spot_img
spot_imgspot_img

“‍ගෝලීය යුද්ධයක්” ? දකුණු අප්‍රිකා කොරෝනා ප්‍රභේදය වේගයෙන් පරිනාමය වෙයි.

පුවත්

විදෙස්

දකුණු අප්‍රිකාවෙන් සොයාගන්නා ලද C.1.2 නමැති කොරෝනා විකෘති ප්‍රභේදය පිළලිබඳ පර්යේෂයන්ගේ දැඩි අවධානය යොමු වී ඇති අතර එය අනෙකුත් ප්‍රභේදයන්ට වඩා කොරෝනා වයිරසයට පරිනාමික වාසියක් ලබාදීමේ විස්මිත හැකියාවකින් යුතු ප්‍රභේදයක් බව ද අනාවරණය වී තිබේ.

එම ප්‍රභේදය පළමුවරට සොයාගන්නා ලද්දේ 2021 මැයි මාසයේ දී ය. ජුනි මාසයේ දී එය නව ප්‍රභේදයක් ලෙස හඳුනාගන්නා ලදී.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ දකුණු අප්‍රිකාවේ පළමු කොරෝනා රැල්ලට හේතු වූ C.1. ප්‍රභේදයෙන් මෙය විකෘතියක් ලෙස ඇති වී තිබෙන බවයි.

එම ප්‍රභේදය සම්බන්ධයෙන් medRxiv හි පළකරන ලද මූලික වාර්තාවකට අනුව මැයි මාසයේ සිට C.1.2 සම්බන්ධව පරීක්ෂා කළ විද්‍යාඥ කණ්ඩායම් අනුපිළිවෙලින් සකස්කරන ලද ගෙනෝම 1,054න් 0.2% ලබාගත්හ. ජුනි මාසයේ දී එම කොටස ගෙනෝම 2,177කින් 1.6% දක්වා ඉහළ ගොස් තිබූ අතර ජූලි මාසය වනවිට සාම්පල 1,326කින් 2% දක්වා ඉහළ ගොස් තිබිණි.

පර්යේෂකයන් පවසන්නේ එම රටාව කලින් හඳුනාගැනීමේ දී දකුණු අප්‍රිකාවේ මීට පෙර වාර්තා වූ බීටා සහ ඩෙල්ටා ප්‍රභේදවලට සමාන බවයි. නමුත් එය මේ වනවිට වෙනස් වී තිබේ

C.1.2 අප්‍රිකාවේ සිට දැන් ආසියාව, මැද පෙරදිග සහ යුරෝපය දක්වා ගමන්කර ඇත. බොට්ස්වානා, මොරිෂස්, චීනය, නවසීලන්තය, පෘතුගාලය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවලින් ද මෙම ප්‍රභේදය හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥ සහ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ස්ටුවර්ට් රේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ ෆයින්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ අණුක වයිරස විද්‍යාඥ ‍රමෝන් ලොරෙන්සෝ රෙඩොන්ඩෝ මේ ගැන දැඩ අවධානයෙන් පසුවෙති.

C.1.2 ප්‍රභේදය යනු කුමක් ද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව කරදරකාරී වයිරස ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන්කරයි.

  1. උනන්දුවක් දක්වන ප්‍රභේද

සම්ප්‍රේෂණය වීම වෙනස්වෙයි. ප්‍රතිගාහකයාට ආසාදනය වී හෝ වයිරසයේ යෝග්‍යතාව වැඩි කළ හැකි වෙනත් ගති ලක්ෂණවලට සම්බන්ධ ජානමය සලකුණු මේවායේ දක්නට ලැබේ.

2. සැළකිලිමත් වීමේ ප්‍රභේද

මෙම වයිරස සමඟ ගනුදෙනු කිරීම ඉතා විශාල අභියෝගයකි. විනාශකාරී ලක්ෂණ දක්වයි. ප්‍රතිශක්තිකරණ පද්ධති මගින් නිපදවන ප්‍රතිදේහවල සඵලතාව අඩු කිරීමට හේතුවෙයි. වඩාත් දරුණු ලෙස රෝග බෝවීමට හෝ වඩාත් වේගයෙන් ව්‍යාප්තවීමට ඉඩ ඇත.

මේ වනවිට ඇල්ෆා, බීටා සහ ගැමා යන ප්‍රභේද මෙන්ම වේගයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදයත්, ඒතා අයෝටා, කප්පා, ලැම්ඩා සහ මියු යන සියලු විශේෂ උනන්දුවක් දක්වන ප්‍රභේද ලෙස වර්ගීකරණය කර ඇත.

නමුත් C.1.2 මෙතෙක් මෙම වර්ග දෙකටම ඇතුළත් කර නැත.

අප්‍රිකාවෙන් සොයාගත් C.1.2 කෙරෙහි වැඩි අවදානයක් ඇයි ?

දකුණු අප්‍රිකාව තුළ රාජ්‍ය මට්ටමින් සහ පුද්ගලික පරීක්ෂණාගාර තුළ ද කොරෝනා වයිරසයේ C.1.2 නමැති මෙම විකෘති ප්‍රභේදය පිළිබඳ පරීක්ෂණ රැසක් සිදුකර තිබේ.

මේ පරීක්ෂණවල ප්‍රතිඵලවලින් විද්‍යාඥයෝ කණස්සල්ලට පත්ව සිටිති. ඔවුන්ට මේ වනවිට C.1.2 ප්‍රභේදයේ විකෘති එකතුවක් හමුවී ඇත.

මෙය ජීවී සෛලයකට ඇතුළු වීමට හා සිරුරේ ඇති ආරක්ෂාව මඟහැරීමට සුදුසු ආකාරයනේ විකෘති වී තිබේ.

“එමෙන් ම වයිරසය වඩාත් සාර්ථකවන විකෘති කිහිපයක් ඇතිවී තිබේ” යැයි ලොරෛන්සෝ රෙඩොන්ඩෝ පවසයි. ඔහු පවසන්නේ ඒවා වෙනස් වයිරස ප්‍රභේද බවට පත්වීමේ උනන්දුවක් ඇතිකරන විකෘති වර්ග බවයි.

‍ජීවී සෛලයකට ඇතුළුවීමේ දී පිටත ප්‍රතිග්‍රාහක බන්ධනය වැඩිකිරීමේ හැකියාව සහ එහි ආරක්ෂාව බිඳ දැමීමට මේ ප්‍රභේදය වැඩි දියුණු වී තිබේ. එබැවින් කොරෝනා වයිරසයේ අනෙකුත් විකෘති ප්‍රභේදවලට වඩා මෙම C.1.2 ප්‍රභේදය මීට එන්නත්වලින් ලැබෙන ආරක්ෂාවට සහ වෙනත් ‍කොරෝනා ප්‍රභේදයකින් පසු සිරුරට ලැබෙන ආරක්ෂාවට එරෙහිව ක්‍රියා කරයි.

මෙය විකෘතියක් ලෙස හඳුන්වන්නේ ඇයි ?

C.1.2 ප්‍රභේදය ඉතාමත් කෙටි කාලයක් තුළ විකෘති විශාල ප්‍රමාණයක් ඇතිකර තිබේ. MedRXiv පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ C.1.2 පරිනාමය වීමේ අනුපාතය දැනට ලෝකයේ හඳුනාගෙන ඇති අනෙක් වයිරස පරිනාමය වීමේ අනුපාතයට සාපේක්ෂව 1.7ක ගුණයකින් වැඩි බයි. එය දෙගුණයකට ආසන්නය.

“එය ඉතාමත් සිත් ඇදගන්නා සුළු සොයාගැනීමක්. නමුත් මානව වර්ගයා තැති ගැන්මකට ලක්කරන වෙනස්කම් රාශියක්. ඒ වයිරසයට මේ ලක්ෂණ ලැබී ඇත්තේ එය වේගයෙන් පරිනාමය වන නිසා” යැයි රේ වැඩිදුරටත් කියයි.

“වයිරසයක් විකෘතිවීම අහඹු ක්‍රියාවලියක්. ආසාදනය වූ පුද්ගලයකුගේ ශරීරයේ වයිරසයක් නිපදවන ඕනෑම වේලාවක මෙලෙස විකෘතිවීම සිදුවිය හැකියි. මේ බොහෝ විකෘති ඇත්තටම වයිරසයට ප්‍රයෝජනයක් නැහැ. නමුත් ඉතාමත් කලාතුරකින් වයිරසයකට අනුවර්තනය වීමට උදව් දීමෙන් හෝ පැතිරීම වේගවත් වීමට උදව් දීමෙන් හෝ විශේෂ පාරිසරික තත්වයන්ට මුහුණ දීමට හැකිවීමෙන් යම් යම් වාසි ලැබෙනවා පමණයි.” ඔහු විස්තර කළේය.

නමුත් සිදුවන්නේ නව ජීවියකු තුළට ඇතුළු වූ විට එය වෙනස් අභියේාගයන්ට මුහුණ දීමයි. එවිට වයිරසය වේගයෙන් පරිනාමය විය හැකිය. දැනට කරන ලද පර්යේෂණ අනුව තහවරු වී ඇත්තේ C.1.2 ඉහළ විකෘති සංඛ්‍යාව අනුව මෙම වයිරසය ආසාදනය වන පුද්ගලයකුගේ ආසාදන කාලය සති දෙකකට වඩා වැඩි විය හැකි බවයි. ඒ අනුව වයිරසය ද දිගු කාලයක් සිරුර තුළ පරිනාමය වන බව ද හඳුනාගෙන ඇත.

එලෙස එක් පුද්ගලයකුගේ සිරුරේ දීර්ඝ කාලයක් නිදහසේ ප්‍රතිවර්තනය ‍වීමේ හැකියාවෙන් යුතු බැවින් එම දුර්ලභ අවස්ථාවේ දී තවදුරටත් විකෘති එකතුකිරීමට C.1.2 වයිරසය සමත්වෙයි.

C.1.2 එන්නත්වලට සහ පෙර ආසාදනයකින් ඇති වූ ප්‍රතිදේහවලට ප්‍රති‍රෝධී ද ?

සී .1.2 හි විකෘති ගණනාවක් වෛරසයේ ස්පයික් ප්‍රෝටීන වලට බලපාන අතර ඉලක්කගත සෛල වෙත පහසුවෙන් ඇතුළු වීමට එය ප්‍රයෝජනවත් වී තිබේ.

“මෙලෙස ස්පයික් ප්‍රෝටීන වල වෙනස්වීම් කනස්සල්ලට කරුණකි, මන්ද ඒවා වෛරස් සෛල තුළට යාමට බාධා කළ හැකි ප්‍රතිදේහ සහ වෙනත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර කෙරෙහි බලපෑම් කළ හැකි බැවිනි,” රේ පැවසීය.

ඔහු පවසන්නේ C.1.2 ප්‍රභේදයට එන්නත් මගින් සහ පෙර කො‍රෝනා ආසාදන මගින් ඇතිකරණ ප්‍රතිශක්තිය අභිබවා යාමට හැකියාව ඇති බවයි.

“අපි ප්‍රවේශම් විය යුතුයි,” රේ පැවසීය.

මේ ගැන අප කලබල විය යුතු ද ?

ඔබට හුස්ම ගැනීමට තවමත් අවස්ථාව තිබේ. විද්‍යාඥයන් පවසන්නේ නව ප්‍රභේදයක් මතුවීම අනිවාර්යයෙන් සිදුවන නමුත් එය මහා විනාශයක් නොවන බවයි.

“අපි දැනට හඳුනාගෙන ඇති බොහෝ ප්‍රභේදය වඩාත් හානිකර ලෙස වර්ධනය වේයැයි අපට නිශ්චිතව කිව නොහැකියි.” රේ පැවසීය.

අප C.1.2  ඩෙල්ටාව පරාජය කිරීම කළ යුතුයි. 

ලොකුම කනස්සල්ල මෙයයි, ලොරෙන්සෝ-රෙඩොන්ඩෝ පැවසුවේ: අවදානමට ලක්විය හැකි, එන්නත් නොකළ ජනගහනය හරහා ආසාදන අඛණ්ඩව ව්‍යාප්ත වන විට වඩාත් භයානක ප්‍රභේද වර්ධනය වන බවයි.

“මෙය දැන් ගෝලීය යුද්ධයක්,” පර්යේෂකයෝ කියති.

වසංගතය දිග්ගැස්සවිය හැකි ප්‍රභේද වැඩි වීම වැළැක්වීම සඳහා ලොව පුරා මිනිසුන් වැඩි වැඩියෙන් එන්නත් ලබාගත යුතුය.

මෙම ලිපියේ මුල් සටහන මෙතැනින්

Los Angeles Times හි පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

https://www.yahoo.com/news/c-1-2-coronavirus-variant-204839864.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!