ලෝක බලවතුන්ගේ අවධානයට හේතුවන ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම

පුවත්

මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන...

පාලම් පාරුව පෙරැළී මව සහ දරු දෙදෙනකු ඇතුළු 06ක් මරුට. 20ක් රෝහලේ

කින්නියා කුරුඤ්ඤන්කේනී පාලම් පාරුව පෙරැළීමෙන් 06 දෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මියගිය අය අතර මව...

රීඩ් මාවතේ මැක්ඩොනල්ඩ් ආයතනයේ ගින්නක් (වීඩියෝ සහිතයි)

කොළඹ තුරඟ තරඟ පිටියේ ප්‍රේකෂකාගාර ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටි හෝටලයක සිදුවූ පිපිරීමකින් අද (20) උදෑසන ගින්නක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මවත්, දියණියත් මහ පාරේ දී යන්තමින් දිවි බේරාගනී (වීඩියෝ)

පාර මාරුවීම සඳහා ඇති සුදු ඉරක් අසළ අනෙකුත් වාහන නවතා තිබිය දී එය නොතකා මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ වෑන් රථයක...

විදෙස්

අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න විසිනි (ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාමික නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී)

ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම ජාත්‍යන්තර වශයෙන් පවා කොතරම් වැදගත් ද යන්න එක්සත් ජනපද ඉන්දු පැසිෆික් අණදෙන නිලධාරී අද්මිරාල් හැරී හැරිස් 2016 වර්ෂයේ දී ගාලු කතිකාව අතරතුර සිය දේශනය කරමින් වචන තුනක් මගින් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ කරුණු තුනක් හේතුවෙන් ශ්‍රී ලංකාව මූලෝපායික වශයෙන් එක්සත් ජනපදයට අතිශය වැදගත් බව. මේ කරුණු තුන ලෙස ඔහු සඳහන් කළේ එකම වචනයක්. ඒ “පිහිටීම”, “පිහිටීම” සහ “පිහිටීම” යනුවෙන්.

අද්මිරාල් හැරිස්ගේ එම ප්‍රකාශය ඉන්දු පැසිෆික් කලාපයේ සහ භූගෝලීය සන්දර්භය තුළ ශ්‍රී ලංකව භූ දේශපාලනික වශයෙන් ලෝකයට කෙතරම් වැදගත් ද යන්න මනාව ඉස්මතු කරනවා.

ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක (NAA) සහ විදේශ ලේකම් ශිව සංකර් මෙනන් සිය “චොයිසස්” (Choices) නමැති ග්‍රන්ථයේ ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේ ඉන්දියාව සඳහා වූ ස්ථිර ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙසිනුයි. මෙම ප්‍රකාශය දේශපාලනිකව විවාදාත්මක විය හැකි නමුත් එය කලාපයේ භූ දේශපාලනික යථාර්ථය පෙන්නුම් කරන්නක්. චීනය සහ රුසියාව වැනි අනෙකුත් ගෝලීය බලවතුන් ද එවැනිම භූ දේශපාලනික දෘෂ්ඨි කෝණයකින් ශ්‍රී ලංකාව දෙස බලන බව රහසක් නෙවෛයි. අනෙක් අතට මෙම ස්වාධීන දූපත ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ගය මධ්‍යයේ පිහිටා තිබෙනවා.

දකුණේ පිහිටි දෙවුන්දර ප්‍රදීපාගාරයට ආසන්න සැතපුම් කිහිපක දුරැති මුහුදේ දිනපතා නෞකා 120කට වැඩි ප්‍රමාණයක් ගමන් කරන අතර ඒවා ගෝලීය වෙළෙඳ පොළ සඳහා අවශ්‍ය භාණ්ඩ රැගෙන ප්‍රවාහනය කරනවා.  

මෙම සන්දර්භය තුළ, නොබැඳි හා මධ්‍යස්ථව සිටීමේ ජාතික විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය ප්‍රධාන වන අතරම එහි ස්වෛරීභාවය සහ අඛණ්ඩතාවයේ සුරක්‍ෂිත බව තහවුරු කරමින් කලාපීය හා ගෝලීය සුපිරි බලවතුන් සමඟ උපායමාර්ගික ආරක්‍ෂක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව අනුගමනය කිරීම අත්‍යවශ්‍ය යි. මේ අනුව, ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ දැඩි අවධානයක් මෙන්ම සැළකිල්ලක් ද තිබිය යුතු බව අමුතුවෙවන් කිව යුතු නැහැ.

ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු කුමක්ද?

සාමකාමී රාජ්‍යයක් ලෙස ආරක්‍ෂකව සඳහා වැදගත්වන සම්පත් හා හැකියාවන් යෙදවීම තුළින් විදේශ ප්‍රතිපත්ති අරමුණු සාක්‍ෂාත් කර ගැනීම එහි දී වැදගත් වනවා.

පශ්චාත් සීතල යුද්ධ සමයේ දී එක්සත් රාජධානිය විසින් මෙහෙයවනු ලැබූ බටහිර ආරක්‍ෂක ආයතන විසින් ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් නව ජාත්‍යන්තර ආරක්‍ෂක විධි විධානයක් ඇති කළා. එය ලෝක යුද්ධ ඇතිවීමටත් සියවස් ගණනාවකට පෙර ආරම්භ වුවත්, ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගෝලීය බටහිර හා සංවර්ධනය වෙමින් පවතින යන දෙඅංශයෙන්ම සාර්ථකව ජාතික උපායමාර්ගික හා ආරක්‍ෂක අවශ්‍යතා සඳහා යොදා ගැනෙනවා.

ආරක්‍ෂක රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැඩ කටයුතු ‘එක් රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ලුහුබැඳීමට’ (රජය විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකභාවය) පමණක් සීමා වන්නේ නැහැ. ආරක්‍ෂක උපක්‍රම/ හමුදා පරිවාරකයින්/ විදේශයන්හි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වල උපදේශකයන් වැනි කාර්යයන්ගෙන් එය සමන්විතයි.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වර්ධනය කර ගැනීම සඳහා පිරිස් හුවමාරුව, ද්විපාර්ශ්වික රැස්වීම්, කාර්ය මණ්ඩල සාකච්ඡා, පුහුණුව, අභ්‍යාස (ගුවන්, ගොඩබිම සහ නාවික), කලාපීය ආරක්‍ෂක සමුළු, සම්මන්ත්‍රණ සහ නැව්/ ගුවන් යානා සංචාර වැනි කටයුතු ද ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැදගත් වනවා.
ඒවා ජාතික වශයෙන් රාජ්‍යයන් අතර වැරදි වැටහීම් නැතිකර දමන අතර මෙම අන්තර්ක්‍රියාකාරිත්වය අවබෝධය වැඩි කරන බැවින් කලාපීය හා ගෝලීය ගැටුම් වැළැක්වීමේ හොඳම උපාය මාර්ගයක් ලෙස සැළකිය හැකියි. ඒවා දිගුකාලීන මැදිහත්වීම් බව ද මේ ක්ෂේත්‍රයෝ ප්‍රවීණයන් පෙන්වා දෙනවා.   
ඉන්දියන් සාගරය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පිහිටීම හේතුවෙන් එය සමස්ත ලෝකයටම වැදගත් සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඉන්දියානු සාගරයේ මූලෝපායික අවශ්‍යතා ඇති බොහෝ රටවලට ශ්‍රී ලංකාවේ වරායන්, සාපේක්ෂව සාමකාමී දේශපාලන වාතාවරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ප්‍රධාන වශයෙන් වැදගත් වනවා.
ජපානය, චීනය සහ දකුණු කොරියාවේ නිෂ්පාදන යුරෝපය, ගල්ෆ් සහ ඉන්දියානු වෙලඳපොලවල් වෙත යාත්‍රා කරන විට හිස් වූ තෙල් නැව් නැගෙනහිර සිට බටහිරට යාත්‍රා කරන විට  ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයේ හදවත බව පැහැදිළි කරුණනක්. නමුත් ස්ථානයේ වැදගත්කම ආර්ථික වාසි වලට පමණක් සීමා ව? නැහැ. ලෝකයේ සමහර ප්‍රධාන කලාප වලට ප්‍රවේශ වීමේදී ශ්‍රී ලංකාවේ වරායයන්හි උපායමාර්ගික වැදගත්කම හේතුවෙන් ද රටක් ලෙස ශ්‍රී ලංකාව සමස්ත ලෝකයේ ම අවධානය දිනාගැනීම නිරායාසයෙන් ම සිදුවන්නක්. 
ජනප්‍රිය විශ්වාසය නම් චීනය ඉතා ඉක්මනින් ගෝලීය සුපිරි බලවතා බවට පත්වනු ඇති බව. නමුත් මම තර්ක කරන්නේ ප්‍රධාන වශයෙන් වෙනත් ආකාරයේ සාධක හතරක් සම්බන්දයෙන්.
1. ඇමරිකාව තවමත් ගෝලීය ආර්ථික දැවැන්තයා යි. එහි දළ දේශීය නිෂ්පාදිතය තවමත් කැපී පෙනෙන වෙනසකින් චීනයට වඩා ඉහළ අගයක පවතිනවා.
2. ගෝලීය හමුදාමය ශක්තිය ශ්‍රේණිගත කිරීමේදී එක්සත් ජනපදය තවමත් පැහැදිලිවම ලෝකයේ ආධිපත්‍යය දරනවා - චීනය සිටින්නේ තුන්වැනි ස්ථානයේ. 
3. ලොව ප්‍රධාන කලාප හය තුළම යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ නාවික භටයින් යෙදවීමත් සමඟ ලෝකයේ මූලෝපායික වශයෙන් වැදගත්වන  ප්‍රදේශයන්හි සක්‍රීයව කටයුතු කරන එකම රට ඇමරිකා එක්සත් ජනපදය බව පැහැදිළියි. දැනටමත් යොදවා ඇති හමුදා කණ්ඩයාම්වල හැකියාව වෙනත් කිසිදු රටකට නැහැ.
4. ලොව සක්‍රිය ගුවන් යානා ප්‍රවාහන නෞකා 43න් එක්සත් ජනපද නාවික හමුදාව සතුව පවතින බල ප්‍රක්ෂේපණය සඳහා යොදාගන්නා ගුවන් යානා ප්‍රවාහන නෞකා ගණන 11ක්, නමුත් චීනයේ සක්‍රීය සේවයේ ඇත්තේ 02ක් පමණයි. තුන්වැනි නෞකාව ඔවුන් තවමත් නිෂ්පාදනය කරමින් සිටිනවා. එම නිසා ප්‍රධාන වශයෙන් ආරක්‍ෂක දෘෂ්ඨි කෝණයෙන් වුව ද චීනය ගෝලීය බලවතෙකු වීමට තවත් බොහෝ දුර යා යුතු බව පැහැදිළියි.
නමුත්, වෙනස් උපාය මාර්ගයක් තුළින් ගෝලීය සුපිරි බලවතෙකු වීමට චීනය ද වේගයෙන් අපේක්‍ෂා කරන බව කෙනෙකුට තර්ක කළ හැකියි. එහි විදේශීය ආයෝජනය, ප්‍රධාන වශයෙන් වරාය හා වරාය ඉදි කිරීම් මෙන්ම නැව් සහ සබ්මැරීන් ගොඩනැගීමේ වැඩ සටහන්, විශේෂයෙන් ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ සාගර ශක්තිය සාක්‍ෂාත් කර ගැනීම සඳහා ආකර්ෂණීය නව උපක්‍රමයන් දියත් කර තිබෙනවා. තම ආර්ථිකය ස්ථාවරව තබා ගැනීම සඳහා ගල්ෆ් කලාපයේ බලශක්ති සැපයුම මත දැඩි ලෙස යැපෙමින් සිටින චීනයට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය දැරීම සඳහා උපාය මාර්ග දෙකක් තිබෙනවා. 
ඉන් පළමුවැන්න නම් 2013 සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව අමතමින් චීන ජනාධිපති ෂී ජින් පින් විසින් ප්‍රකාශයට පත් කළ Belt and Road Initiative (බීආර්අයි) ක්‍රමයයි. බීආර්අයි දැන් 21 වන සියවස සඳහා චීනයේ අපේක්‍ෂිත විදේශ ප්‍රතිපත්ති අරමුණ බවට පත්ව තිබෙනවා. එය ආසියාව, මධ්‍යම ආසියාව, ඉන්දියන් සාගර කළාපයට අයත් රටවල් සහ යුරෝපය පුරා බිලියන හතරකට අධික ජනගහනයක් සහිත රටවල් 60 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරන සැළැස්මක්. ශ්‍රී ලංකාව මෙම බීආර්අයි ව්‍යාපෘතියේ ප්‍රධාන කෙටස්කරුවකු වනවා.
චීනයේ දෙවන උපායමාර්ගය ප්‍රකාශයට පත් කළේ චීනය නොවේ. එය  2004 දී එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර පර්යේෂකයින් විසින් පුරෝකථනය කරන ලද ‘String of Pearls’ නම් භූගෝලීය උපකල්පනයක් ලෙස පවතින්නක්. චීනය තම ප්‍රධාන භූමියේ සිට අප්‍රිකාවේ නැගෙනහිර කළාපයෙහි පිහිටි සුඩාන් වරාය දක්වා විහිදෙන එහි මුහුදු මාර්ග ඔස්සේ චීන හමුදා හා වාණිජමය මුහුදු පහසුකම් (වරාය හා නැව්තොට) සම්බන්ධ කිරීමක් පිළිබඳව එමගින් විස්තර කරනවා. චීනයේ ආයෝජනයෙන් සහ මැදිහත්වීමෙන් ඉදිවන බව ඉතා පැහැදිළිව දක්නට ලැබෙන කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය මෙම උපාය මාර්ගයේ ප්‍රධාන කොටසක් බව එක්සත් ජනපදය සහ ඉන්දියානු මූලෝපායඥයින් නේවා දුන්නා. එය කල්පියක් බව කියමින් චීනය ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. චීනය කියා සිටින්නේ එම කටයුතු ද්වීපාර්ශවීය ගිවිසුම් මඟින් කරන ආයෝජන පමණක් බවයි. එහි කිසිදු හමුදාමය අවශ්‍යතාවක් තමන්ට නැති බව ද චීනය අවධාරණය කරනවා. කෙසේ වෙතත්, හම්බන්තොට වරායේ ආරම්භක අදියරේ දී චීන හමුදාව සිටීම පිළිබඳව ශ්‍රී ලංකාවේ කතිකාවක් ඇතිවුණනා. නමුත් එය ශ්‍රී ලංකාවේ සහ චීනයේ ආණ්ඩු දෙකම තරයේ ප්‍රතික්ෂේප කළා.
මෙම සන්දර්භයක් තුළ, චීනය පාලනය කිරීමේ උත්සාහයක් සඳහා ආරක්ෂක හා සමුද්‍රීය සන්ධාන කිහිපයක් මතුවෙමින් පවතින බව ඉහත සඳහන් වර්ධනයන් දෙක හේතුවෙන් යමෙකුට තර්ක කිරීමට පුළුවන්. එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර මූලෝපායික සංවාදයක් වන Quadrilateral Security Dialogue (QUAD) එවැනි කලාපීය සහයෝගිතා ආරක්‍ෂක ප්‍රතිචාරයක්. මෙම ජාතීන් හතරේ නායකයින් ප්‍රථම වතාවට 2021 සැප්තැම්බර් මාසයේදී වොෂිංටන් ඩීසී හිදී හමු වුණා. ඔවුන් අතර ඕස්ට්‍රේලියාව මීට සති කිහිපයකට පෙර AUKUS (ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය) ගිවිසුම අත්සන් කිරීමේදී වඩාත් ආක්‍රමණශීලී ක්‍රමයක් අනුගමනය කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන සංවර්ධනය කිරීමට ඉඩ සලසනවා. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොකළ ද, මෙම පියවර චීන පැමිණීමට එරෙහිව ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වීම සඳහා බව පැහැදිළියි. නමුත්,  ප්‍රංශය සහ නේටෝව වැනි බොහෝ සාම්ප්‍රදායික සඟයන්ගේ විරෝධතා හේතුවෙන් මෙම ඕකස් ගනුදෙනුව ආසාර්ථක වුණා.
අනෙක් අතට, චීනයට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාවට වෙන්වූ සාමූහික ඉන්දු-පැසිෆික් උපාය මාර්ග දියත් කර තිබෙනවා. 2016 ඕස්ට්‍රේලියානු ආරක්ෂක ධවල පත්‍රිකාව මගින්, රටේ ආරක්ෂක අවශ්‍යතා සඳහා වූ උපාය මාර්ගික සැලැස්මක් ගෙනහැර දක්වමින් ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් පිරිනමා තිබෙනවා. ඒ අනුව වසර තුනකට පෙර කොළඹ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු පත් කරනු ලැබුවා. අපේ ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික න්‍යාය පත්‍රය තුළ ඕස්ට්‍රේලියාව සමඟ අපගේ ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය ද ඉහළ ප්‍රමුඛතාවයක් බවට පත්වෙමින් තිබෙන බව එයින් පෙන්නුම් කෙරෙනවා.
මෙම සන්දර්භය තුළ, එක්සත් ජනපදයේ පවතින ආධිපත්‍යය සහ චීනය වැනි නැගී එන බලවතුන්ද ප්‍රධාන වශයෙන් ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් සමබර කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත්ම අංගයක් බවට පත්වනවා. දැනට එක්සත් ජනපදයේ සියලුම නැව් සඳහා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන සිංගප්පූරුවෙන් අපට බො‍හෝ පාඩම් ඉගෙන ගත හැකියි. සංචාරක යුද නැව් සඳහා සැපයුම් සහය ලබා දීම ද ඉතා ලාභදායී ව්‍යාපාරයක්. එමෙන් ම විදේශීය යුද නැව් චාරිකා සඳහා රටක ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය අතිශයින් වැදගත් වන බව සඳහන් කිරීම විශේෂත්වයක්.
තවත් වැදගත් කරුණක් නම්, සිය ප්‍රතිවාදී සුපිරි බලවතුන්ගේ ක්‍රීඩා පිටියක් බවට ශ්‍රී ලංකාව පත්වනවාට අකමැති අපේ අසල්වැසි ඉන්දියාවේ බලපෑමයි. කොළඹ වරාය ඉන්දියාවට අතිශය වැදගත් ස්ථානයක් බව තර්කයක් නැහැ.  එහි බහාලුම් කළ භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 60 ක් හසුරුවනු ලැබෙනවා. කන්ටේනර් ප්‍රවාහනය කරන ලොව විශාලතම නැවකට පවා කොළඹ වරායට ඇතුළු වීමට හා භාණ්ඩ ගොඩබෑමට හැකි බව සනාථ කරමින් පසුගිය සතියේ එවැනි නෞකාවක් කොළඹ වරායට සේන්දු වුණා. එයින් පෙනී ගියේ කොළඹ වරාය දැන් ලොව විශාලතම වරායක් බවට සිය ධාරිතාව වැඩි කරගෙන ඇති බව. 
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත්ම අරමුණ වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු වීමයි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ දී චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යයාගේ ඉපැරණි ඉන්දියානු දාර්ශනිකයා සහ රාජකීය උපදේශක විසින් රචිත කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ ඉගැන්වීම් මගින් ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය ආභාෂය ලැබූ බව කියවෙනවා.
කුමන තත්ත්වයක් යටතේ වුවද සිය ක්‍රියාවන්ගෙන් ඉන්දියාවේ ආරක්‍ෂිත අවශ්‍යතාවන්ට තර්ජනයක් නොවන අයුරින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ප්‍රවේශම් විය යුතු බව රහසක් නෙවෙයි. සමීපතම අසල්වැසියා අපේ ගෘහ ජීවිතයේ පවා වැදගත්ම පුද්ගලයා වන අතර එම කරුණ රටේ විදේශ ප්‍රතිපත්ති සැකසීමේදී පවා අදාළයි. කිලෝ මීටර් දහස් ගණනක් ඈතින් සිටින සඟයන්ට වඩා ඔබ අනතුරේ හෝ අර්බුදයේ සිටින විට ළඟම සිටින අසල්වැසියා වේගවත් ම ප්‍රතිචාර දක්වන්නා වන අතර මෑත කාලීන එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය වැනි සිදුවීම් එය අපට ඉගැන්වූවා. මේ හේතුවෙන්, ඉන්දු-පැසිෆික් සාගර කලාපයේ  දී සිය විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග යෙදවීමේ දී මෙවැනි සියලු කරුණු උගත් පාඩම් ලෙස සළකා ඒවා  ශ්‍රී ලංකාව හොඳින් මතක තබා ගත යුතු වනවා. 
(මෙම ලේඛකයා විශ්‍රාමික නාවික හමුදාපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇති ජාතික ආරක්ෂාව මෙන්ම ගෝලී ආරක්ෂාව පිළිබඳවද අත්දැකීම් සමුදායක් ඇති ප්‍රවීණයෙකි. ඔහු ගෝලීය ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළු කිහිපයකට ම සහාභාගී වූ අයෙකි.)

 මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

 ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි 

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කොටස් වෙළෙඳ පොළ සමාගම්වල ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන 05 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු 68,707ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 11,075ක් බවට පත්විය. අද දිනයේ දී...

මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන...

Google සමාගම මැතිවරණ දැන්වීම් පළකිරීම තහනම් කරයි

ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ.

කළුතරට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අද (01) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන‍්නේය. ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාවෙන් හමුවූ සුවිසල් මැණික් ගල්වලට සිදුවූ දේ

අශෝක ජයතුංග විසිනි මෙරට වෙලාගත් ඩොලර් බිලියන ගණනක් වන අධික ණයබර එක් රැයකදී ගෙවා නිමකල හැකි බවට  ප්‍රකාශ වූ...

මහින්දයේ හිටපු වැ.බ. විදුහල්පති පොලිසියට භාර වෙයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන තමන් වැඩ ආවරණය කළ විදුහල්පතිවරයාව සිටිය දී කළ බව කියන විෂමාචාර කිහිපයක්...

සිසුවකුගේ වෙඩි තැබීමකින්, සිසුන් තිදෙනකුට ජීවිතය අහිමිවෙයි

ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකකින් සිසුන් තිදෙනකු ‍මියගොස් තවත් සිසුන් සහ ගුරුවරු 08 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය...

වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට

වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ කාමරයක මේ...

කොළඹ කොටස් වෙළෙඳ පොළ දිනෙන් දින වාර්තා අලුත් කරයි

කොළඹ කොටස් වෙ‍ළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 62,630ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,054ක් බවට පත්විය. කොළඹ කොටස්...

සිරිසේන කුරේ සමුගනී

හිටපු අමාත්‍යවරයකු සහ කොළඹ නගරාධිපතිවරයකු ද වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වූයේය. පවුලේ ඥාතීන් පවසන්නේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!