spot_img
spot_imgspot_img

රටක් රනින් බැබළවූ අසිරිමත් ජයග්‍රහණය

පුවත්

විදෙස්

ඉමහත් කැපවීම හමුවේ ජයග්‍රහණයට වෙනත් කිසිදු බාධාවක් නැති බව සනාථ කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් ද සමගින් 2020 පැරාලිම්පික් තරඟවාලියේ F46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වූයේය.

ඔහු මෙම දස්කම දැක්වූයේ මීටර 67.79ක් දුරට හෙල්ල විසි කරමිනි.

ඔවුන්ගේ මෙම ජයග්‍රහණයේ ප්‍රධාන කොටස් කරුවකු මෙන්ම දිරිමත් කරන්නා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමයි. ඩයලෝග් සමාගමේ අනුග්‍රහයෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩාය ‍2020 ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියට සහභාගී වූ අතර ජාතික පැරා‍ලිම්පික් කමිටුවට සහ ශ්‍රී ලංකා යුද හමුදා පැරාලිම්පික් ක්‍රීඩා කමිටුවට ද අඛණ්ඩව අනුග්‍රහය දක්වයි.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් ප්‍රියන්ත මීට ඉහත දී ද පැරාලිම්පික් පදක්කම් ලැබූ  අත්දැකීම් සහිත මෙන්ම ජ්‍යෙෂ්ඨතම ක්‍රීකයෙකි.

යුද හමුදා සේවයේ නිරතව සිටිය දී 2008 වර්ෂයේ කිලිනොච්චිය අක්කරායනකුලම් හි දී ත්‍රස්වාදීන්ගේ වෙඩි ප්‍රහාරයකින් වම් අත ආබාධිත තත්වයට පත්වීම හේතුවෙන් දිනේෂ් ප්‍රියන්ත වසර හතරක කාලයක් ප්‍රතිකාර ගත්ත ද එම අත වැලමටෙන් පහළ සදාකාලික අකර්මන්‍ය තත්වයකට පත්ව තිබේ.

රට වෙනුවෙන් දිවි පිදීමට වුව ද සූදානමින් රණ බිමට ගිය ඔහු ආබාධිතයකු වුව ද කිසිදිනක අධෛර්යමත් නොවූ හෙතෙම ජීවිතය ජයගැනීම සඳහා එම ආභාදිත තත්වය බාධාවක් කරගත්තේ නැත. අභියෝගයක් යනු තවත් ආකාරයකින් ආශිර්වාදයක් ම බව සනාථ කරමින් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමු වූ දිනේෂ් ඉන් වසර 04කට පසු ක්‍රීඩකයකු ලෙස තරඟ කිරීමේ වරම් දිනා ගන්නේ කොතරම් බාධක පැමිණිය ද පෙරළා ජීවිතයට මුහුණ දිය හැකි බව ලෝකයා ඉදිරියේ පසක් කරමිනි.

දිනෙන් දින සුවපත්වන මනසත්, වර්ධනය වන දක්‍ෂතාවයන් ද සමගින් ක්‍රීඩකයෙකු ලෙස සිය ස්ථාවරත්වය සකසා ගැනීමට සමත් වූ දිනේෂ්, දේශීය තරඟවල දී සිය දක්‍ෂතාවයන් පෙන්වමින් පළමු වරට 2016 වසරේදී රියෝ පැරාලිම්පික් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගගත්තේය.

එම ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර අවධානය දිනාගත් දිනේෂ් ශ්‍රී ලංකාවේ පැරාලිම්පපික් බලාපොරොත්තුව බව ශ්‍රී ලාංකීය සැමට ඒත්තුගැන්වීමට සමත්වූයේය.  

2017 වසරේ දී ලන්ඩන් නුවර පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගයේදී ලෝකඩ පදක්කම, 2018 වසරේ ජකර්තා නුවර පැවති ආසිායනු පැරා තරගයේදී රන් සහ 2019 වසරේ ඩුබායි නුවර පැවති පැරා මළල ක්‍රීඩා තරගයෙන් රිදී පදක්කම ආදී වශයෙන් අඛණ්ඩව ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ද හෙතෙම සමත්වූයේය.

ගෝලීයව පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ තත්වයන් තුළ විධිමත් ආකාරයෙන් සිය පුහුණුවීම් කාර්යයන් කිරීමේ අවකශය නොලැබී යාමේ තත්ත්වයක් තුළ වුවද, සිය ක්‍රීඩාශීලීත්වය මෙන් ම අධිෂ්ඨානය ද එක ලෙස රඳවා ගබා ගැනීමට සමත් වූ දිනේෂ්, ක්‍රීඩාව වෙනුවේන කරන ලද දැඩි කැපවීමත් නිරන්තර පුහුණුවත් හේතුවෙන් මෙවර පැරාලිම්පික් තරඟාවලියේ ඔහු රන් පදක්කමක් දිනා ගනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව විය.

රටේ සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ එම බලාපොරොත්තුව මල්ඵල ගන්වමින් ඔහු අපේක්ෂිත ඉලක්කය දිනා ගැනීම ශ්‍රී ලාංකීය පැරාලිම්පික් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් අංශයෙන් පමණක් නොව සමස්ත මළල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේම නව පිබිදීමක් ඇතිවීමට හේතුවක් වනු නොඅනුමානය.

ශ්‍රී ලංකාව පළමු වරට පැරාලිම්පික් තරගාවලියක් සඳහා සහභාගි වෙන්නේ 1996 වසරේදිය. ඉන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම හිමිකර දෙනු ලබන්නේ 2012 වසරේ ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 පිරිමි ධාවන තරගය නියෝජනය කරමින් සහභාගී වූ හිටපු යුධ හමුදා සෙබළ ප්‍රදීප් සංජය යි. 2016 දී රියෝ ද ජැනයිරෝ නුවර පැවැති පැරාලිම්පික් තරඟාවලියේ දී දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් පැරාලිම්පික් තරඟාවලියක මෙරටට ලැබුණු දෙවැනි පදක්කම හා ඔහුගේ පළමු පදක්කම දිනා ගත්තේය. ඔහු මෙවර එම ඉසව්වේ ම ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනා ගැනීම ශ්‍රී ලාංකී ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!