ඔවුන් අතර ගැටුම් හා ආතතිය දුරුකිරීමේ ක්‍රමයන් විශේෂ තත්වයක් පෙන්වන අතර ම භාරතීය ජනතා පක්ෂය නැවත වතාවක් බහුතර බලයක් දිනා ගැනීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කවරක් වුව ද ශ්‍රී ලංකාවට එරෙහි කතා අවම කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට පෙනෙන්නට තිබෙන දෙයනම් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්වි පාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා එක් දිශාවක් වෙත වඩාත් සුහදශීලීව ගමන් කරන බවයි. එය එසේ සිදු වුව ද ශ්‍රී ලංකාවෙ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි සෑම විටම ඉන්දියාව උනන්දුවන අතර එය ඔවුන් සිය කේන්ද්‍රීය කරුණක් බවට ද පත්කරගෙන තිබීම විශේෂත්වයක් ද වනවා.
(ලේඛකයා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර ඉන්දියාවේ ලකන්ව් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. පාරිසරික නීතිය, ව්‍යවස්ථාමය නීතිය සහ මානව හිමිකම් ක්ෂේත්‍රවල පර්යේෂිකාවක් ලෙස ද ඇය කටයුතු කරන්නීය.)

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි 

1 COMMENT

Leave a Reply to ශාන් ප්‍රනාන්දු Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!