spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ වාර්තා පිහිටුවද්දී තැරැව්කාර සමාගම් අධික ලාභ ලබයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 27,397ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,746ක් බවට පත්විය.

සමස්ත ‍කොටස් මිල දර්ශකය ඒකක 85කින් ඉහළ ගිය අතර කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම අගය වන ඒකක 9,709ක් වාර්තා කරන ලදී.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 387යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 272යි, ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 238යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 68යි, කොටගල වැවිළි සමාගම කොටස් මිලියන 14යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07යි ලෙස කැපී පෙණිනි.

වැඩි ම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් ලෙස සිංහ පුත්‍ර ෆයිනෑන්ස් (P) 18% කින් ද, කොමර්ෂල් ලීසිං සමාගම 16%කින් ද, සිංහ පුත්‍ර ෆයිනෑන්ස් 13%කින් ද ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 385ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 288ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 238ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එලිෆන්ට් හවුස් සමාගම කොටස් 191,000ක් රුපියල් 600.00 බැගින් ද, ජැට් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 24.00 බැගින් ද, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 27.50 බැගින් ද හැටන් නැෂනල් බැංකුව කොටස් 263,000ක් රුපිය් 150.00 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 32ක කෙටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 227ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී විදේශීය ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 195ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

මේ වසර තුළ දී පමණක් විදේශ අයෝජකයන් විසින් රුපියල් බිලියන 45.468ක  මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත. විදේශීය ආයෝජකයන් අද දිනයේ කොටස් මිල දී ගත් සමාගම් අතර ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 10යි, රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 06යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 01ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 115යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 20යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 15යි ලෙස සඳහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාවර තැන්පත් සඳහා ලබාදෙන පොලී අනුපාතිකයන් පවතින පහළ මට්ටමෙන් පවත්වාගෙන යාමත්, භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීමත් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළට විශාල වශයෙන් දේශීය ආයෝජකයන් මුදල් ආයේජන කරනු දක්නට ලැබෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්වල කොටස් ආයෝජන ගිනුම් ආරම්භ කිරීමේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්වා තිබෙන අතර තැරැව්කාර සමාගම්වල සහ ආයෝජන උපදේශකවරුන්ගේ ඉපයීම් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!