spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

පුවත්

විදෙස්

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින එවකට ගාල්ල වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චිට ලැබී ඇති ස්ථාන මාරුවීම බාර නොගෙන මඟ හරිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

එම එන්නත් ජාවාරම rata.lk පළමු වරට අනාවරණය කළ අතර වෛද්‍ය වෙනුර සිංගාරච්චි විසින් එන්නත් ලබාදෙන ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි පවා අප වෙබ් අඩවියෙන් මෙන් ම වෙනත් මාධ්‍ය මගින් ද ප්‍රචාරය කෙරිණි. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ගාල්ල අපරාධ පරීක්ෂණ අංශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

වෙනුර සිංගාරච්චි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ධූරයෙන් ඉවත්කර ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රිද්ම රෝග අංශයට මාරුකර යවා තිබිණි. එම ස්ථානයේ රාජකාරී භාර ගැනීම දින ගණනක් ප්‍රමාද කරමින් සිටි වෙනුර සිංගාරච්චි වෛද්‍යවරයා පසුව එහි රාජකාරියට වාර්තා කළේය.

නමුත්, දැන් ඔහුට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් විනය හේතුන්මත තවත් ස්ථානමාරුවක් ලබා දී තිබේ. ඒ හම්බන්තොට රෝහලේ වෛද්‍ය නිලධාරීවරයකු ලෙසිනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති එම ස්ථාන මාරුවීමේ සඳහන් කර ඇත්තේ විනය හේතූන්ත සිදුකරන මාරුවීමක් බැවින් මෙය කිසිදු ආකාරයකින් වෙනස් කළ නොහැකි බවයි.

මෙම ලිපිය තමන් වෙත නිකුත්කර ඇති බව දන්නා වෛද්‍ය වෙනුර සිංගාරච්චි දැන් එම ලිපිය භාර නොගෙන මඟ හරිමින් සිටින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහුට අදාල ලිපිය භාරදීමට ගිය විට ඔහු දැනට අනුයුක්ත කර ඇති හෘද රිද්ම ඒකකයේ ඔහු නැති බව ද ඔහු හිතාමතාම මෙම ලිපිය භාරගැනීම මඟහරින බව ද වාර්තාවෙයි.

මේ පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට කියා සිටියේ වෙනුර සිංගාරච්චි වෛද්‍යවරයාට ලබා දී ඇති ස්ථානමාරුවීම අනුව ඔහු හම්බන්තොට රෝහලේ රාජකාරී භාර නොගන්නේ නම් සේවය හැරගියා සේ සැළකීමට සිදුවන බවිය.

දැනට අධිකරණයේ වාරණයට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයකු වන වෙනුර සිංගාරච්චි වෛද්‍යවරයා දැන් එම සංගමයේ වාරණයට ලක්ව සිටින නිලධාරීන් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට බලපෑම් කරමින් මාරුවීම අවලංගු කරගැනීට විශාල උත්සාහයක නිරතව සිටින බව ද වාර්තා වෙයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!