spot_img
spot_imgspot_img

දිස්ත්‍රික්ක 08ක් දැඩි අවදානම් – GMOA

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08ක කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක මෙලෙස අවදානම් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි. ඔහු පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරියේ දී ආසාදිතයන් විශාල වශයෙන් වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ වනවිට වසංගතයේ උච්චතම අවස්ථාවට රට පත්ව තිබෙනවා. දැන් පනවන සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබෙන්නේ තවත් සති කිහිපයකට පස්සේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වනවිට උපරිම ධාරිතා‍වයෙන් හා කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරමින් සිටිනවා. එය ඉක්මවා ගියොත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකියි. ඒ නිසා මේ වසංගතය පාලනය කිරීම සඳහා ජනතා සහභාගීත්වය අවශ්‍යයි.

ඔහු පවසන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයන්ගේ පවුල් අතර පවා මේ වසංගතය ව්‍යාප්තවෙමින් තිබෙන බවිය. එබැවින් එම කාර්යමණ්ඩලවලට සේවයේ යෙදීමේ ගැටලු මතුවන බව ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!