කොළඹට ආ පොහොර නැව ගැන ගෙන්වූ සමාගමෙන් පැහැදිළිකිරීමක්

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

කොළඹ වරායට පසුගිය ජූලි 12 වැනි දා පැමිණ ඇති MA EMESA නෞකාවේ ඇති යූරියා තොගය රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු ගෙන්වන ලද පොහොර තොගයක් නොවන බව බ්‍රවුන්ස් සහ සමාගමට අයත් Agstar PLC සමාගම පවසයි.

මෙම නෞකාවේ යූරියා මෙට්‍රික් ටොන් 10,000ක් පමණ ඇත. එය ලයිබීරියා ධජය යටතේ කොළඹ වරායට යාත්‍රාකර තිබේ. දැනට කොළඹ පිටත වරායේ නැංගුරම් තිබෙන බව නාවික දත්ත අනුව තහවුරු වෙයි.

Agstar PLC සමාගම විසින් නිකුත්කරන ලද ලිපියක දක්වා ඇත්තේ එම නෞකාවේ යූරියා මෙට්‍රික් ටොන් 9,795ක් එහි ඇති බවයි. ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 39ක් වටිනා මෙම පොහො‍ර තොගය පසුගිය මාර්තු මස 06 වැනි දින නැවට පටවා ඇති බවත් රජය පොහොර තහනම පැනවූයේ මැයි මස 06 වැනි දා බවත් එම සමාගම දැනුම් දෙයි.

සමාගම පවසන්නේ  මෙම යූරියා පොහොර තොගය සඳහා ඇනවුම ලබා දී ඇත්තේ 2021 ජනවාරි 29 වැනිදා බවයි. පොහොර ආනයනය සඳහා අංක 0042002210002968 යටතේ ණයවර ලිපි (LC) යවා ඇත්තේ 2021 පෙබරවාරි 12 වැනිදාය. එසේම MA EMESA නෞකාව වෙත එම පොහොර තොගය පැටවීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් අනුමැතිය  හිමිව ඇත්තේ මාර්තු 04 වැනිදාය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් අදාළ පොහොර තොගය මාර්තු 22 වැනිදා නිදහස් කරගැනීම සඳහා වන අනුමැතිය එම සමාගම වෙත ලබා ඇතැයි Agstar PLC සමාගම පවසයි.

Agstar PLC සමාගම  දැනුම් දෙන්නේ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබිය දී මාර්තු 11 වැනි දින ප්‍රධාන එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මලක්කා සමුද්‍ර සන්ධියේ දී නැව නතර වී ඇතිබවයි. එය යළි අලුත්වැඩියා කිරීමෙන් පසු යාත්‍රා කිරීම හේතුවෙන් ජූලි 12 වැනි දා දක්වා නෞකාව පැමිණීම ප්‍රමාද වූ වත් සැළසුම් කළ පරිදි මාර්තු 15 වැනි දා වනවිට මෙරටට පැමිණීමට නොහැකි වූ බවත් එම සමාගම දැනුම් දෙයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සමාගම අදාළ නෞකාව කොළඹ වරාය තුළ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු යොදා තිබේ. එහිදී මෙම සැපයුම් තොගය පැමිණීම ප්‍රමාදවීම නිසා සිදුව ඇති අලාභය වෙනුවෙන් එම නෞකාවෙන් වන්දි ඉල්ලීමක් සිදු කරන බවත් Agstar PLC පවසයි.

එහිදී ශ්‍රී ලංකා රේගුව සහ වරාය අධිකාරිය වෙත මේ සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල් සමාගම විසින් දැනටමත් ගෙවා ඇතැයිද සඳහන් කරයි.

ගෙනවිත් ඇති යූරියා පොහොර තොගය නිදහස් කරගැනීම පිළිබඳව බලධාරීන් සමගින් සාකච්ඡා කරමින් තිබෙන බවත්, මෙහිදී සමාගම විසින් කිසිදු ආකාරයක නියාමනයක් කඩකර නොමැතිබවත් Agstar PLC සමාගම සඳහන් කර තිබේ.

අදාල පොහොර තොගය මෙරටට ගෙන්වන ලද්දේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය ඇතිව බවත් තේ සඳහා අවශ්‍ය නයිට්‍රජන් පොහොර අවශ්‍යතාව සඳහා මෙම තොගය ගෙන්වා ඇති බවත් අදාල සමාග පවසයි.

එම පොහොර වැවිළි සමාගම් සහ කුඩා තේ වතු හිමියන්ගේ පොහොර අවශ්‍යතාව සඳහා ලබාදීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයනේ ලබාදුන් අනුමැතියක් ද Agstar PLC සමාගම සතුව තිබේ.

මේ අතර අදාළ රසායනික පොහොර තොගය මෙරටට ගොඩබැස්සවීම සඳහා නියමිත අවසරයක් හිමි නොවුණහොත්, තමන්ට ඉන් සිදුවන අලාභය මඟහරවා ගැනීම සඳහා එම පොහොර තොගය වෙනත් අවශ්‍ය ස්ථානයක් වෙත ආපසු යැවීම සඳහා සුදුසු කටයුතු යෙදීමට ද එම සමාගම අපේක්ෂා කරයි.

2021 මාර්තු 31 වැනිදා වනවිට Agstar PLC සමාගමේ කොටස් හිමිකාරීත්වය අතරින් 31.71% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ සියෙරා හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමටය. එසේම 19.58%ක කොටස් ප්‍රතිශතයක් LOLC සමාගම වෙත හිමිව  ඇත. එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වෙත 13.18%ක ප්‍රතිශතයක් හිමිය. ඒ අනුව අද වනවිට සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් (32.76%ක්) පවතින්නේ LOLC සමූහයටයි.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!