spot_img
spot_imgspot_img

ගම්මම්පිලට ඉල්ලා අස්වෙන්න කියයි. ඉන්ධන මිල අඩුවෙයි ද ?

පුවත්

විදෙස්

අමාත්‍ය උදය ගම්මම්පිළට සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන එක්සත් පෙරමුණ විසින් දැනුම් දි තිබේ.

අද (12) ඔහුට ඒ බව පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ලිඛිතව දැනුම් දී තිබේ.

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන අමාත්‍ය ගම්මම්පිළට දැනුම දී තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබිය දී රජය අපහසුතාවකට පත්කිරීම සඳහා සිතාමතාම මෙවැනි තීරණයක් ගත්තාදැයි සැකයක් පවතින බවයි.

ජනතාවාදී රජයක් ලෙස මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව තේරුම්ගෙන නිසි අවස්ථාවන්හි දී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට විෂයභාර අමාත්‍යවරයා කටයුතු නොකිරීම හේතුනේ රජය මෙවැනි අසීරු තත්ත්වයකට පත්වීමට සිදුව ඇතැයි පක්ෂයේ අවධානයට ලක්ව ඇති බව ද ලේකම්වරයා සඳහන් කර තිබේ

මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව මත අතිරේක පීඩනයක් ඇතිකිරීම නොකළයුතු බවත් දැනුම් දී ඇත.

පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසන පරිදි ඉන්ධන මිල වැඩිවීමට වගකිව යුතුවන්නේ උදය ගම්මම්පිළ විෂය භාර අමාත්‍යවරයා නම් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකරන ලද ඉන්ධන මිල යළි අඩු කිරීමට රජයට හැකියාව තිබේ.

ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම භාරගෙන උදය ගම්මම්පිල ඉල්ලා අස්විය යුතු ද යන්න දේශපාලනික තීන්දුවකි. නමුත් සාගර කාරියවසම් පක්ෂ ලේකම්වරයා පවසන ආකාරයට රජය ජනතාවාදීනම් හිතුමතයේ ජනතාව අපහසුතාවට පක්ළේ අමාත්‍යවරයා විසින් යැයි ද පිළිගන්නේ නම් ඔහුට දඬුවම් දීමට අමතරව ඉන්ධන මිල ද අඩු කළ යුතුය.

rata.lk අපි එතෙක් බලා සිටිමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!