spot_img
spot_imgspot_img

පුද්ගලයෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් වන්නේ කෙසේ ද ? පර්යේෂණ අසාර්ථකයි

පුවත්

විදෙස්

ලෝක ජනගහනයේන 0.5-1.3% අතර ප්‍රමාණයක් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගෙන තිබේ. මෙය හඳුනාගන්නේ උපතේ දී ඔවුන් තමන්ගේ ‍ජීව විද්‍යාත්ක ලිංගිකත්වයට නොගැලපෙන ලිංගිකත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙනි.

ඔවුන් මෙ‍සේ විමට ජෛව විද්‍යාත්මක හේතුවක් තීරණය කර තිබේ ද ?

නැතිනම් මෙසේ වීමට ස්වභාවික පාරිසරික සාධක හෝ ඔවුන්ගේ සංස්කෘතික බලපෑම් හේතුවන්නේ ද ?

මේ සම්බන්ධ පර්යේෂණ කරන විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ මොළයේ කරනු ලබන පරිලෝකන (Scan) මගින් පිළිතුරක් සොයාගත හැකි බවයි. ජාන විද්‍යාව අනුව මෙම සංක්‍රාන්ති ලිංගිකය් සහ ඔවුන්ගේම සම වයසේ පසුවන මිතුරන් අතර පැහැදිලි වෙනස්කම් දක්නට ලැබෙන බව එම පර්යේෂකයෝ කියති.

මේ අනුව ස්වභාවික පරිසරය, සංස්කෘතිය වැනි සමාජ සාධක මෙලෙස සංක්‍රාන්ති ලිංගිකයන් ඇතිවීමට හේතුවන්නේ නම් එලෙස මොළයේ පැහැදිලි වෙනසක් දක්නට නොලැබිය යුතුය.

පසුගිය වසර කිහිපයක් ම ලෝකය පුරා විද්‍යාඥයන් රැසක් මේ ගැටලුවට විසඳුම් සෙවීමට උත්සාහ ගත්තේය.

එඩින්බරෝ විශ්වවිද්‍යාලය පසුගිය මැයි මාසයේ දී මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති පර්යේෂණ ඒකාබද්ධ කර තිබේ. එහි පරමාර්ථය වූයේ සාමාන්‍ය පුද්ගලයන් හා සංක්‍රාන්ති ලිංගිකයන් අතර ඇති මොළයේ ලක්ෂණ පිළිබඳ ස්නායුකග ශිල්පීය ක්‍රමවලින් විද්‍යාත්මක සාක්ෂි සොයාගෙන ඒවා ලේඛනගත කිරීමයි.

පර්යේෂකයන් විසින් එම වාර්තාවන් අධ්‍යයනය කරමින් මොළය පරිලෝකනය මගින් අධ්‍යයන තිහක් හදුනාගෙන සමාලෝචනයට ලක්කර තිබේ.

මේ කරුණු සියල්ල සමාලෝචනයෙන් දැක්වෙන්න් මොළයේ ක්ෂුද්‍ර ව්‍යුහන්, පරිමාමිතික විශ්ලේෂණ, බාහිකයේ ඝනකම යන සාධකයන්හි සාමාන්‍ය ලිංගිකයන් සහ සංක්‍රාන්ති ලිංගයකන් අතර වෙනස්කම් දක්නට ලැබෙන බව පර්යේෂකයන් සටහන් කර තිබේ. “ස්ත්‍රී හා ස්ත්‍රී පුරුෂ” ගති ලක්ෂණ හඳුනාගැනීමට හා “පුරුෂ හා ස්ත්‍රී දූෂිත” ගති ලක්ෂණ මේ මාර්ග‍යෙන් සොයාගත හැකි බව ඔවුහු කියති.

එසේ වුව ද ඔවුන් පවසන්නේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ස්නායු ව්‍යුහයන්, ස්නායුවල භෞතික විද්‍යාත්මක හා ස්නායු සෛලවල සැකස්ම ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ පුරුදුවලට වඩා ඔවුන්ගේ ජෛව විද්‍යාත්මක උපත් ලිංගිකත්වයට සමාන බවයි.

කෙසේ වෙතත් මෙම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල හේතුවෙන් සාමාන්‍ය ලිංගිකයන් හා සංක්‍රාන්ති ලිංගිකයන් අතර නිරන්තරයෙන් වෙනස්වන විශේෂිත ලක්ෂණ මොළයේ හඳුනාගත නොහැකි බව ද මෙම පර්යේෂකයෝ කියති.

මේ දක්වා කරන ලද අධ්‍යයනයන් එකිනෙකට පරස්පර, මූලික හා කුඩා නියැදි යොදාගැනීම නිසා සාර්ථක ප්‍රතිඵල අත්නොවන බවත් පර්යේෂකයෝ කියති. ඇතැම් පර්යේෂකයන් තම මතයට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතිඵල වාර්තා නොකළ බවත් සංක්‍රාන්ති ලිංගිකයන් හා සාමාන්‍ය පුද්ගලයන් අතර මොළයේ වෙනස්කම් නොමැති බවටත් යෝජනා කළ සොයාගැනීම් මඟහැර ඇති බවත් එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ විශ්ලේෂකයෝ කියති.

සමස්තයක් ලෙස ගත්විට ස්ත්‍රී පුරුෂ භාවය පිළලිබඳ මොළයේ සම්බන්ධතාව ගවේෂණය කරන විද්‍යාව අවුල් සහගත හා නොගැලපෙන බව පෙනී යයි. සොබාදහම සහ සංස්කෘතිය යන දෙකම පුද්ලයකුගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයට බලපාන බව පර්යේෂකයන්ට තවදුරටත් ගැඹුරින් සොයා බැලීමට ඉඩ විවර වී තිබේ.

ස්ත්‍රී පුරුෂභාවය සහ ලිංගික දිශානතිය යන දෙකම ප්‍රධාන බලපෑම් වර්ග දෙකක් යටතේ වර්ධනය වන බව පෙනේ. සොබාදමහ අතර අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ජාන, ජාන ප්‍රකාශනය සහ හෝමෝනන යන ජීව විද්‍යාත්මක සාධක සහ දෙමාපියන්, සම ව‍යසේ මිතුරු මිතුරියන්, හවුල්කරුවන් සහ සමාජ ආකෘතිවල බලපෑම යන පාරිසරික සාධක සහ සංස්කෘතිය මීට ඉවහල්වන වන්නේ කවර ආකාරයෙන් ද යන්න අධ්‍යයනය කළ යුතුය.

Do Brain Differences Trigger Transgender Identity? The Science Isn’t Clear (msn.com)

පර්යේෂණ වාර්තාව

Structural, Functional, and Metabolic Brain Differences as a Function of Gender Identity or Sexual Orientation: A Systematic Review of the Human Neuroimaging Literature | SpringerLink

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!