නිවුන් ‍දරුවන්ගේ ශෝකාන්තය රටට ම පාඩමක් විය යුතුයි

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

දරුවන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් දෙමාපිය වැඩහිටියෝ ඕනෑම දෙයක් කරති. මෙවැනි අවස්ථාවල දී දෙමාපිය වැඩිහිටි‍යන්ගේ අදහස වන්නේ තමන් සමඟ සිටින විට දරුවන් ආරක්ෂිත බවයි. නමුත් එක් නිමේෂයක වන සුළු වැරදීමකින් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා තම ජීවිතය අහිමිවී යා හැකි බව පසුගිය දා බලපිටියේ දූව මෝදර දී සනාථ විය.

ඒ වයස අවුරුදු 06ක් වූ නිවුන් දරුවන් සමඟ ඔවුන්ගේ සීයා ද දියේ ගිලී මියයාමෙනි.

කොස්ගොඩ ප්‍රදේශයත්, ගාල්ලේ දඩල්ල ගම්මානයත් හඬවමින් රටේ සියලු දෙනාට දුක්බර පුවතක් ගෙන එමින් ඔවුහු අවසන් ගමන් ගියහ.

දැන් ඒ පිළිබඳ දුක් ගී ලියා වැඩක් නැත. එකම මව් කුසක එකට වර්ධය වී විනාඩි කිහියක පරතරයකින් මෙ‍ළොව එළිය දුටු මේ අයියා මලෝ දෙදෙනා එකටම අවසන් ගමන් ගියේ ඔවුන්ට සිය පනටත් වඩා ආදරය කළ සීයා ද සමගිනි.

“දැන් නෑවා ඇති නේද පුතේ. ගෙදර යමු. නැත්නම් අම්මගෙන් ගුටිකන්න වෙන්නේ” යැයි සීයා පවසද්දී

“අනේ සීයේ තව ටිකක් නාමු” යැයි කී මේ දරුවන් දෙදෙනා ඉන් මොහොතකට පසු සතුට සහ විනෝදය ඛේදවාචයක් බවට පත්කරමින් ජීවිතයෙන් සමුගනු ඇතැයි ඒ සීයා ද සිතන්නට නැත. දරුවන් බේරාගැනීම සඳහා දියට පැන්න සීයා ද ඔවුන් සමඟ අවසන් ගමන් ගියේය.

පසුගිය සෙනසුරාදා (10) මේ සිද්ධිය වූ දිනය ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ දැඩි සුළං තත්ත්වයක් ඇති බවත් දිය නෑමෙන් සහ ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් ද වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබූ දිනයකි. දවස පුරාම පළාත් කිහිපයක ම තද සුළං හමා ගිය අතර කඩින් කඩ වැසි ඇතිවිය.

මෙලෙස ජීවිතය අහිමි වූයේ ගාල්ලේ දඩල්ලේ පදිංචි දිලිප් රෝහාන් කන්දඋඩ මහතාගේ සහ අගම්පොඩි චාමලී සෙව්වන්දි මැන්දිස් මහත්මිය යන දෙදෙනාගේ නිවුන් දරුවන් වූ සතික සත්සිඳු සහ සමිත සත්සිඳු යන දරුවන් දෙදෙනාය.

මියගිය සීයා කොස්ගොඩ පදිංචි අගම්පොඩ ඉන්දික රාජ්කුමාර මෙන්ඩිස් (62) ඔරු කිහිපයක ද හිමිකරුවකු වන ඔහු ගඟ දිය හොඳට හුරු පුරුදු පිහිනීමේ ද දක්ෂයෙකි.

ගාල්ලේ තරමක් නාගරික පරිසරයක ජීවත් වන මේ දරු දෙදෙනා ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ මෙවර පළමු වසරට ඇතුළු වූයේ දෙමාපියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි. කෙළිලොල් දඟකාර වියේ පසුවූ මේ නිවුන් අයියා ම‍ලෝ දෙදෙනා පාසලේ දන්නා හඳුනන සැමගේත්, ගමේ අසල්වැසියන්ගේත්, පවුලේ ඥාතීන්ගෙනත් ආදරය දිනාගත් දෙදෙනෙකි.

ඔවුන්ගේ දඟකාර කෙළිලොල් ක්‍රියාවන් සහ හුරතල් කතා බහ ඔවුන්ගේ දුටු කිසිවෙකුට අමතක නැත. ඒ නිසාම හදිසියේ ම සිදුවූ මේ අනතුර කිසිවෙකුට දරාගත නොහැකි වේදනාවක් බවට ම පත්විය.

ඔවුන්‍ දෙදනොගේ මව කොස්ගොඩ දූවමෝදර ආසන්නයේ උපතලැබූවෙකි. දූවමෝදර යනු ගඟත් මුහුදත් ආසන්නයේ පිහිටි ඉතාමත් සුන්දර ගැමි පරිසරයකි. මේ පරිසරයට දරුවන් දෙදෙනා බෙහෙවින් ඇළුම් කළහ. ඒ නිසාම අම්මාගේ ගමට ගොස් දින කිහිපයක් ගත කිරීම ඔවුන්ගේ ආශාවකි.

සිකුරාදා (09) ඔවුන් අම්මාගේ ගමට ගියේ අම්මාත්, මාමාත් සමගිනි. පුද්ගලික ආයතනයක සේවය කරන ඔවුන්ගේ පියාට වැඩ රාජකාරී බහුල වීම හේතුවෙන් මේ ගමනට එක්වීමට හැකිවූයේ නැත.

පසු දා දහවල් මේ දරුවන්ට ගඟේ නෑමට අවශ්‍ය වී තිබිණි.

උදෑසන 10.00 පමණ වනතුරු Online පන්තිවලට සහභාගී වූ අයිය මලෝ දෙදෙනා සිය සීයා ද සමඟ ගඟට ගියහ. ඔවුන් සමඟ තවත් ඥාතියෙකු ද සිටියේය. දරුවන් තම පියා සමඟ ගඟ දෙසට ගිය පසු චාමලී සෙව්වන්දි මහත්මිය ද තම මව සමඟ ඒ දෙසට ගියාය.

මෙම සිද්ධිය ඇසින් දුටු අගම්පොඩි සෙනරත් මැන්දිස් මහතා (47) මෙසේ කීවේය.

“ දරුවන් දෙදෙනා එක්ක මමත්, මියගිය ඉන්දික අයියාත් ගඟ අසළට යනවිට ‍දවල් දොළහ පහුවෙලා. අපි පුහු පොල් ගෙඩි දෙක දෙක එකතු කරලා ගැටගහලා දරුවන් දෙන්නට ඒවා අල්ලගෙන පීනන්න දුන්නා. මේ දෙන්නා ගඟට බැහැලා නාන හැටි අපි ගොඩට වෙලා බලාගෙන හිටියා. එතන ඉන්දික අයියට අයිති ඔරු දෙකක් තිබුණා. එක ‍දරුවෙක් කීවා සීයේ ඔරුවේ යමු කියලා. ඊට පස්සේ දරුවෝ දනේනා ගොඩට ඇවිත් ඔරුවේ නැග්ගා. මමත් ඔරුවේ නැගලා අපි හතර දෙනාම ගඟට ගියා.”

ගං දියට මෙලෙස ඔරුවේ නැගී ගිය ඔවුන් ඉවුරට මීටර 20ක් පමණ දියට ගිය ඔවුන් දියේ ලීයක් සිටවා ඔරුව එහි ගැටගසා තිබේ. එම ස්ථානයේ වතුර තිබී ඇත්තේ දරුවන්ගේ උරහිස් ප්‍රමාණයට බව ද සෙනරත් සිය සාක්ෂියේ දී පවසා ඇත. ඔරුවේ සිට ගඟට පනිමින් නැවත ඔරුවට නඟිමින් ගඟට පනිමින් මහත් සේ විනෝද වන දරු දෙදෙනාගෙන් මියගිය සීයා ඒ අවස්ථාවේ දී “දැන් නෑවා ඇති නේද ? අපි ගෙදර යමු” යැයි ද විමසා තිබේ. නමුත් දරු දෙදෙනා ඊට එකඟ වී නැත.

“දැන් අම්මලත් එනව ඇති. අම්ම ඔයාටල ගහයි” යනුවෙන් ද සීයා පවසා තිබේ.

නමුත් ඔවුන් එය ගණනකට ගෙන නැත.

මේ අවස්ථාවේ දරුවන්ගේ මව සහ අත්තම්මා ද ගං ඉවුරට පැමිණ පුටු දෙකක වාඩි වී දරුවන් දෙස බලා සිටි බව සෙනරත් පවසයි.

“මේ වෙලාවේ සුළං පාරක් ඇවිත් ඔරුව ගැටගහලා තිබුණු ලීයෙන් ගැලවිලා පාවෙන්න ගත්තා. ඉන්දික අයියයි මමයි හිටියේ ඔරුවේ. පොඩි දෙන්නා පුහු පොල්ගෙඩිත් එක්කම දියේ ගැඹුරු පැත්තට ගහගෙන ගියා. ඉන්දික අයියා පොඩි එක්කෙනෙක්ව අල්ලගත්තා. ඒත් එයත් එහෙමම ගහගෙන ගියා. අයියයි දරුවො දෙන්නයි නොපෙනී ගියා. මේ එක්කම ගොඩ හිටපු දරුවන්ගේ අම්මා ගඟට පැන්නා. එතැන ගැඹුරුයි මම එයත් අරගෙන ගොඩට ආවා. තුන්දෙනාම ගිලුණේ මගේ ඇස් පනාපිටම.” යැයි සෙනරත් මේ බිහිසුණු සිද්ධිය විස්තර කළේය.

“දරුවෝ දෙන්නා මගේ තාත්තත් එක්ක නාන්න ගඟට ගිය නිසා මායි අම්මයි එයාලව බලන්න ගඟ ළඟට ගියා. ඒ අය නාමින් ඉන්නවා. තාත්තා වතුරේ බැහැලා දරුවන්ට පීනන හැටි පෙන්වමින් හිටියේ. ලොකු පුතා මාව දැකලා අම්මේ කියලත් කිව්වා. අපි පුටු දෙකක වාඩිවෙලා බලාගෙන හිටියා. අම්මයි මමයි කතා කර කර ඉන්නවිට රුව බාප්පා (සෙනරත්) ලොකු අයියේ කියලා කෑ ගැහුවා. අපි ඒ පැත්ත බලනකොට තාත්තා දරුවෝ දෙන්නාව බදාගන්නවා වගේ දැක්කා. තාත්තා එක්කෙනෙක් උඩට ගත්තා. ඒත් තුන්දෙනාම නැවත යට ගියා. මමත් ගඟට පැන්නා. බාප්පා කෑ ගැහුවා ඔතන ගැඹුරුයි ගිලේවි කියලා. බාප්පා හිටියේ ඔුරුවේ ටිකකින් එයත් ගඟට පැනලා ගොඩට ආවා මමත් ගිලෙන්න ගියා. අමාරුවෙන් ගොඩට ආවේ. බාප්පා කට්ටිය එක්කගෙන එන්නම් කියලා ගියා. ගමේ අය ගොඩක් ආවත් දරුවා සෙයා ගන්න බැරිවුණා. පස්සේ පොලිසිය දැනුම්වත් කරලා නාවික කට්ටිය ඇවිත් තමයි දරුවන් දෙන්නයි තාත්තයි සොයාගත්තේ. එතකොට සවස හතර විතර වෙලා තිබුණා.”

දරුවන්ගේ මව සිද්ධිය විස්තර කළාය.

සිද්ධිය සැළ වූ වහාම දරුවන්ගේ පියා ද එතැනට පැමිණියේය. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් දරුවන්ගේ සිරුරු සහ සීයාගේ සිරුර ගොඩගත් අවස්ථාවේ දී තවමත් දරුවන්ගේ නාඩි වැටෙන බව පවසමින් ඥාතීන් කෑ ගසන්නට වූයෙන් දරුවන්ගේ සිරුරු බලපිටිය රෝහලට රැගන යන ලදී. නමුත් බලපිටිය රෝහලේ වෛද්‍යවරු පවසන්නේ පැය තුනකට වැඩි කාලයක් ජලයේ ගිලී සිටි දරුවන් දෙදෙනා රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක පරාක්‍රම අකරැටියගම මහතා විසින් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මෘත දේහ පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඩී.එස්. දන්ගහවත්ත මහත්මිය විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙම තිදෙනාම දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව තීරණය කළේය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මිය විසින් අනතුරට පත්වී රෝහල්ගතවන ළමුන් ආශ්‍රයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ දරුවන් වැඩිපුරම අනතුරට ලක්වන්නේ ඔවුන්ගේ දෙමාපියන් හෝ සමීපත ම වැඩිහිටියන් සමඟ සිටින අවස්ථාවන්වල දී බවයි.

“ ඇය පවසන්නේ දරුවන් දියට හුරුකළ යුතු වුව ද මෙවැනි අනතුරුදායක ස්ථානවල දී දරුවන්ට දිය නෑමට දීම අනතුරකට අතවැනීමක් බවයි. එමෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවා අනතුරු අඟවා තිබූ දිනයක මෙලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැකියැයි ද ඇය පවසයි. තමන්ට සිදුවිය හැකි අනතුරක් පිළිබඳ දරුවන්ට වැටහීමක් නොමැති වුව ද දෙමාපිය වැඩිහිටියන් එය තේරුම්ගෙන කටයුතු කිරිමෙන් මෙවැනි අනතුරු වළක්වාගැනීමට හැකියාව ඇති බව ද වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මිය කියා සිටියාය.”

ඇය පවසන්නේ ඉතාමත් දුක්ඛදායක මේ සිදුවීමෙන් සමස්ත රටම සියලු දෙමාපියන්ම පාඩමක් උගත යුතු බවයි.

(සජීව විජේවීර)

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ලොව විශිෂ්ඨතම කෙටි චිත්‍රපටය නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා

ඇය තම සැමියා මරා දැමුවාය. ඒ බිහිසුණු ඝාතනය පිළිබඳ සොයන කිසිදු විමර්ශන නිලධාරියකුට සාක්ෂි හමුවීමට ඇය ඉඩ නොතැබුවාය. ඔවුහු ඇය ගැන වරින්වර...

මානව වංශකතාව වෙනස් කළ බණ්ඩාරවෙල නගරයේ පුරාවිද්‍යා භූමිය

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි. අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ...

පොලිසියට ගලවන්න බැරි වූ කැලියල්පිටිය පන්සලේ යකඩ කට rata.lk අනාවරණයෙන් පසු ගැලවෙයි

දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර අද (22) ගලවා ඉවත්කර තිබේ. මෙම...

කොටස් වෙළෙඳ පොළ විජයග්‍රාහී වාර්තා රැසක් පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ වාර්තා රාශියක් පිහිට වූ අතර ගනුදෙනු 38,383ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,462ක් බවට පත්විය.

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිකරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ ඩීසල් ලීටරයක් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් වැඩිකිරීමට තීරණය කර...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!