spot_img
spot_imgspot_img

සඳුදා රට විවෘත වූ පසු ක්‍රියාත්මක සීමා මෙන්න

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා පනවන ලද සංචරණ සීමා හෙට (21) ලිහිල් කළ ද දැඩි සීමාවන් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඒ අනුව, කාර්යාල සේවාවන් පවත්වාගෙන යා හැකි වන්නේ අත්‍යාවශ්‍යම අවම සේවක සේවිකාවන් පිරිසක් සමඟ පමණි. නිවසේ සිට සේවය කළ හැකි අය එසේම සේවය කළ යුතු බව ද ඔහු කීවේය.

හෙට රට විවෘත වූ පසු පොදු ප්‍රවාහන සේවාවන් ආරම්භ කළ ද මගීන් රැගෙන යා හැකිවන්නේ ආසන සංඛ්‍යාවට පමණි. එමෙන්ම සෑම පුද්ගලයකු ම මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්යය වන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ද අනිවාර්යය වේ.

පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක වන අතර පලාත් හරහා ගමන් කළ හැකි වන්නේ අත්‍යවශ්‍ය සුවිශේෂී කරුණු සඳහා පමණි.

සියලුම ආකාරයේ සාද පැවැත්වීම තහනම් වන අතර විනෝද චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර නැත. පොදු ස්ථානවල සමූහ වශයෙන් එක්රැස්වී කටයුතු කිරීමට ද අවසර නැත.

හෙට (21) අළුයම 4.00ට සංචරණ සීමා ඉවත්කළ ද යළි 23 වැනි දා රාත්‍රී 10.00 සිට සංචරණ සීමා ක්‍රියාත්මක කරයි. ඉන් පසු එය 25 වැනි දා අළුයම 4.00ට ඉවත්කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!