spot_img
spot_imgspot_img

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය.

දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 46කින් පහළ ගිය අතර දිනය අවසානයේ එය ඒකක 8,801ක් ලෙස දැක්විණි.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,314යි ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 604යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 540යි ලෙස කැපී පෙණිනි. වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 58යි, සිට්‍රස් ලෙෂර් සමාගම කොටස් මිලියන 34යි, එස්එම්බී ලීසිං සමාගම කොටස් මිලියන 09 ලෙස මූලික විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර නේෂන් ට්‍රස්ට් බැංකුව ( ඡන්ද බලය රහිත) 10%කින් ද, අනිලානා හෝටල් සමාගම 10%කින් ද, මුලර්ස් සමාගම 09%කින් ද ප්‍රධාන විය.

අද දිනයේ සංවෘත කවය තුළ කොටස් හවුමාරු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 600,000ක් රුපියල් 168.50 බැගින් ද, සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 49.50 බැගින් ද හුවමාරු විය.

ජෝන් කීල්ස් සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් එනම්, කොටස් ලක්ෂ 40කට අධික ප්‍රමාණයක් රුපියල් 130.00 බැගින් ගනුදෙනු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 324ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 246ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 91ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 596ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 504ක මුදලක් ශුද්ධ ලෙස කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. ඒ අනුව විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම රුපියල් මිලියන 30ක ද, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 24ක් ද, සිලෝන් ටුබෙකෝ සමාගම රුපියල් මිලියන 11ක් ද වශයෙන් ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 585ක ද, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 4.9ක් ද, නෙස්ලේ සමාගම රුපියල් මිලියන 01ක් ලෙස ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වල ආදායම් ඉහළ ගොස් ඇත. මේ අතර ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ආරම්භ කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැළකෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කර අද දිනට වසර 07 ගත වෙයි. ඒ අනුව 2014 වර්ෂයේ සිට මේ දක්වා ව්‍යාපෘතියේ මූලික ආයෝජනයන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

එම වරාය ව්‍යපෘතියේ ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කිරීමට ආයෝජකයන් සඳහා ඉතා ඉක්මණින් චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම සමඟ ශ්‍රී ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබේ. ඉදිරි වසර 25ක කාල සීමාව තුළ වරාය නගර ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 15ක ආයෝජනයන් ආකර්ශනය වනු ඇතැයි විශ්වාසය පළකර ඇති අතර එම බොහෝ ආයෝජන සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ද ආයෝජනය කරනු ඇතැයි ආයෝජකයන් අතර විශ්වාසයක් පවතී.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!