spot_img
spot_imgspot_img

පුත්තලමේ හිමිනමක් විහාරයතුළ අපවත්වී සිටිය දී සොයාගනී

පුවත්

විදෙස්

පුත්තලම කොට්ටුකච්චිය විහාරස්ථානයක හිමිනමක් විහාරස්ථාන ගෙඩනැගිල්ලක අපවත් වී සිටිය දී සොයාගත් බව පුත්තල පොලිසිය පවසයි.

මෙම හිමියන්ගේ සිරුර සොයාගෙන ඇත්තේ කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ දී ය. උන්වහන්සේ වැඩ සිටින ආවාස ගෙය ඇතුළේම මෙසේ අපවත්වී සිටිය දී හමුවී ඇත. විහාරස්ථානයට ගෙන ආ දාන දෙකක් මුළුතැන්ගේ අසළ තිබී සොයාගත් බවත් ඉන් පසු ගිලන්පස රැගෙන ආ පිරිසක් හිමියන් නොදැකීම හේතුවෙන් සොයා බැලීමේ දී හිමියන් ආවාස ගෙය ඇතුළත වැටී සිටිනු දැක ඇත.  

මෙලෙස අපවත් වී ඇත්තේ කැකණදුර ධම්මරත්න (63) නමැති හිමිනමකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!