spot_img
spot_imgspot_img

“පහන්තුඩාව ඇල්ල අසළ වීඩියෝ කළේ අපි නෙවෙයි. අපි නීතිමය පියවර ගන්නවා” විවාහක යුවළක් කියති

පුවත්

විදෙස්

පහන්තුඩාව දිය ඇල්ල අසළ දී අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කළ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල හිමිකරු සහ හිමිකාරිනිය Hari TV youtube  නාලිකාවට පැමිණ ප්‍රකාශ කර තිබේ.

මාධ්‍යවේදී ලහිරු මුදලිගේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කුෂාන් සහ ගයත්‍රී නමැති ඔවුන් දෙදෙනා පවසන්නේ වසර එකහමාරකට පෙර විවාහ වූ ඔවුන්‍ දෙදෙනා 2020 වර්ෂයේ දෙසැම්බර් මස 09 වැනි දා පහන්තුඩාව දිය ඇල්ල අසළට ගොස් ඡායාරූප ගත් බවයි.

තමන් කිසිම අයුරකින් අසභ්‍ය දර්ශන රැගෙන නැති බවත් තමන් ගත් ඡායාරූප උපුටා දක්වමින් ෆේස්බුක් හා ටික්ටොක් ඔස්සේ අසභ්‍ය දර්ශන පටිගත කළ යුවළ තමන් බවට බොහෝ දෙනා ප්‍රචාරය කිරීමෙන් දැඩි මානසික පීඩනයකට හා සමාජ අසාධාරණයකට ලක්වීමට සිදුව ඇතැයි ඔවුන් පවසිය.

මේ ඡායාරූප දකින තම ඥාතීන් සහ හිතමිතුරන් පවා දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ද ඔවුන් සඳහන් කරයි.

මාධ්‍යවේදී ලහිරු මුදලිගේ ඔවුන් දෙදෙනා සමඟ සම්මුඛ සාකච්ඡාව පවත්වන අවස්ථාව වනවිටත් පහන්තුඩාව දිය ඇල්ල අසළ අසභ්‍ය දර්ශන පටිගත කළ සිද්ධියට අදාළ යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන බව ද කුෂාන් සහ ගයාත්‍රී යුවළ පවසයි.

ලහිරු මුදලිගේ සමග කුෂාන් සහ ගයාත්‍රි සිදුකළ සම්පුර්ණ සම්මුඛ සාකච්ජාව පහතින් පළකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!