spot_img
spot_imgspot_img

මහසෝන් අවතාරයක් දුටු “දොස්තර පාදෙණිය” රටම නොමඟ යවන ආකාරය මෙන්න

පුවත්

විදෙස්

ලොව ඉහළම පිළිගැනිම්ක් ඇති ප්‍රීනිද එල්ඩර්ගේ විශ්වකෝෂයේ අතීත ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයුකාලය වසර 140ක් ලෙස සඳහන් කර ඇති බවත් වසර 100දී සිදුවන මරණයක් පවා තරුණ මරණයක් යැයි දැක්වෙන බවත් විශේෂඥ ළමා ස්නායු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කළ ප්‍රකාශය තම වෘත්තිය භාවිතා කරමින් ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශයකි.

ඔහු ප්‍රසිද්ධ දේශනයකට සහ රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු සහ විද්‍යා පර්යේෂකයකුවන රොහාන් පෙතියගොඩ පවසන්නේ ප්‍රීනිද එල්ඩර්ගේ ප්‍රකාශයැයි යම් යම් දේ කියමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ජනතාව නොමග යවමින් බරපතල විනාශයක් මෙම සමාජයට සිදුකරමින් සිටින බවයි.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාව සිටිමින් ඉහත ප්‍රකාශ සිදුකර තිබේ. ඔහු තම වෘත්තිය සහ වෘත්තීය සමිතියේ නිලය භාවිතා කරමින් සමාජය නොමග යවා ඇත. ඔවුන්ගේ නිල කාලය අවසන් බැවින් අධිකරණ නියෝගයකින් ඔහු ඇතුළු නිලධාරීන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ලෙස පෙනී සිටීම වාරණය කර තිබේ.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ මෙවැනි කතාවකි.

“ප්‍රීනිද එල්ඩර් කියන්නේ ලෝක‍යේ වඩාත්ම පිළිගත් විශ්වකෝෂය නිර්මාණය කරපු කෙනා. ඔහු පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ජනාතාව අතීතයේ අවුරුදු 140ක් ජීවත් වූ බව. වයස අවුරුදු 100 දී මියයනවා කියන්නේ තරුණ මරණයක් හැටියටයි සළකලා තියෙන්නේ. නමුත් අද උපරිම ආයුෂ අවුරුදු 74යි. 30ට වැඩි වෙනවිට පෙති 4ක් විතර අවශ්‍ය වෙනවා.”

වෛද්‍ය පාදෙණිය ජනතාව නොමග යවමින් තමන්ගේ න්‍යායපත්‍රයක් අනුව පවසන්නට උත්සාහ ගන්නේ අතීත ජනතාව සුඛිත පරිසරයක, පිරිසිදු ආහාර පරිභෝජනය කරමින් සැපසේ ජීවත් වූ බවයි.

පෙතියගොඩ පවසන්නේ ප්‍රීනි ද එල්ඩර් කිසිම දිනයක ශ්‍රී ලංකාවට හෝ ආසියාවට පැමිණි අයකු නොවන බවයි. ඔහුගේ විශ්වකෝෂය සම්පූර්ණයෙන් ම මිත්‍යාව පදනම්කරගත් අසත්‍ය කරුණුවලින් පිරුණු දෙයක් බව ද ඔහු සනාථ කර පෙන්වයි.

එල්ඩර්ට අනුව ශ්‍රී ලංකාව නම් දූපත මධ්‍යයේ අති විශාල වගුරකි. එහි සඳහන් කර ඇති විශාලත්වය සැළකූ විට මධ්‍යම කඳුකරය තිබීමට හැකියාවක් නැත. එමෙන්ම එල්ඩර් පවසන්නේ එක්තරා රටක එක් පාදයක් පමණක් ඇති මිනිසුන් ජීවත්වන බවයි. ඔවුන්ට තම පාදය කුඩයක් මෙන් හිසට ඉහළින් එසවිය හැකි බව ද පාදෙණිය වෛද්‍යවරයා පවසන විශ්වකෝෂයේ සඳහන් කර තිබේ. තවත් රටක මිනිස් සිරුරක් සහ බලු හිසක් සහිත මිනිසුන් ජීවත්වන බව ද එල්ඩර්ගේ විශ්වකෝෂයේ දැක්වේ. පාදෙණිය ඒවා ද විශ්වාස කරනවා විය යුතුය. එවැනි මිනිසුන් ගැන ඇත්තේ අපේ ජන සාහිත්‍යයේ මහසෝන් අවතාරය පිළිබඳවය.

එල්ඩර් මෙම විශ්වකෝෂය රචනා කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 70 දී ය. ඊටත් වසර 300කට පමණ පෙරාතුව ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණ තිබූ අතර අනුරාධපුරයේ මහා දාගැබ් ද නිර්මාණය වී තිබිණි

නමුත් වෛද්‍ය පාදෙණිය තම මිත්‍යා මතය හා අසත්‍ය කරුණනු සමාජගත කිරීමට උදාහරණයට ගන්නා එල්ඩර්ගේ විශ්වකෝෂයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව ග්‍රීසියේ හර්ක්‍යුලිස් නම් දෙවියන් ඇදහූ බවයි. එයින්ම එල්ඩර් උපුටා දක්වන පාදෙණියගේ නොදන්නාකම සනාථ වෙයි.

අනුරුද්ධ පාදෙණිය නම් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රසිද්ධ දේශනයක දී කිසිදු හිරිකිතයකින් තොරෙව තවත් බොරුවක් පවසන්නේ ලෝකයේ ප්‍රකට විද්‍යාඥයකු වූ පෝල් සිමෙට්ගේ නම ඈදා ගනිමිනි.

පාදෙණිය මෙසේ කියයි.

“පෝල් සිමෙට් කියන්නේ ලෝකයේ ජාත්‍යන්තර දියවැඩියා සංගමයේ නිර්මාතෘ සභාපති. එතුමා කියනවා 2025 වනවිට ළමයින්ගෙන් 1/3ක පිරිසකගේ ආයුකාලය වයස අවුරුදු 40-45 සීමාව දක්වා අඩුවෙනවා කියා.”

මෙය හිතාමතාම කරනු ලබන ව්‍යාජ ප්‍රකාශයකි. පෝල් සිමෙට් නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ පත්‍රිකා සිය ගණනක් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ඕනෑතරම් හැකියාව තිබේ.

පෝල් සිමෙට්ගේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවකින් හෝ වෙනයම් ආකාරයකින් හෝ එවැනි ප්‍රකාශයක් කර නැත. නමුත් ඔහු දියවැඩියාව සහ ආයුකාලය සම්බන්ධයෙන් කරන ලද වැදගත් ප්‍රකාශයක් එක් පර්යේෂණ පත්‍රිකාවක දැක්වෙයි.

ඔහු පවසන්නේ 2025 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවේ සිටින දියවැඩියා‍ රෝගීන්ගේ ආයුකාලය වයස අවුරුදු 82.5ක් දක්වා වර්ධනය වන බවයි.

මේ අනුව බලන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාව කටයුතු කරමින් සිටිය දී අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ඉංග්‍රීසි නොතේරෙනවා විය යුතුය. නැතිනම් ඔහුට දෙයක් කියවා තේරුම්ගත හැක්කේ එහි ප්‍රතිවිරුද්ධ අර්ථයකින් විය යුතුය. නැතින්ම ඔහු වෛද්‍ය ආචාරධර්ම පවා උල්ලංඝනය කරමින් වෙනත් න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් ජනතාව ‍හිතා මතාම සැළසුම් සහගතව නොමග යවමින් සිටියි.

2 COMMENTS

  1. මෙතුම වකුගඩු රෝගයට හේතුව රසායනික පොහොර කියල රට ගිනිතිව්ව. මිනිස්සු නොමග යැව්ව. නොදන්නා දේ කතාකර තම මන්ද බුද්ධිය ලෝකෙට පෙන්වනව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!