spot_img
spot_imgspot_img

“අයදින සුසුමට සවියක් වෙමු” ඩයලොග් සමාජ සත්කාරය

පුවත්

විදෙස්

කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රාජගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානය, රාගම ශික්ෂණ රෝහල, පුත්තලම මූලික රෝහල සහ කළුබෝවිල ශික්ෂණ රෝහල සහ තවත් රෝහල් 12ක් සඳහා ඔක්සිජන් නිපදවන ඒකක ඉදිකිරීමට මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලෝග් ආසියාටා සමාගම ඉදිරිිපත්ව සිටියි.

එම ස්ථාන සඳහා ලීට 10ක ඔක්සිජන් ධාරිතාවකින් යුතු සිලින්ඩර සඳහා ස්වයංක්‍රීය ඔක්සිජන් නිපදවන ඒකක ඉදිකිරීමට සැළසුම් කර තිබේ. මීට අමතරව කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් තෝරා දෙනු ලැබූ රෝහල්වලට හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීටර 47ක ධාරිතාවෙන් යුතු ඔක්සිජන් ටැංකි 50ක් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මීට අමතරව ඩයලෝග් ආසියාටා පීඑල්සී සමාගම විශාල පිරිවැයක් දරමින් අනුරාධපුර මහ රෝහලේ ධාරිතාව වැඩි කිරීම සඳහා HDU ඇඳන් 07ක් සහ ඒවාට අවශ්‍ය නවීන උපකරණ පරිත්‍යාග කරන ලද අතර ඇහැළියගොඩ ‍මූලික රෝහලට ද HDU පහසුකම් ස්ථාපිත කිරීමට ද කටයුතු කරමින් සිටී.

එමෙන්ම ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට අඛණ්ඩ පීඩන ලබාදීමේ CPAP යන්ත්‍රයක් ලබාදීමට ද ඩයලොග් සමාගම කටයුතු කර තිබේ.

සමස්ත සමාජයම කොරෝනා වසංගතයෙන් වෙළි ඇති පසුබිමක ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා වලදී නොබියව පෙරට එමින්, අවැසි අවස්ථාවන් වලදී අත්‍යවශ්‍යම කාර්යයන් උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමේ හුරුව වගේම සම්ප්‍රදාය ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා ලෙස සුවහසක් ලාංකීකයන් වෙනුවෙන් සිය සමාජ මෙහෙවර ඉටුකිරීමට පෙරට එන බව ඩයලොග් ආසිආටා සමාගම පවසයි.

වසර ගණානවක් පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා හෝමාගම හා මීගමුව යන රෝහල් වල දැඩි සත්කාර ඒකක නිර්මාණය කිරීම මෙන් ම වසංගත තත්ත්වය හමුවේ ජීවිත අවදානමක් පවා ගනිමින් රෝහල් 34ක රෝගීන් වෙනුවෙන් කැපවී සිටින සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙත අත්‍යවශ්‍ය උපකරණ සහ පහසුකම් ලබාදීම වැනි කාලීන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ ඩයලොග් සමාගම, එම මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ජීවත් වීමට ඔක්සිජන් වායු අංශුවක් අයැදින අය වෙනුවෙන් සිය මැදිහත් කාර්යය ලබා දීමට ඉදිරිපත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!