spot_img
spot_imgspot_img

අපායේ දොරටුව කාන්තාරයකින් මතුවෙයි

පුවත්

විදෙස්

කරකුම් කාන්තාරයේ පිහිටා ඇති ගිනි ගනිමින් තිබෙන දර්වාසා වායු ආවාටය හඳුන්වන්නේ අපායේ දොරටුව නමිනි. මේ අපායේ දොරෙහි පළල මීටර හැටකි. ගැඹුර මීට 20 කි. භූ විද්‍යාඥයන් පවසන්නේ මේ ආවාටය දශක ගණනාවක සිට ගිනිගනිමින් තිබෙන බවයි.

මේ ආවාටය ස්වභාවික පිහිටීමක් නොවේ. 1971 දී සෝවියට් දේශයේ වායු ගවේෂණයක දී සිදුවූ අනතුරක ප‍්‍රතිඵලයක් ලෙසින් ඇතිවූවකි. දර්වාසා හෙවත් දෙර්වසී යනුවෙන් හඳුන්වන මේ කාන්තාර ප‍්‍රදේශය ස්වභාවික වායුවලින් පිරිපුන් ස්ථානයකි.

සෝවියට් දේශයේ පර්යේෂකයන් පිරිසක් ස්වභාවික වායු වර්ග සොයා පොළොව සිදුරු කරමින් සිටියහ. ඔවුන් සෑදූ මේ සිදුර ස්වභාවික වායු ගුහාවක් දක්වා ම පසාරු වී යාමේ ප‍්‍රතිඵලය වූයේ කාන්තාරයේ මතුපිට පොළොව කොටසක් කඩා වැටීමයි. කරන්නට කිසිදු දෙයක් තිබුණේ නැත. විෂ වායු අධික වේගයෙන් පරිසරයට මුදා හැරෙමින් තිබිණි.

මෙලෙස විෂ වායු පරිසරයට එක්වීම වැළැක්වීමට නම් කළ හැකි එකම දෙය වූයේ වායුව නිකුත්වන ස්ථානය ගිනි දැල්වීමයි. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ ඉක්මණින් විෂ වායු සියල්ල අවසන් කිරීමයි. නමුත් තත්ත්වය බලාපොරොත්තු වන තරම් පහසු වූයේ නැත. වායුව ද ඉක්මණින් අවසන් වූයේ නැත. එදා පටන් අද දක්වා අඛණ්ඩව වසර 50ක් පුරා එතැන ගිනි ගනිමින් තිබේ.

එහි වායුව අවසන් බව පෙනෙන්නේ ද නැත.

අඳුරු රාත්‍රියක මේ විවරයේ ඇති ගින්නේ දීප්තිය සැතපුම් ගණනාවකට ඈත සිට දක්නට හැකියාව ඇත. ගිනිගන්නා ගෙන්දගම්වල දුර්ගන්ධය ඉතා දුරින් සිට පවා ආග‍්‍රාණය කළ හැකි වේ.

විද්‍යාඥයන් පවසන්නේ මෙහි ඇති ගෙන්දගම් අවසන් වන කාලයක් ගැන අනාවැකි කිව නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!