spot_img
spot_imgspot_img

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

පුවත්

විදෙස්

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක් බවත් එම නිෂ්පාදනය ලබාගන්නා විශාල පිරිසක් කොරෝනා හේතුවෙන් මියයන බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ අධ්‍යයනයකින් හෙළි විය.

මෙම අධ්‍යයනය සිදුකරන ලද්දේ පසුගිය අගෝස්තු 01 වැනි දා සිට ඊයේ (16) දක්වා ගත වූ කාලයේ දී කරාපිටිය ශික්ෂණ රෝහලට ලැබුණු කොරෝනා මරණ ආශ්‍රිත කරගනිමිනි.

අගෝස්තු මාසයේ දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට කොරෝනා මළ සිරුරු 227ක් ලැබුණු අතර ඉන් 107ක් නිවෙස්වල දි සිදුවූ මරණ පසුව කොරෝනා බව තහවුරු කරගන්නා ලද ඒවා වෙයි. අනෙක් මළ සිරුරු 120 කොරෝනා බව තහවුරු වී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය අයගේ මළ සිරුරුය.

සැප්තැම්බර් මස 01 වැනි දා සිට ඊයේ (16) දිනය දක්වා පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලට කොරෝනා මරණ 113ක් ලැබී තිබූ අතර ඉන් මරණ 59ක් සිදුව තිබුණේ රෝහලේ වාට්ටු තුළ දී ය. අනෙක් මරණ 53 ම නිවෙස්වල මියගොස් රෝහලට මළ සිරුර ගෙන ආ පසු ආසාදිත බව තහවුරු කරගත් ඒවා වෙයි.

මෙම මළ සිරුරු අතර එම ව්‍යාජ ඖෂධය බෙදාහැරීමේ දී ප්‍රචාරක කාර්යය භාරව සිටින ගාල්ල කරාපිටිය පදිංචි පුද්ගලයකුගේ මවගේ මළ සිරුර ද තිබේ.

මෙම මව රෝගී වූ අවස්ථාවේ දී වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන එම නිවසට පවා ගොස් ඇයගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සාහයක නිරතවුව ද එම සියලු උත්සායන් ව්‍යර්ථ කරමින් ඇය මියගියාය. උදාර සම්පත් සහ ඔහුගේ සොහොයුරු නන්ද ගුණවර්ධනගේ නිෂ්පාදනය බොරුවක් බව එය ඉතාමත් හොඳ ප්‍රබල සාක්ෂියකි.

එම මරණය නොසළකා හැර ඉහත කාල සීමාවේ දී එනම් අගෝස්තු 01 වැනි දා සිට සැප්තැම්බර් 16 දක්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මරණ අතරින් අප විසින් අහඹු ලෙස තෝරාගත් මරණකරුවන්ගේ ඥාතීන් 100කට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන ලදී.

එම නියැදියේ දී අප විසින් තෝරාගන්නා ලද්දේ කොරෝනා ආසාදිත බව කලින් දැනගෙන මියගිය පුද්ගලයන් පමණි. පළමුවෙන් ම එලෙස මියගිය අයට උදාර සම්පත් ගුණවර්ධනගේ කරල ඖෂධයක් ලෙස ලබාදුන්නේ ද නැද්ද යන පැනය යොමුකරන ලදී. මෙම විමසීම් කරන ලද්දේ ඥාතීන් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂකවරයාගේ කාර්යාලයට පැමිණ මරණ පරීක්ෂණ කටයුතු වළ යෙදී සිටින අවස්ථාවේ දී ය.

අප විසින් අහඹු ලෙස තෝරාගන්නා ලද 100ක පිරිස අතරින් 59 දෙනකු  කොරෝනා හේතුවෙන් සිය ඥාතියා මරණයෙන් වළක්වා ගැනීම සඳහා කරාපිටියේ කොරෝනා කරල ලෙස ප්‍රසිද්ධ කර ඇති උදාර සම්පත්ගේ ව්‍යාජ ඖෂධය භාවිතා කර තිබිණි. ඉන් 07 දෙනකුට එම කරල ලැබී තිබුණේ වෙනත් පුද්ගලයන්ගෙන් නොමිළයේ වන අතර ඉතිරි 52දෙනාම එය තම මියගිය ඥාතියාට මුදල් ගෙවා ලබා දී තිබිණි.

අප කරන ලද සමීක්ෂෙණයේ දී එම ව්‍යාජ ඖෂධය භාවිතා නොකළ 41 දෙනාගෙන් 18 දෙනකු මෙම ඖෂධය ගැන දැන සිටියේ නැත. 13 දෙනෙක් එම ව්‍යාජ ඖෂධය දැන සිටිය ද කොරෝනා ආසාදිත ඥාතියා රෝහල්ගත කිරීම හේතුවෙන් එම කරල ලබා දීමට හැකියාවක් නොවූ බව පවසා සිටියහ. 10 දෙනකු එම නිෂ්පාදනය ගැන දැන සිටිය ද ඔවුන් එය පිළිබඳ විශ්වාස නොතැබූ බැවින් ද රෝහලේ සිටින තම ඥාතියාට එය රැගෙන දීමට උනන්දුවක් දක්වා නැත.

මෙම කරල ගැන දැන සිටි එය භාවිතා කළ 59ක් හා භාවිතා නොකළ 23 දෙනා එක කණ්ඩායමක් ලෙස සැළකූ විට  82ක් වූ එම පිරිසගෙන් එය නිෂ්පාදනය පිළිබඳ ඔවුන් දැනගත් ආකාරය ද අපි විමසා සිටියෙමු.  එහි දී ඔවුන්ගෙන් 36 දෙනකු (43.9%) කියා සිටියේ එම නිෂ්පාදනය පිළිබද අන්තර්ජාලයේ ප්‍රචාරයන්ගෙන් තමන් ඒ ගැන දැනගත් බවයි. 31 දෙනකු (37.8%) කියා සිටියේ වෙනත් අය මේ ඖෂධ්‍ය තමන් ඇතුළු පවුලේ අයට හඳුන්වා දුන් බවයි. 11 දෙනකු (13.41%) තමන් මේ ඖෂධය දැනගත්තේ කවර හෝ මාධ්‍ය ප්‍රචාරයක් මගින් වුව ද එය රූපවාහිනී නාලිකාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. නමුත් ඒ ගැන නිශ්චිත මතකයක් නැත. පුද්ගලයන් 02 දෙනකුට උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයා තම මෝටර් රථය නවතා මෙම ඖෂධය ලබා දී තිබූ අතර කොරෝනා ආසාදිත වුවහොත් භාවිතා කරන ලෙස ද ඉන් මරණයෙන් වැළකිය හැකි බව ද පවසා තිබූ බැවින් තම ඥාතියාට දී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 0.3% කි. තවත් පුද්ගලයන් 02දෙනකු කියා සිටියේ ඖෂධ මිල දී ගන්නා ස්ථානයක දී කොරෝනා සුවපත් කරන බව පවසා මෙම ඖෂධය පිළිබඳ හඳුන්වාදුන් බැවින් එය මිල දී ගත් බවයි.  එය ද ප්‍රතිශතයක් ලෙස 0.3%කි.

මෙම සමීක්ෂණය අනුව පැහැදිලි වන්නේ රටේ ජනතාව මොවුන්ගේ මේ ව්‍යාජ ප්‍රචාරයට රැවටී ඇති බවයි. එලෙස රැවටී ඇති සංඛ්‍යාව අප ලබාගත් නියැදියෙන් 82%කි. එසේ වුව ද එය භාවිතා කර ඇත්තේ 59%ක් පමණි.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සහ ආචාර්ය නන්ද ගුණවර්ධන මේ ඖෂධය කොරෝනා මරණ වැළැක්වීමට හැකියාව ඇති නිෂ්පාදනයක් යැයි කීව ද කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයෙන් අප අහඹු ලෙස තෝරාගත් මළ සිරුරු 100ක ඥාතීන් අතරින් 59 දෙනකුම මේ නිෂ්පාදනය භාවිතා කළ ද මියගොස් ඇති බව සනාථ විය.

මෙම නිෂ්පාදනය තමන් කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයන් ඇතුළු 10,000කට වඩා වැඩි පිරිසකට ලබා දී ඔවුන් සුවපත් කිරීමට හැකිවූ බව ගුණවර්ධන සහෝදරයන් දෙපෙළ කියා සිටි‍ය ද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් ප්‍රනාන්දු එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

“එහෙම ඖෂධයක් නැහැ. එවැනි ඖෂධයක් හෝ වෙනත් නිෂ්පාදනයක් පිළිබඳ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන අපිට කියලත් නෑ. කරාපිටිය රෝහලේ එවැනි පර්යේෂණයක් හෝ සිදුකර නැහැ. ඒ වගේම මම පැහැදිළිවම කියනවා කරාපිටිය රෝහලට පැමිණෙන කිසිම කොරෝනා ආසාදිතයකුට මේ කියන නිෂ්පාදනය අපි ලබාදීලත් නැහැ. වෛද්‍ය උදාර සම්පත් පවා ඒ නිෂ්පාදනය කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන්ට ලබා දෙන්නේත් නැහැ. ඔහු විවිධ කතා කියනවා. මේ කතා ගැන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඒ ගැන දැනට පරීක්ෂණයක් ආරම්භ කරලා. මම දන්නා විදියට වෛද්‍ය උදාර සම්පත්ගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගත්තා. ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අමාත්‍යාංශ මට්ටමින් ගනීවි.”

රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ උදාර සම්පත් ගුණවර්ධන නිෂ්පාදනයක් ගැන කරනු ලබන ප්‍රචාරයන් කිසිමකට කරාපිටිය ශික්ෂණ රෝහලේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

6 COMMENTS

  1. මගේ අක්කගෙ දුවට දින 18 ක් පුරා වැක්සින් ගැසූ දින රාත්‍රී යෙ පටන් දැඩි කොන්දෙ අමාරුවක් තිබ්බා. පසුව දිනකිහිපයකට පෙර සිට මෙම කරල කරුණු විමසීමෙන් පසුව භාවිතා කළා. පසුවදා සිටම වේදනාව අඩු වුණා. දැන් සුවයි. ( අවු.18 යි) ඇය සමග ඉගෙනගත් තත් සිසුවියකට වැක්සින් ගැසූ දින රාත්‍රී සිට මුහුණ ඉදිමී ,පලු ඇගේ දමා තවමත් රෝහලේ ප්‍රතිකාර ගන්නවා. තව විවිධ අබාද ඇති අය විශාල පිරිසක් ඉන්නවා දැනුවත්ව . ඒ අය පිරිසකට මේ කරල ගැන කියූ පසු භාවිතා කර සුව වුණා. එයින් පැහැදිලිව පේනවා මෙහි යම් ගුණයක් ඇති බව. කොරෝණා හැදුණු අයත් මෙය බීලා අපහසුතා අඩුවූ බව කියනවා. නමුත් කොරෝනා හැදුණු අයට එය මොනාආකාරයෙන් ක්‍රියා කරනවාදැයි මට හරියටම කියන්න බැහැ. මොකද නිකම්ම හොඳ වෙන අයත් ඉන්න නිසා. නමුත් වැක්සින් හොඳයි කියා කොහොමද කියන්නෙ ඔයාල.? ඒවා ගහලා කී දෙනෙක් මැරිල තියෙනවද. මංගල සමරවීර ලක්ෂ ගානක වැක්සින් එකක් ගහලත් මළා.එතකොට මේ වැක්සින් ගැන ඔයාල ඔය සමීක්ෂණ කරන්නෙ නැතිද.? අනික කරාපිටියෙ රෝහලේ ලොක්ක නම් පපුව හොඳ නැති එකෙක් බව පැහැදිලිව පේනවා..එහෙව් එකෙක් ඇත්ත කියයි කියා හිතන්න බැහැ.

  2. ඕකනම් මිනිස්සු ගන්නේ කැමතිනම් විතරනේ… ඒ වගේද එන්නත්? බල කරලා බය කරලා ගහන්නේ…ඒ ගහපු අයට හැදෙනවා..හැදෙන අයගෙන් බෝ වෙනවා..ගහපු අය මැරෙනවා…ඒවටත් කරමුද සමීක්ෂණයක්?

  3. Rata lk හැරගිය මා මිතුරෙක් එවූ ලින්ක් එකෙන් මෙයට නැවත එක්වඋනා. මෙවර යම් කරුණු ටිකක් අහුලාගෙන ඇති හැඩයි. එය අගය කරණවා. එක් වරෙක ඔබේ මෝඩ ඇඩ්මින්ලාගෙ බොරු නම් වලින් පහත් සංවාදය ක මා පැටලුවා. එයින් ඔබේ rata lk තුළ ඇති බාල ,පහත් වයිරය තවත් තහවරු වුණා. එබැවින් මේ කරුණු සත්‍ය වුවත් මා පිලිගන්නේ නම් නැහැ. මුල් වර මා පැහැදිලිව මේ කරල හා බැදුණු පුවතේදී පෙන්වා දුන්නේ ඒකපාර්ශ්වික බවයි. පැහැදිලි කරුණ නම් ලෝකයේ වයිරසයකට කිසිදු බෙහෙතක් නොමැතිකමයි. එකම පිළියම එයට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් ශරීරය සූදානම් කිරීමයි. වැක්සින් එකෙන් එය කක හැකි නම් ඒකෙ 2 ම ගත් අය ලෝකයේම මැරෙන්නෙ ඇයි? ඊඊශ්‍රායල් 3 dos ගියේ ඇයි? මෙයට විසදුම අපේ හෙළ වෙදකමේ තියෙනවා. කුහක ඔබත් කුඩා කළ සිට ඉ’ගුරු කොත්තමල්ලි බිව්වේත් එහෙම ගුණක් ඇති නිසයි. එය අවිද්‍යාව ද? කොරෝනාවට විස’දුම හැදෙන්න පෙර ප්‍රතිශක්තිකරණ පවත්වාගැනීමයි. ලෙඩාට නොව ලෙඩේට බෙහෙත් කිරීමයි. හෙළ වෙදකමේ ඊට ඕනෑ තරම් ඔසු තිබියදී, එයට පහරගැසීම කුහක බලු කම හැර වෙන කුමක්ද ? ඔබ ගසාගත් එන්නතෙ ප්‍රමිතිය සහතික කරන්නේ කොහොමද ? WHO දෙයියොද? එයාද හොඳ ටම කරේ? කවදාවත් අප වැනි රටකට බටහිර වෙදකම අනුවවත් බෙහෙත් හදා ලෙඩුන්ට දෙන්න බලවත් උන් ඉඩක් දෙයිද? අපේ පරයින් මෙහෙම පහර ගහනවා නම් සුද්දො ගැන කවර කතාද? කරාපිටියෙ කරල ප්‍රමෝට් කිරීමට මට කිසිදු උවමනාව ක් නැත. නමුත් එහි සිදුවන විද්‍යාත්මක ක්‍රමවේදය ගැන පැහැදිලියි . ඓහෙනම් කල යුත්තේ රජයක් හැටියට ඒකට හෝ වෙන එකකට හෝ පරීක්ෂා කර ඉක්මනින් අපේ රටේ උන්ට බොන්න දීම නොවේද? මෙතන ප්‍රශ්නය නම් පරීක්ෂා කිරීමයි. S LS වැනි ආයතන වල ප්‍රමිතිය පොල් තෙල් ප්‍රශ්නයේදී නිරුවත හෙලිවුණි. මේ රටේ කෙරෙන රජයේ පරීක්ෂණ එලෙසය. එහෙයින් කුහක නොවී අපේ හෙළ බෙහෙතක් හරියට හදාගන්න උදව් කරන්න.මොකද වැක්සින් ගසා මිනිස්සු මළාට, අත පය කොර වුණාට, හෙළ බෙහෙත් බිවූ නිසා මෙතෙක් කිසිදු මිනිසෙක් ඒ නිසා මිය ගොස් නැත.

  4. කොවිඩ් යනු වෛරස් රෝගයක් . වෛරස් රෝග සුව කරන්න පිටතින් බෙහෙත් දීල හරියන්නේ නැහැ. ශරීරය තුළ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් පමණ යි එය සුව වෙන්නේ . වෛරස් රෝග සුව කරගන්න එකම කුමය ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගැනීම. වැක්සීන වලින් කරන්නේ ත් රෝගයට අදාලව යම් ප්ප්‍රතිශක්තියක් ශරීරය තුළ හදන එක. මේ කිසිදු ක්‍රමයකින් වෛරසය ශරීර ගත වෙන එක වලකාලීමට නොහැකිය . සිදු වන්නේ ශරීර ගත වූ පසු ප්‍රතිශක්තිය මගින් වෛරස් බලපෑම් අඩු කරන එක. ශරීර ප්‍රතිශක්තිය පුද්ගලයන් අනුව වෙනස් වෙනවා. එය තේරුම් ගන්න . තමන්ගේ වෙනත් රෝග ඇති නම් ප්‍රතිශක්තිය දුර්වල වෙන්න පුළුවන් . එනිසා එන්නත හෝ වෙතත් කුමන උපක්‍රම භාවිතා කලත් වැඩක් නොවෙන්න පුළුවන් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!