බණ්ඩාරවෙල මැදි විදුහ‍ලේ තොවිල් නටයි. නව විදුහල්පති වස්දොස් යැවීමට ශාන්තිකර්මයක

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ රාජකාරී භාරගත් නව විදුහල්පතිවරයා ශාන්තිකර්මයක් පවත්වා වස්දොස් දුරුකරගැනීමේ අපූරු සිද්ධියක් වාර්තා වෙයි.

මොහු අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියෙකි.

නියෝජ්‍ය විභාග කොමසාරිස් ධූරයෙක් ද දැරූ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ මෙම නිලධාරියා බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පැමිණ ඇත්තේ හිටපු විදුහල්පතිවරයා ස්ථාන මාරුවීමක් ලැබීමෙන් අනතුරුවය.

හිටපු විදුහල්පතිවරයා ස්ථාන මරුකර දෙන ලෙස ඉල්ලා එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන පරිපාලකයන්ට දැඩි බලපෑමක් කළ අතර එම ධූරයට ගාල්ල මහින්ද විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරයාව සිටිය දි චෝදනා රැසකට ලක්වූ ගාමිණී ජයවර්ධන ගෙන්වාගැනීමට ද එම ආදි ශිෂ්‍ය සංගමයේ පිරිසක් උත්සායක නිරතව සිටියහ.

අලුතෙන් පත්ව ආ නව විදුහල්පතිවරයාට බණ්ඩාරවෙල නගරයේ රෙදි සාප්පුවකින් අලුතෙන්ම කලිසම් කෝට් පවා මිලදී ගෙන දීමට ආදි සිසුන් කටයුතු කළ අතර ඒවායින් සැරසී පැමිණි විදුහල්පතිවරයා උත්සවාකාරයෙන් පිළිගැනීම ද සිදුවිය. විදුහල්පතිවරයාගේ ‍නිල නිවසට ද නව උපකරණ පවා ලබා දී ඇති අතර ශාන්තිකර්මය ද එහි ම අංගයක් වී තිබේ.

මෙරට ඇති සංස්කෘතිය අනුව වැඩිවියට පැමිණි ගැහැනු ළමයකු නහවා ගෙට ගන්නා අයුරින් සුදු රෙද්දක් පොරවා ගත් අයකු විසින් විදුහල්පතිවරයා වෙනුවෙන් ශාන්තිකර්මයක් සිදුකර පොල් ගෙඩියක් ද බිඳ දමා තිබේ. මෙය සංවිධානය කළ පිරිස පවසන්නේ විදුහල්පතිවරයාට භූත දෝෂවලින් තොරව රාජකාරී කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා මෙලෙස භූතයන් එළවීමේ ශාන්තිකර්මයක් සිදුකළ බවයි.

වාර්ෂිකව වෛද්‍ය හා ඉංජිනේරු පීඨ ඇතුළුව විද්‍යා විෂයයන් හැදෑරීම සඳහා විශාල සිසු පිරිසක් විශ්වවිද්‍යාලය වෙත යොමු කරන මෙම විද්‍යාලය ආචීර්ණකල්පික ගෝත්‍රික යුගයකට නැවත අවතීර්ණ වීම කණගාටුදායක බව ඉන් උගත් ආචාර්ය මහාචාර්ය පදවි දරන විද්‍යාර්ථීහු පෙන්වා දෙති.

රජයෙන් වැටුප් ලබන අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියකු පාසලක විදුහල්පතිවරයකු වී තමන්ට අවශ්‍ය ඇඳුම් පවා ආදි ශිෂ්‍ය සංගමයෙන් ලබාගන්නා තරම් තත්වයකට පත්වීම ඛේදවාචකයක් බව බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රජාව චෝදනා කරති.

මෙය වර්තමානයේ විදුහල්පතිවරු ආදි ශිෂ්‍ය සංගමයෙන් අපේක්ෂා කරන පැකේජවල ස්වරූපයයි. මෙවැනි පැකේජ පිළිබඳ අපි rata.lk වෙතින් මීට පෙර ද හෙළි කළෙමු. දැන් ඒ පැකේජවලට පාසල්වල භූත දෝෂ දුරු කිරීම ද ඇතුළත්ව තිබේ. එවැනි පැකේජ ලබා රජයෙන් ලබන වැටුපට අමතරව වෙනත් වරප්‍රසාද හා වරදාන සඳහා එකඟ වී පැමිණෙන පරිපාලන සේවා නිලධාරීන්ගෙන් මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් සිදුවන්නේ ද යන්න ජනතාව ප්‍රශ්න කළ යුතුව ති‍බේ.

විද්‍යාලයක දියුණුවට කැපවීම ආදි ශිෂ්‍ය සංගමයක යුතුකම වන නමුත් රජයේ සේවකයෙකු වන විදුහල්පතිට වරදාන වරප්‍රසාද ලබා දීම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙලා ගෙන ඇති දූෂණවලට දිරි දීමක් බව ද ආදි සිසු සංගම් අවබෝධ කරගත යුතුය.

මෙවැනි මිත්‍යා විශ්වාස කරපින්නා ගත් නිලධාරීන්ට සමග “විද්‍යාලය” යන්නේ නියම අර්ථය හෝ තේරුම්ගත නොහැකිව තම රාජකාරිය කළ නොහැකි බව අපි අවසන් වශයෙන් අවධාරණය කරන්නේ මෙහි සිදුවන ඉදිරි ක්‍රියාවන් පිළිබඳ අපි අවධානයෙන් සිටින බව ද දැනුම් දෙමිනි.

9 COMMENTS

  1. වගකීමෙන්ද කියන්නෙ මේ? ඉස්කෝලයක් සම්බන්ද දෙයක් පිලිගත හැකි සාක්ශිත් එක්කම තිබ්බනම් වටිනවා.

  2. වේබ් පිටුවක ජනප්‍රියත්වය වර්ධනය කර ගැනිමට හා මූදලට කෑදර කමීන් තවකෙකුගේ කීමට විද්‍යාලයක කීර්ති නාමය පලූදු කිරිමට මේවැනි අකාරයේ පොස්ට් දැමීම ලැජ්ජා සහගත කරුණක්,

  3. ලැජ්ජයි! බොරු ප්‍රචාරය කරමින් website වල reach වැඩි කරගන්න තරමටම මේ website එක වැටිලා😂😂

  4. Ai me boru Katha godak gothanne. Wena wadak nadda. Ratata prayojanawath deyak dannako me nikan boru katha gotha gotha Dana welawe. Lajjaine anunge gossip hoyana eka.

  5. මේක උලුවස්ස තිබ්බ දවසෙ.ගත්ත.photo…ජරා .වැඩ.කරන්න එපා .මැදිවිදුහලෙ.සහ විදුහල් පතිගෙ.කීර්ති නාමය කෙලසන්න එපා .

    • කලින් හිටපු බුරුවා කියක් දුන්නාද… ඔක දාන්න.. 😂.. ඔකා හොරා ඔක්කොටම වඩා… බොරුවක් උනාත් හරියට දාපන් තත්වික නැ මේක 😂

  6. සාම්ප්‍රදායික උලුඅහු පැනීමේ චාරිත්ත්‍රයක් වත් නොදැකපු එකෙක් මෙ පොස්ට් දාලා තියන්න මුන්ට කියන්නෙ (කාලකණ්ණි ගොබ්බයො කියල)

  7. මේ ඌව පළාතේ හදවතබදු පාසලක් මෙම පාසල රැක ගන්න නව විදුහල්පතිතුමා බොහෝ දේ කැපකර පැමිණිබවට සාක්ෂිකරුවන් ගෙන් කෙනෙක් මම හදවතින්ම සැබෑ උවමනාවකින් මෙම පාසලට පැමිණියේ මෙවැනි අබූත චෝදනාවලින් සිදුවන්නේ මුලුමනින්ම ඌවේ ප්‍රදානම පාසලකට විදුහල්පතිවරයෙකුට හා ආදී සිසුන්ට අපහාසයක් එසේම මෙවැනි චෝදනාවලින් සිදුවන්නේ පාසල පසුගාමී බවට පත් කිරීමක්. එහෙත් අදාල විදුහල්පතිතුමා මෙවෙනි දෙයකින් පසුබට නොවන බව නම් නොවනු මානයි. අවසානයේ කිවයුත්තේ යහපත් දේ කරන පුද්ගලයන් මෙවැනිදේ නොකරන බවයි

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිකරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ ඩීසල් ලීටරයක් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් වැඩිකිරීමට තීරණය කර...

ඉතිහාසයේ කිසි දා නොවූ පරිදි කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 ආසන්නයට ම

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 36,143ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

මල්වත්තේ චීවරධාරියෙක් නීතියට උඩින් යද්දී, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ පොලිසියත් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කරලා

මල්වතු පාර්ශවයේ චීවරධාරියෙක් නීති සියතට ගනී. පොලිසිය නීතිය මඟහරයි. ‍ මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය...

ලෝකය ජයගත් “යොවුන් සිනමාකරු හසන්ත” මව් බිමට පා තබයි

තුර්කියේ පැවැති “සකර්යා” අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත දිසානායක අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.

සහල් මිල යළි ඉහළ දමලා

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: