නිදන් කර සැඟවූ වස්තුව, නිදන් වදුල සහ යාල වනයේ නිදන් සෙවීම

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

“ග්‍රහලෝක සහ ගුප්ත ශාස්ත්‍ර විසින් ලංකාවේ පුරාවිද්‍යාවට අපල සිදුකර ඇත. නමුත් අප දන්නා සියලු රටවල් අතරින් අශෝක යුගයේ සිට අද දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බෞද්ධ ස්මාරක සියල්ල අඩුවක් නැතිව දක්නට ඇත්තේ මේ කුඩා දිවයිනේ පමණි. මහාවංශය ඇතුළු වංශ කතාවන්හි ලියැ වී ඇති මුල් කාලීන ගොඩනැගිලි පිහිටවූ කාලය සහ ඒවායේ අරමුණු සෑහෙන නිවැරදිතාවකින් යුතුව දැනගත හැකි තරම් විස්තර හා විශ්වාසය තැබිය හැකි ඉතිහාසයක් තිබෙන්නේ ද ශ්‍රී ලංකාවට පමණි. මේ ගොඩනැගිලිවල නෛසර්ගික වැදගත් කම හැරුණු විට නිශ්චිත වශයෙන් ම දන්නා මේ අඛණඩ ඉදිකිරීම් මාලාව නොපැහැදිලි අවිනිශ්චිත ප්‍රශ්න බොහොමයක් පහදා දෙයි.”

යනුවෙන් 1876 දී ‍ශ්‍රීමත් ජේම්ස් පර්ගසන් විසින් සටහන් කර ඇත.

ඒ මෙට අඛණ්ඩ ඉතිහාසයේ දක්නට ඇති නෂ්ඨාවශේෂ පිළිබඳ විදෙස් විද්වතුන් තැබූ අපූරු සටහනකි.

මෙය සත්‍යයකි. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය පමණක් නොව මහනුවර රාධානිය දක්වාම හමුවන සෑම පෞරානික නටඹුන් ස්ථානයක් ම සාක්ෂි දරන්නේ එයයි.

මෙරට පමණක් නොව ඉන්දියාවේ පවා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉතාමත් දීර්ඝකාලයක් පර්යේෂකයකු ලෙස කටයුතු කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද කලක් අධයක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන්නේ අපේ රටේ අපට පෙනෙන සහ මතුකරගෙන ඇති ප්‍රධාන ගොඩනැගිලි සමූහටය වඩා අති විශාල නටඹුන් සමූහයක් තවමත් පොළොව යට සහ වන ගහනයෙන් වැසී පවතින බවයි.

ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.

“අනුරාධපුරය හා පොළොන්නරුව ගත්තොත් අපේ සාමාන්‍ය ජනතාව දකින්නේ බලන්නේ ප්‍රධාන ඇතුළු නගරය හා ඒ අවට ගොඩනැගී තිබී විශාල ගොඩනැගිල සහ සිද්ධස්ථාන සමූහයක් පමණයි. නමුත් රජරට ශිෂ්ඨාචාරය කියන්න් ඊට වඩා පුළුල් අතිවිශාල භූමියක් පුරා පැතිරගිය ජන සමාජයක නෂ්ඨාවශේෂ. තවමත් ඒ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පොළාව යට. අනුරාධපුරය පූජා නගරයේ සිට කිලෝ මීටර 50ක අරයක කරපු පර්යේෂණවලින් අපි පුරාවිද්‍යා ස්ථාන 8000ක් පමණ වාර්තා කළා. අපි පුරා විද්‍යා ස්ථාන කියන්නෙන් යබොර කොටස්, මැටි වළං කැබලි හමුවන ස්ථාන ද ඇතුළත්ව. ඒ මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් නිසා එවැනි සෑම ස්ථානයක්ම පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සළකනවා. මේ ස්ථාන 8000 තුළ පැරණි ගොඩනැගිලි 1500ක් පඹණ තිබෙනවා. කුඩා දාගැබ් හා පිළිමගෙවල් 1000ක් පමණ තිබෙනවා. මේ වපසරිය ගත්තාම ‍මෙය අතිවිශාල සංඛ්‍යාවක්.”

මහචාර්ය ගුණවර්ධන මහතා පවසන්නේ රජරට ශිෂ්ඨාචාරයට සමගාමීව රුහුණේ මාගම රාජධානිය ද දියුණු වී පැවැති බවයි. අනුරාධපු මුල් යුගයේ පටන් මාගම රාජධානියේ රජ පෙළපතක්, වෙළෙඳ පවුල් ජීවත්වූ බවට සෙල්ලිපි සාධක පවා පවතින අතර වංශකතා සාධකවලින් ද මාගම රාජධානියේ ශ්‍රී විභූතිය පැහැදිලි වෙයි. ඔහු පවසන්නේ අනුරාධපුර රාජධානිය තරමට ම මාගම රාජධානියත් දියුණු වී පැවැති බවයි.

“අනුරාධපුරය හා සමාන දියුණුවක් රුහුණේ තිබුණා. මාගම රාජධානිය වළවේ ගඟ, කුඹුක්කන් ඔය සිට මහවැලි නදිය දක්වා වර්තමාන ත්‍රිකුණාමලය දක්වා විහිදිලා තිබුණා. දැනට කිරිඳි ඔය සහ වළවේ ගංඟා නිම්නයේ යම් තරමකින් පුරාවිද්‍යා ගවේසණ සිදුකරලා තිබෙනවා. ඒ වගේම තිස්සමහාරාමය කේන්ද්‍ර කරගෙනත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුකර තිබෙනවා. අද අපි මේ තිස්සමහාරාමය කේන්ද්‍ර කරගෙන දකින්නේ මාගම රාජධානියේ තිබුණු අනුරාධපුර යේ ඇතුළු නුවර වගේ ප්‍රධාන කොටස පමණයි. තැන තැන තිබූ වෙළඳ මධ්‍යස්ථාන, ගම්මාන, කර්මනාත්, සිද්ධස්ථාන වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ යාල මහා වනාන්තරයෙන් වැසී ගිහින්. ඒවා අතර කුඩා ප්‍රමාණයේ නගර පවා තිබිය යුතුයි. යාල වනාන්තරයේ තිබෙන අතහැර දමා ඇති පැරණි ලොකු කුඩා වැව්වලින් ම සනාථ වෙනවා මේ රාජධානිය කොතරම් විශාලව පැතිරී තිබෙන්න ඇති ද ඒ වගේම කොරතම් නෂ්ඨාවශේෂ ප්‍රමාණක් අද සැඟවී ඇතිද යන්න. අපිට මේ සියලු දේ පුරාවිද්‍යාත්මකව මතුකරන්නවත් ප්‍රතිසංස්කරණය කරලා යළි සාමාන්‍ය පරිදි වන්දනා මාන කටයුතු සඳහා භාවිතා කරන්නත් බැහැ.”

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක් වර්තාමනය වනවිට විනාශ වී ගොස් තිබේ. මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකාව පුරාම හමුවන පුරාවිද්‍යාත්මක ස්ථානවලින් 99%ක් ම නිදන් සෙවීමේ අරමුණින් විවිධ කාලවල දී විනාශ කර දමා ඇති බවයි.

එයට ඇති හොඳම උදාහරණයක් වන්නේ සීගිරිය ආසන්නයේ පිදුරංගල ඇති සැතපෙන බුදුපිළිමයයි. එහි ශීර්ෂය කඩා බිඳ දමා ඇත්තේ 1900 දී පමණය. නිදන් සොයා පුරාවස්තු විනාශ කිරීම අද ඊයේ සිදුවූවක් නොවේ. නිදන් කිරීම පිළිබඳව ද විවිධ සාධක හා මත කිහිපයක් මෙරට මුල්බැසගෙන තිබේ.

ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය අනුව නිධන් යනු ආරක්ෂාකර තැබිය යුතු ධනය වේ.

වර්තමානයේ නිදන් සොයා යන බොහෝ දෙනකු අතීතයේ ජීවත් වූ ජනතාව අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා රන්, රිදී, මුතු, මැණික් වැනි වටිනා දේ තැන්පත් කර ඇතැයි සිතති. නමුත් මෙරට අතීත තොරතුරු අඩංගු කිසිදු ලේඛනයක, අභිලේඛනයක හෝ සාහිත්‍ය කෘතියක හෝ එවැනි නිධන් තැන්පත් කිරීමේ සිරිතක් ගැන සාක්ෂි හමුවන්නේ නැත.

මහාචාර්ය ගුණවර්ධන පවසන්නේ 19 වැනි සියවසේ අග භාගයේ පටන් අද දක්වාම මෙරට සෑම ප්‍රදේශයක ම පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකර ඇතත් දස දහස් ගණනක් වූ එවැනි කැණීම් කිසිවකින් තැන්පත් ධනයක් සොයාගෙන නැති බවයි. නමුත් බොහෝ ස්ථානවලින් පුරාවස්තු හමුවන බවත් ඒවා මිල කළ නොහැකි යැයි පවසන්නේ එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම නිසා මිස රුපියල් ශත හෝ ඩොලර් අගය මත නොවන බව ද හෙතෙම පවසයි.

යාල ජාතික වනෝද්‍යානය – ආකාස ගල

“පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස බොහෝ නිදන් සොයන්නන් විසින් හාරන දාගැබ්, බුදු ගෙවල් ඇතුළු ගොඩනගැලිවල එවැනි නිධන් තැන්පත් කර තිබෙනවා නම් හොර රහසේ මහා කලබලයකින් ඒවා හාරන නිදන් හොරුන්ට වඩා මාස ගණනක් විධිමත් කැණීමක් කරන අපිට ඒවා හමුවෙන්න ඕනෑ. නමුත් පුරාවිද්‍යාඥයන්ට කිසිම තැනකින් එවැනි තැන්පත් වටිනා වස්තු ලැබී නැහැ. එසේ නොලැනේනේ අතීතයේ එලෙස ධනය තැන්පත් කිරිමේ සිරිතක් මෙරට තිබුණේ නැහැ.”

එසේ වුවද මිසරය, ඊජිප්තුව වැනි ශිෂ්ඨාචාරයන් හි රජවරුන්ගේ සොහොන්කොත්වල මහා ධනස්කන්දයක් තැන්පත් කර ඇති ඉතිහාසයක් තිබේ. එවැන්නක් ඒ ශිෂ්ඨාචාරයන් හි සිදුකර ඇත්තේ ඔවුන්ගේ මුල්බැසගත් ආගමික විශ්වාසයන් හා අභිචාර විධික්‍රම අනුවය.

ශ්‍රී ලංකාවේ එවැනි සිරිතක් පැවති බවට සාධක නැත. ඉබ්බන්කටුව වැනි පැරණි ප්‍රාග් සුසානභූමි කැණීම් කළ අවස්ථාවන්හි දී පබළු වැනි කොටස් කිහිපයක් හමුව ඇත්තේ එම මියගිය පුද්ගලයන් භාවිතා කළ ආභරන ලෙස විනා තැන්පත් කළ ධනයක් ලෙසින් නොවේ. මෙරට රජවරුන් ආදාහනය කළ ස්ථාන යැයි විශ්වාසකරමින් කැණීම් සිදුකළ තැන්වලින් හෝ එවැනි තැන්පත් ධනයක් හමුවී නැත.

පැරණි දාගැබක් පිහිටි ස්ථානයක් නිදන් සොයා විනාශ කර දමා ඇති ආකාරය

නමුත් මෙරට ජන සමාජයේ නිදන් පිළිබඳ බලපත් විශ්වාසයක් මුල් බැසගෙන තිබේ.

මෙරට ඉතිහාසයේ තැන්පත් කිරීම් පිළිබඳ පැරණිතම ලිඛිත සාක්ෂිය ලැබෙන්නේ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ කැනීමකින් ලැබුණු සල්ලිපියකිනි. ක්‍රිස්තු වර්ෂ 164-192 කාලයේ රජකළ මළුතිස හෙවත් කණිට්ඨතිස්ස රජු විසින් කරවන ලද මේ ශිලා ලිපියේ රජුගේ මව් වූ සිරිබියගේ ධාතු සහ රජුගේ බිසව වූ මිතගේ ධාතු මෙහි තැන්පත් කර ඇතැයි දක්වා තිබේ.

නිදන් වස්තූන් පිළිබඳ බොහෝ දෙනකුගේ විශ්වාසය ඇති වී තිබෙන්නේ මහනුවර යුගයේ අවසන් භාගයේ දී ලියවුණු නිදන් වදුල නම් ග්‍රාමීය පුස්කොළ ලියැවිලි සමූහයක් හේතුවෙනි. ඒව‍ායේ එන බොහෝ කරුණු පැරණි ග්‍රාම නාම සම්භවයන්, මාර්ග, මායිම් බෙදීම් හා කුලගොත් පිළිබඳ කරුණු ඇතුළත් කඩඉම් ලකුණු හා සමපාත වන්නකි. එබැවින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ නිදන් වදුලේ ඇත්තේ තැන්පත් කර ඇති මහා ධනයක් පිළිබඳ විස්තර බවයි.

ගල්වල කොටා ඇති ශිලා ලේඛනවල අකුරු කියවාගත නොහැකි ඇතැම් පුද්ගලයෝ එතැන නිධාන ඇතැයි සිතා ඒවා පුපුරුවා ගල් පලා ධනය සොයති. මෙරට පැරණි ජනාවාස පැවැති අතැම් පෙදෙස්වල ගල්වල කොටා ඇති සළකුණු දක්නට ලැබෙන බව සත්‍යයකි. පහසුවෙන් සටහන් කළ හැකි ඉර, හඳ, දුන්න, ඊතලය, ඇත් අඩි, හරක් කුරය, කඩුව, හක්ගෙඩිය, වටාපත සහ විවිධ ආකාරයෙන් සත්ත්ව රූප මෙලස ගල් මත දක්නට ලැබෙයි. නමුත් ඒවා නිදන් ලකුණු නොවේ.

වර්තමානයේ ග්‍රාම නිලධාරී මායිම්, ඉඩම් මායිම්, දිස්ත්‍රික් හා පළාත් මායිම් මෙන් එකළ පත්තු, කෝරළ, මණ්ඩල, රට්ඨ වශයේන තිබූ එක් එක් පරිපාලන කොට්ඨාස වෙන්කිරීමට යොදූ මායිම් සළකුණු බව බොහෝ දනකු දන්නේ නැත. මෙවා කඩඉම් ලකුණු ලෙස හඳුන්වයි.

ඇතැම් තැන්වල දී සෙල්ලිපියකින් යම් විධානයක් සිදුකර එම විධානය ඉර හඳ පවතිනා තාක් තිබිය යුතු බව පැවසීමට ඉර හඳ සළකුණු කොටයි.
මෙරට බුද්ධ ශාසන පරිහානිය පැවැති මහනුවර යුගයේ ඉන්දියානු බ්‍රාහ්මණ බලපෑමද වැඩි වී තිබිණි. එකල මෙරට සිටි බ්‍රාහ්මණයෝ මෙරට සමාජයේ මිත්‍යා මත ප්‍රචාරය කළ. නිදන් වදුලේ භාෂව අධ්‍යයනය කරනවිට පෙනී යන්නේ නිදන් වදුල යනු බ්‍රාහ්මණයන්ගේ අභාෂයෙන් නිර්මාණය වූ දෙයක් බවයි. ඒ බව එම වදුල් පොත්වල ම දැක්වෙන් “රාමද්‍රසී බ්‍රාහ්මණයාගේ වඳුරු ශාස්ත්‍රයයි”, “කාල නම් සෘෂිවරයා පැවසූ වඳුරු ලක්ෂණ ශාස්ත්‍රයයි” වැනි වැකිවලින් ම තහවුරු වෙයි. මෙය හින්දු බලපෑමෙන් වූවක් බව ඉන් පැහැදිලි වෙයි.

මේ වදුලු පොත් පිළිබඳ අධ්‍යයනය කළ විට පෙනී යන්නේ ඔවන් කඩඉම් ලකුණු භාවිතා කරමින් ඒවා නිධානයක සළකුණු බවට ව්‍යාජ අර්ථයක් දෙමින් මන්ත්‍ර ශාස්ත්‍ර හා පූජ ක්‍රම ඔස්සේ ජීවත්වීමටත්, තම ආගම ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් නිදන් වදුල ගොතා ඇති බවයි.

නිදන් පිළිබඳ මෙරට ජනතාව අතර යම් මතයක් ඇතිවීමට ඉවහල් වූ තවත් කරුණක් වන්නේ 1887 අංක 17 දරන පැරණි නිදන් වස්තු ආඥා පනතයි. මේ පනතට සිංහල බසින් භාවිතා වූ නදන් වස්තු ආඥා පනත යන්න ම මෙරට පුරාවිද්‍යා ස්මාරක ආශ්‍රිතව මහා නිධානයන් ඇති බවට මතයක් ජනතාව අතර මුල්බැස ගැනීමට හේතුවක් වී තිබිණි.

“ජනතාව අතර තියෙන මේ මිත්‍යා විශ්වාසය නිසා අපේ රටේ පුරාවස්තු බොහොමයකට විශාල වශයෙන් හානි සිදුවෙලා තියෙනවා. අපි දන්න තැන් වගේම නොදන්න තැන් පවා නිදන් සොයන පුද්ගලයන් විසින් විනාශ කරලා. ඇතැම් ‍ඒවා හාරලා, පෙරළලා දාලා. ඓතිහාසික ස්ථාන තේරුම්ගත නොහැකි ආකාරයෙන් අවුල් කර දමා තිබෙනවා.  පුරාවිද්‍යාත්මක පැත්තෙන් බැලුවම කණ්ට්ඨතිස්ස රජ්ජුරුවන්ගේ සෙල්ලිපියේ සඳහන් වෙනවා වගේ යම් යම් ඓතිහාසික දේ තැන්පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. දාගැබක් හදන විට බුදු පිළිමයක් ස්ථාපිත කර විට මේ විදියට දේවල් තැන්පත් කළා. අපිට පුරාවිද්‍යාත්මක කැණීම්වලින් එවැනි දේ තැන්පත් කළ යන්ත්‍ර ගල කියා කොටස්ක තිබෙනවා. ඒවායේ සර්වඥ ධාතු, රහතන්වහන්සේලාගේ ධාතු වැනි දේ තැන්පත් කළා. දාගැබ්වල ධාතු ගර්භයේ බුදු පිළිම වගේ දේවල් කුඩා කරඬු තැන්පත් කළා.” යැයි මහාචාර්ය ගුණවර්ධන පවසයි.

“ඒ වගේම අපේ සංස්කෘතිය හා බැඳුණු සම්ප්‍රදායක් තිබෙනවා. අදටත් පින් කැටයට සල්ලි දානවා වගේ අතීතයෙත් දාගැබ් ඉදිකරන විට තම තමන් සතුව තිබෙන යම් යම් ආභරණ වගේ දේවල් ඒ දාගැබට දමන්නට ඇති. අපේ පැරණි වාර්තාවකත් තිබෙනවාව අනුරාධපුර පූජා භූමියේ තාප්පයක් හදමින් සිටින විට කාන්තාවක් ඇවිත් එයා කරබැඳි මාලය මේ තාප්පයට දැමූ සිද්ධියක්.

අනුරාධපුරය, පොළොන්නරුව බිඳ වැටුණු පසු අදින් වසර 1000-800කට පමණ පෙර අතීතයේ පටන්ම විවිධ පුද්ගලයෝ ඒ ස්ථාන හාරා වටිනා වස්තූන් සොයා ඇතිබවට සළකුණු තිබේ. එබැවින් අහම්බයකින් වුව ද ඒවායේ යම් වටිනා දෙයක් තැන්පත් කර තිබුණ ද දැන් ඒ කිසිවක් ඉතිරිව තිබේයැයි විශ්වාස කළ නොහැකිය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ නිදන් හොරුන් විසින් හාරා නැති පුරාවිද්‍යාත්මක ස්ථානයක් මෙරටින් සොයාගත නොහැකි බවයි.

වර්තමාන සමාජයේ මුල් බැසගෙන ඇති නිදන් පිළිබඳ මිත්‍යා විශ්වාසය පසුපස යමින් වාණිජ අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ඇතැම් පුද්ලයෝ මහා පරිමානයෙන් මෙවැනි දේ සොයා යති. සඳකඩ පහණක්, පියගැට පෙළක්, පැරණි කඩඉම් ලකුණක් දුටුවිට එතැන පුපුරවා හෝ හාරා විනාශ කර නිදන් සොයන ඔවුන් එතැනින් එවැනි නිධානයක් හමු නොවුණු විට තමන්ට පෙර කවරකු හෝ එය රැගෙන ඇතැයි කියා සිතමින් තවත් තැනක් හාරයි, විනාශ කර දමයි.

ඔවුන්ට යම් කුඩා කරඬුවක් හෝ, පබළු හෝ බුදු පිළිමයක් හෝ හමුවුවහොත් ඒවා විකුණා දැමීමට උත්සා ගත්ත ද සැබැවින්ම එයට මූල්‍ය වටිනාකමක් නැත. ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පමණි. පුරාවිද්‍යාත්මක විටිනාකම මිල කළ නොහැකි යැයි පැවසූ විට මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරය කරයි. එවිට නිදන් පිළිබඳ විශ්වාස කරන පුද්ගයන් සිතන්නේ අති විශාල වටිනාකමක් ඇතිබවයි. ඔවුහු ඒ අනුව තදුරටත් නිදන් හෑරීමට පෙළඹෙති.

“ශ්‍රී ලංකාවේ බුදු පිළිම හා කරඬු නිර්මාණය කිරීමේ තාක්ෂණයේ දී රත්‍රන් නිර්මාණ දක්නට නැහැ. රන්මුවා පිළිම, රන්මුවා කරඬු නැහැ. තියෙන්නේ තඹ හෝ වෙනත් ලෝහයකින් කරලා රන් ආලේපිත ඒවා පමණයි. දැනටත් වාණිජ අරමුණු වෙනුවෙන් නිදන් කියන සංකල්පය අනුව ගිහින් ව්‍යාපාර කරන අය තඹ පිළිම හදලා රන් ආලේප කරලා නිදානයකින් ගත්තු රන් පිළිම කියලා විකුණන අවස්ථා වාර්තා වෙනවා. ඔවුන් මේවා අලුතෙන්ම හදලා විකුණන්නේ. මේක ජාවාරමක්.” යැයි ද මහාචාර්යවරයා පැවසීය.

යාල වනෝද්‍යානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ආකාස චෛත්‍යය නැමැති ස්ථානයක් ප්‍රතිසංස්කරණය කරන බවත් එතැනට නව මාර්ගයක් ඉදිකිරීමට යෝජනාවක් ඇති බවටත් මේ දිනවල විශාල ආන්දෝලනක් හටගෙන තිබේ.

එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මාගම රාජධානියේ බොහෝ ස්ථාන නටඹුන් බවට පත්වී යාල මහා වනාන්තරයට වැසී ගොස් ඇත. මේ මහ වනයේ මාගම රාජධානියේ ඇතුළු නුවරට අමතරව තැන තැන දියුණු වී තිබූ කුඩා නගර, වෙළඳ මධ්‍යස්ථාන, කර්මාන්තශාලා මෙන්ම ජනාවාස ගොඩනැගිළිද එම ශිෂ්ඨාචාරයේ ගොඩනැගුණු වෙහෙර විහාර ද දහස් ගණනක් තිබෙන බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි. නමුත් ඒ සියල්ල දැනටමත් නිදන් පිළිබඳ මිත්‍යාවකින් සිටින ජාවරාම්කරුවන් විසින් වනසා දමා තිබේ. අනාගතයේ දී ද ඉතිරිව ඇති කොටස් විනාශ වී යා නොදී රැකගැනීම අප සැමගේ යුතුකමකි.

නිදන් ඇතැයි යන මිත්‍යාවට නොරැවට මෙරට සැබෑ ඉතිහාස කතාන්තර අප උකහා ගත යුතුය.

(සජීව විජේවීර)

1 COMMENT

  1. ඉතා වටිනා කාලෝචිත ලිපියක්. රටේ ජනයා අතර මුල් බැස ගෙන තියෙන මේ නිදන් වස්තු දුර්මතය තුරන් කිරීමට මහාචාර්ය ප්‍රිශාන්ත ගුනවර්ධන මහතා තව මෙවැනි ලිපි සහ විද්‍යුත් මාධ්‍ය හරහා වැඩසටහන් කරනව නම් ඉතා අගනේය යනු මගේ අවංක අදහසයි.
    මාගම පිහිටි රෝහණ රාජධානියේ ක්‍රිස්තු පූර්ව ඉතිහාසය ගැන අප ජනයා දන්නේ ඉතා අල්පවයි. මෙහි රැකියා කල ඉංග්‍රීසි විද්වතුන් අපේ පුරාවස්තු ගැන විශාල උනන්දුවක් ගෙන Royal Asiatic Society සඟරාවල 1880 වල සිට ඉංග්‍රීසි බසෙන් ඉතා පැහැදිලිව ලියා ඇතත්; බ්‍රිතාන්‍යය පාලකයො ඒ අය විසින් නිර්මාණය කල ඉංදියානු ඉතිහාසයට සරිලන්නදෝ අපේ වටිනා ඉතිහාසය වළලා දැමීමට පුරා විද්‍යත්වමක වටිනා පැරණි රාජධානි විශාල බිම් ප්‍රමාණ වනෝද්‍යන ලෙස ගැසට් කර ඇත. යාල (විශේෂයෙන් block 2 ) , විල්පත්තුව , වස්ගමුව සහ මාදුරු ඔය මෙසේ වන ජීවීන්ට බාර කර අපේ ඉතිහාසය වළලා දමා ඇත.
    ඉංග්‍රීසි බසින් ලියවී ඇති මේ සඟරා සමූහය සිංහල ජනයා පරිශීලනය කර නැත. එය සිංහල බසට පරිවර්තනය කිරීම රජයේ මැදිහත් වීමකින් සිදු විය යුතු අගනා බැරෑරැම් කාර්යකි.
    මීට අමතරව Inscription of Ceylon part 1, part two 1 and part two 2 , Epigraphia Zylanica යන පොත් සමූහයම සිංහල බසින් පරිවර්තනය විය යුතුයි. ඉතිහාසය ඉගෙන ගත් කල ඔය නිදන් හාරන මිත්‍යා අදහස් ජන සමාජයෙන් තුරන් වෙනු ඇත.
    Dr. K.L.Fernando FRCS, FCSSL, FACS

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: