spot_img
spot_imgspot_img

චීටා සහ හයිනාට මැදිව මුවෙකු දිවිගලවාගත් අපූරු සිද්ධියක් (වීඩියෝ)

පුවත්

විදෙස්

චීටාවකුට සහ හයිනාවකුට මැදි වූ අහිංසක ඉම්පාලා මුවෙක් දිවි බේරාගන්නා අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

මේ ඉම්පාලා මුවා චීටා සත්ත්වයකු‍ විසින් ඩැහැගෙන සිටිය දී එතැනට තරමක් විශාල හයිනාවකු පැමිණෙයි. හයිනාවෝ රංචු වශයෙන් දඩයමේ යෙදෙන්නෝය. මේ හයිනා චීටා වෙතට කඩා පනිද්දී තමන් අල්ලාගත් ඉම්පාලා අතහැර චීටා එතැනින් ඉවත්ව පසෙකට වෙයි. ඉම්පාලා මුවා මියගොස් ඇති බවක් දක්නට ලැබේ.

හයිනා විසින් ඉම්පාලා මුවා කා දැමීමට සැරසෙද්දී ද ඉම්පාලා මියගියාක් මෙන් නිසොල්මන්ව සිටියි. මේ අවස්ථාවේ දී පසෙකට ගිය චීටා තවදුරටත් තම ගොදුර දෙස බලා සිටිනු දකින හයිනා, චීටා ඈතට එළවා දැමීමට මදක් එදෙස යයි. ලද අවසරයෙන් ප්‍රයෝජන ගන්නා ඉම්පාලා මුවා වනයේ ඈතට දිවයන්නේ උපයාශීලීත්වයෙන් දිවි ගලවා ගනිමිනි.

මෙය සත්ත්ව ලෝකයේ අපූර්වත්වය විදහා දක්වන තවත් අවස්ථාවකි.

කෙසේ වෙතත් මේ වීඩියෝව ගැන සත්ත්ව වේදීන් අතර දැඩි කතාබහක් ඇතිවී තිබේ. විශේෂඥයන්ගේ මතය වන්නේ චීටා විසින ඉම්පාලා ඩැහැ ගනිද්දී ඇතිවූ කම්පනය හේතුවෙන් සිහිමුර්ජා තත්ත්වයට පත්වන්නට ඇති බවයි. ඉන් පසු චීටාගෙන් ගොදුර තමන් සන්තක කරගන්නා හයිනා ඉම්පාලාගේ පිටුපස ගාත්‍රයක් අසළින් කා දැමීමට මෙන් සැරසෙද්දී සිදුවූ වෙනස් කම් හේතුවෙන් ඉම්පාලා සත්ත්වයාට යළි සිහි ලැබෙන්නට ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.

නමුත් ඇතැමුන් පවසන්නේ මෙය ඉම්පාලා මුවා දිවි ගලවාගැනීමට යොදාගත් උපක්‍රමයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!