spot_img
spot_imgspot_img

ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 10,000 ඉක්මවූ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළ යයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය සනිටුහන් කරමින්, ගනුදෙනු 42,945ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,853ක් බවට පත්විය.

අද දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 131.58ක් ඉහළ ගිය අතර එය ඒකක 10,046ක් බවට පත්විය. ඒ අනුව මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ලබාගත් වැඩිම අගය සහ සමස්ත කොටස් මිල දර්ශකය අවුරුදු 36ක ඉතිහාසය තුළ ඒකක 10,000 ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

මේ බව rata.lk වෙබ් අඩවිය මගින් අවස්ථා කිහිපයක දී ම අප සාක්ෂි සහිතව පළකරන ලදී. එය අද සනාථ වී තිබේ.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,412යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 410යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 393යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමානයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්ඊඑම්බී (ඡන්ද බලය රහිත) කොටස් මිලියන 46යි, බ්‍රවුන්ස ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 36යි, එස්ඊඑම්බී (ඡන්ද බලය සහිත) කොටස් මිලියන 17ක් ලෙස සටහන් විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූඩයමන්ඩ් (ඡන්ද බලය රහිත) 25%කින් ද, කැලණි කේබල් 23%කින් ද අම්බන් කැපිටල් සමාගම 15%කින් ද ප්‍රධාන විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 439ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම 01 වැනි ස්ථානයේ රැඳී තිබූ අතර එය පෙරදිනයට සාපේක්ෂව අද දිනය තුළ පමණක් වත්කම් බිලියන 30කින් ඉහළ යාමකි.

එල්ඕඑල්සී සමාගම බිලියන 307ක් ද, කමර්ෂල් ලීසිං සමාගම බිලියන 272ක් ද වාර්තා කර තිබිණි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර අමානා බැංකුව කොටස් මිලියන 7.3ක්, රුපියල් 3.60 බැගින් ද එක්ස්පෝ ලංකා සමාගම කොට් ලක්ෂයක් රුපියල් 223.00 බැගින් ද තවත් කොටස් ලක්ෂයක් රුපියල් 224.00 බැගින් ද හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත) කොටස් 650,000ක් රුපියල් 137.00 බැගින් ද, ජෝන් කිලල්ස් සමාගම කොටස් 650,000ක් රුපියල් 140.00 බැගින් ද, හේලීස් සමාගමේ කොටස් ලක්ෂ 03ක් රුපියල් 103.00 බැගින් ද හුවමාරු විය.

දිනයේ CIC සමාගම එක් කොටසක් සඳහා රුපියලක ලාභාංශයක් ප්‍රකාශයට පත්කළ අතර බයිරහා ෆාම් සමාගම රුපියල් 3.00ක ලාභාංශයක් ප්‍රකාශයට පත්කර ඇත.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලයන 72ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 106ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශීය ‍ආයෝජකයන් විසින් අද දිනය තුළ පමණක් රුපියල් මිලියන 34ක මුදලක කොළඹ කොටස් වෙළෙඳ පොළොන් ඉවත් කරගෙන ඇත.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 18යි, වැලිබල් පවර් සමාගම රුපියල් මිලියන 14යි, එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 09යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර අමානා බැංකුව රුපියල් මිලියන 26යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22යි,  මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 13ක් ලෙස සඳන් විය.

භාණ්ඩ හා අපනයන සේවා සපයන සමාගම්වල ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් අධික ලාභයක් ඉපැයීමත්, බදු සමා පනත හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කළ සියලු මුදල් දෙසැම්බර් 31 දිනට පෙර ආයෝජනය කළ යුතු වීමත්, දැනට ආසියානු කලාපයේ සියලු කොටස් වෙළෙඳ පොළවලට වඩා කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශකයන් සමානුපාතිකව පහළ මට්ටමට වැටිමත් හේතුවෙන් මෙම වසර අවසානයට පෙර කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක් 12,000 ඉක්මවනු ඇතැයි ආයේජකයන් විශ්වාසය පළ කර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!