spot_img
spot_imgspot_img

ජනතාවගේ අසීරුතා අමතක නොකළ “සණස” සම්මාන දෙකකින් පිදුම් ලබයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය දා “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සම්මානය සහ “Most Sustainable Micro Insurance Company” සහ සම්මාන දිනාගැනීමට සමත්විය.

කොරෝනා වසංගත කාලයේ දී ක්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සම්මානය එම සමාගමට හිමි වූ අතර ශ්‍රී ලංකාවේ වඩාත් තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම බවට පත්වෙමින් “Most Sustainable Micro Insurance Company” යන සම්මානය ද හිමිව තිබේ.

මෙම සම්මානය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් සහිත World Economics සඟරාව මගින් කරනු ලබන අධ්‍යයනයක් අනුවය.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව වාරික ගෙවාගත නොහැකිව රක්ෂණ අක්‍රිය වූ ජීවිත රක්ෂණ හිමියන් 21,000කට වැඩි පිරිසකගේ වාරික ගෙවා එම රක්ෂණ ඔප්පු යළි බලාත්මක කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු කර තිබිණි. සණස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිදුකළ එම කාර්යය මූල්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ පැසසුමට ලක්විය.

මීට අමරතව ජාතික කොවිඩ් 19 අරමුදලට මූල්‍ය දායකත්වය සපයමින් නිවෙස්වලට ගොස් අත්‍යාවශ්‍ය ආහාර පාන හා මුඛ ආවරණ ලබාදීම ඇතුළු සමාජ සත්කාර රැසක් ද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ක්‍රියාත්මක කර තිබිණි.

රක්ෂණයේ ප්‍රතිලාභ ශ‍්‍රී ලංකාවේ දසත විසිරුණු ග්‍රාමිය ජනතාවට රැගෙන යාමට විශාල මෙහෙයක් සිදු කිරීම සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට ප්‍රමුඛතම තිරසාර ක්ෂුද්‍ර රක්ෂණ සමාගම ලෙස පත්වීමට හේතුවක් විය.

ජනතාවට වඩාත් සමීපව කාර්යක්ෂම සේවාවක් සැපයීම හේතුවෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ව්‍යාපාරයකටත් වඩා සමාජ සත්කාර ආයතනයක් ලෙස ජන මනස තුළ ස්ථානගත වී ඇත. “ කොරෝනා වසංගතය හමුවේ ව්‍යාපාරවලට මුහුණ දීමට සිදුවූ දැඩි අසීරුතා මධ්‍යයේ වුව ද ග්‍රාමිය ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරන සමාගමක් ලෙස සියලු පාර්ශ්වවල යහපත වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියටත් විවිධ මූල්‍ය අවශ්‍යතා සහිත ජනතාව අතරට අපේ ව්‍යාපාරය ගෙන ගොස් ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!