spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ වාර්තා කිහිපයක් ම පිහිටුවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ඉතිහාසය තවත් වෙනස් කරමින් සමස්ත කොටස් මිල දර්ශකය ඊයේ පැවැති ඉහළම අගය ඉක්මවමින් අද ගනුදෙනු අතරතුර ඒකක 9,064ක් දක්වා ගමන් කර 8,931ක සීමාවේ නතරවිය.

එය පෙරදිනයට සාපේක්ෂව ඒකක 11ක ඉහළ යාමකි.

දිනයේ විශේෂත්වය වන්නේ කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක වූ පැය තුනහමාරක කාල සීමාව තුළ කෙටස් ගනුදෙනු 79,581ක් වාර්තා කළ අතර දිනයේ මුල් පිරිවැටුම රුපියල් මිලියන 16,487කි. එය මෑත ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම පිරිවැටුම ලෙස හැඳින්විය හැකිය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරතුර දී එක් සමාගමක වැඩිම කොටස් ප්‍රමාණය වන කොටස් මිලියන 330ක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ගනු දෙනු වීමයි. කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ ඉතිහාසයේ එක් සමාගමක වැඩිම කො‍ටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ අවස්ථාව මෙයයි.

වැඩිම වටිනාම් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 5,054යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2,918යි, හේලීස් සමාගම රුපියල් මිලියන 1,722යි ලෙස කැපී පෙණිනි.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 330යි, එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් සමාගම කොටස් මිලියන 80යි, සෙලාන් මර්චන්ට් සමාගම (නිශ්චන්ද) කොටස් මිලියන 35ක් ලෙස ප්‍රධාන විය.

ගනුදෙනු අතරතුර දී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් දිනය තුළ දී පමණක් සියය 23.37% කින් ඉහළ ගිය අතර එම සමාගමේ විකිණීමට තිබූ සියලු කොටස් රුපියල් 9.60ක උපරිම සීමාව දක්වා ගැනුම්කරුවන් විසින් මිල දී ගෙන අවසන් කරන ලදී.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 291ක වටිනාකමක් වාර්තා කරමින් පෙරමුණ ගත්තේය. එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 271ක අගයක් වාර්තාකරමින් දෙවැනි ස්ථානයේ පැවතිණි. එම සමාගමේ සහ අනුබද්ධ සමාගම්වල කොටස් සියල්ල සීඝ්‍ර ලෙස ඉහළ යාම විශේෂත්වයකි.

එක්ස්පෝ ලංකා සමාගම විසින් මධ්‍යම ඇමෙරිකාවේ පිහිටා ඇති අයිඩියෝ ලොජිස්ටික් සමාගමේ 100%ක කොටස් ඇමෙරිකානු ඩොලර් මිලියන 9.7ක් වැයකර මිල දී ගෙන ඇති අතර එය දේශීය සමාගමක් විසින් සිදුකරන ලද වටිනා ගනුදෙනුවකි.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සංවෘත කවය තුළ හුවමාරු වූ කොටස් වශයෙන් හැටන් නැෂනල් සමාගම (නිශ්ඡන්ද) රුපියල් 125.00 බැගින් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් 8.00 බැගින් ද, කලම්බු ලෑන්ඩ් සමාගම රුපියල් 34.00 බැගින් ද අම්බන් හෝල්ඩින් සමාගම රුපියල් 49.00 බැගින් ද, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් 65.00 බැගින් ද, සණස සංවර්ධන බැංකුව රුපියල් 51.30 බැගින් ද, හේලිස් සමාගම රුපියල් 120.00 බැගින් ද හුවමාරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 129ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 117ක කොටස් විකුණා තිබේ. ඒ අනුව රුපියල් මිලියන 12ක මුදලක් විදේශිකයන් විසින් ශුද්ධ ලෙස කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර තිබේ.

විදේශිකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 28යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 15යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 09යි වශයෙන් කැපී පෙණුනු අතර විදේශිකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර ඩයලොග් සමාගම රුපියල් මිලියන 15යි, හේලීස් එන්ජීටී සමාගම රුපියල් මිලියන 13යි, ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 08 ක් ලෙස ප්‍රමුඛ විය.

රට වසා ඇති කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ සෑම අවස්ථාවක දී ම අසීමිත වර්ධනයක් පෙන්වයි. ඉදිරි සතියේ දී ද එවැනිම වර්ධනයක් පෙන්වමින් කොටස් වෙළෙඳපොළ ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!