spot_img
spot_imgspot_img

දුබලත්වය සවියක් කරගත්තවුන්ගේ පැරාඔලිම්පික් සිහිනය බලගැන්වූ Dialog Asiata

පුවත්

විදෙස්

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් තරඟ වැදෙති.

ඉතාමත් දුෂ්කර කාල වකවානුවක වුව ද දැඩි කැපවීමකින් සිය පුහුණුවීම්වල නිරත වෙමින් රන් පදක්කම් දිනා ගැනීමේ අභිලාශයෙන් මේ තරුණ තරුණියෝ රට නියෝජනය කරමින් කරනු ලබන කැපවීම අසීමිතය.

2016 සහ 2016 වසරවල දී ද පැරා ඔලිම්පික් තරඟවාලිවල දී අප රටක් ලෙස ලැබූ ජයග්‍රහණය මොවුන්ට ද අත්පත් කරගත හැකිවනු ඇතැයි යන්න විශ්වාසයයි. 

සිය බාධකයන් නොතකමින් ජයග්‍රහණයම අපේක්ෂා කිරීම මෙන්ම ඒ වෙනුවෙන්ම කැපවීම ක්‍රීඩක ක්‍රිඩිකාවන් සතු සුවිශේෂීම ලක්ෂණකි. එම සනාථ කරමින් ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය කාල වකවානුව තුළ සිය ඉසව් තුළින් දැක්වූ දැක් වූ දක්ෂතා අනුව ඔවුන්ට තරඟාවලියේ සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගත හැකිවේය යන්න අපගේ විශ්වාසයයි.

මෙවර පැරාලිම්පික් සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලාංකීය ධජය රැගෙන යාමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත විසිනි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සිය දෛනික පුහුණුවීම් කාර්යයන් සඳහා බාධා පැවතියද, සමස්ත රටේ අප්ක්ෂාවන් ඉහළ නංවමින් සිය අපහසුතාවයන් පවා දෙවැනි කොට තබමින් ඔවුන් සිය පුහුණුවීම් කාර්යයේ නිරතවීම ප්‍රශංසනීය කරුණකි. සිය ස්ථිර අධිෂ්ඨාන ශක්තිය ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිදුකරනු ලැබූ මෙම කැපවීම සමස්ත ලාංකීයයන්ගේ වගේම විශේෂ අවශ්‍යතා සහිත සැමගේ අධිෂ්ඨානය ඉහළ නැංවීමට සමත් සුවිශේෂී කරුණක් බවට පත්ව ඇත.

විශේෂ අවශ්‍යතා ඇති අය වුව ද තමන්ට හිමි දිවියෙන් එපිට තවත් ලොවක් ඇති බවත්, එය අභියෝගයන් තුළින් ලබාගත යුතු ජයග්‍රහණයක්ය යන සමාජ පණිවිඩය මොවුන් විසින් සමාජයට ප්‍රායෝගික අයුරින් සනාථ කර පෙන්වීම සුවිශේෂී ජාතික කාර්යයකි.

ගෝලීය වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත වූවන් බලගැන්වීමේ කාර්ය වෙනුවෙන් ක්‍රියාත්මක පැරාලිම්පික් තරගාවලියේ ඉතිහාහසය තුළ ලාංකීය නියෝජනය සම්බන්ධයෙන් විමසීමේදී ශ්‍රී ලංකාව පළමු වරට පැරාලිම්පික් තරගාවලියක් සඳහා සහභාගි වෙන්නේ 1996 වසරේදිය.

ඉන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම හිමිකර දෙනු ලබන්නේ 2012 වසරේ ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 පිරිමි ධාවන තරගය නියෝජනය කරමින් සහභාගී වූ හිටපු යුධ හමුදා සෙබල ප්‍රදීප් සංජය යි. අතක් අහිමි ඔහු එහිදී ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සියලු ආබාධිතයන්ට ශක්තියක්  හා ආදර්ශයක් වෙමිනි.

එතැන් පටන් ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ ලෝකයේ ම අවධානය යොමුව තිබිණි.

එම ජයග්‍රාහී කිරුළ අඛණ්ඩව ලාංකීය මාතවට තිළිණ කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ පිරිමි තරගයෙන් දිනේෂ් පියන්ත ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් විය.

මෙවැනි සුවිශේෂී දක්ෂතා සහිත තරගකරුවන්ගේ ඉතිහාසයක වත්මන් නියෝනය වන 2020 ටෝකියෝ පැරාලිම්පික් නියෝජනය කරන ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දක්ෂතා දැක්වීම වෙනුවෙන්, ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ පවතින දස වසරක සහයෝගීතාවය තවත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට මෙවර ද ඉදිරිපත්ව ඇත.

මෙයට අමතරව ජාතික පැරාලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා යුධ හමුදා පැරාලිම්පික් ක්‍රීඩා කමිටුව ද සිය අඛණ්ඩ අනුග්‍රාහක දායකත්වය සපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!