spot_img
spot_imgspot_img

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු පෙරැළි ගොඩක් ?

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වෛද්‍ය නිහාල් ජයතිලක පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වෛද්‍ය නිහාල් ජයතිලක මීට ඉහත ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර මග නැගුම ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

වෛද්‍ය ජයතිලක එලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීම සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධූරයට වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන දෙදෙනාම එකවිට පත්කිරීමට නියමිතය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස මේ වනවිට කටයුතු කරමින් සිටින වෛද්‍ය අසේල ගුණවර්ධන දැනට වෛද්‍ය අසේල හර්ෂ ද සිල්වා සිටින පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

මීට අමතරව පසුගිය වකවානුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි බලපෑම් හේතුවෙන් තනතුරු සහ වගකීම්වලින් ඉවත්කර තිබූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකුගේ ද සේවය යළි ලබාගැනීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති අතර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කිරීමට ද නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!