spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා තොරතුරු බොරු. දිනකට සිය ගණන් ලෙඩ්ඩු හංගලා

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පිළිබඳ නිකුත්කරනු ලබන දත්ත සියල්ල ව්‍යාජ දත්ත බව නැවත වතාවක් අනාවරණය වී තිබේ.

මේ බව අපි rata.lk වෙබ් අඩවිය මගින් අවස්ථා කිහිපයක දී ම අනාවරණය කළෙමු.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යටතේ පිහිටුවා ඇති දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සෑම දිනකම කොරෝනා ආසාදිතයන්, රෝහල්ගත වී සිටින පුද්ගලයන් හා නිරෝධායනය වන පුද්ගලයන් පිළිබඳ ලේඛනයක් මාධ්‍යවෙත ලබාදෙන අතර අප දන්නා පරිදි එම ලේඛනය කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ද යොමු කරයි.

මීට පෙර අවස්ථාවල දී අප සාකච්ඡා කර ඇති පරිදි එම ලේඛනය සකස් කරනු ලබන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල තුනෙන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් හා ඒ ඒ දිස්ත්‍රික්කවල වසංගත රෝග විද්‍යා ඒකකවලින් ලබාගන්නා තොරතුරු පදනම් කරගනිමි.

මෙම තොරතුරු ව්‍යාජ තොරතුරු බවත් හිතාමතාම ජනමාධ්‍ය නොමඟ යවා අසත්‍ය තොරතුරු ලබා දී රටේ ජනතාව මුලා කර කොරෝනා අවදානම බරපතල නොවන බව පෙන්වීමට සකසනු ලබන තොරතුරු බව මේ වනවිට පැහැදිලි වෙමින් තිබේ.

සෞඛ්‍ය අංශවල වෛද්‍යවරු හැර අනෙකුත් කාර්ය මණ්ඩල පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම ලේඛන සැකසීමේ ප්‍රධාන චරිත කිහිපයක් ම එක්තරා වෛද්‍ය වෘත්තීය සමිතියක් නියෝජනය කරන බැවින් ඔවුන් සෘජුවම ව්‍යාජ තොරතුරු පදනම් කරගෙන රටේ ජනතාව නොමග යැවීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවයි. ලේඛන සකසන නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ගන්නා තොරතුරු හෝ එම බලධාරීන් මේ ලේඛනවලට ඇතුළත් කිරීමට ඉඩ නොදෙන බව අනාවරණය වී ඇත.

මීට ඇති ආසන්නතම උදාහරණය වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයයි. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මගින් MOH Habaraduwa නමින් Facebook පිටුවක් පවත්වාගෙන යන අතර එය ඉතා ඉක්මණින් යාවත්කාලීන කරනු ලබන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ද අධීක්ෂණය යටතේය.

ඊයේ (13) එම පිටුවේ දක්වා තිබුණේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ පමණක් කරන ලද පීසීආර් 400ක් අතරින් 217 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි යන්නයි. ඉන් පසු අද එම පිටුවේ දක්වා ඇත්තේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයෙන් අද (14) දිනයේ කොරෝනා ආසාදිතයන් 66ක් සමඟ සමස්ත හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් ආසාදිතයන් 84ක් වාර්තා වූ බවයි.

ඒ අනුව ඊයේ සහ අද දිනයේ කොරෝනා ආසාදිතයන් 301ක් හබරාදුවෙන් පමණක් වාර්තා වී ඇත.

විලී ගමගේ ආණ්ඩුකාරවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙන් ලබාදෙන ලේඛනවල ඊයේ (13) දිනයේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හමුවූ ආසාදිතයන් සඳහන් කර ඇත්තේ 18ක් ලෙසිනි. අද (14) දිනයේ හමුවූ ආසාදිතයන් ගණන දක්වා ඇත්තේ 65ක් ලෙසිනි. ඒ අනුව එකතුව 83කි. අවම වශයෙන් ඊයේ දිනයේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයෙන් පමණක් වාර්තා වූ ආසාදිතයන් 217 දෙනා හෝ මෙම නිල ලේඛනයට ඇතුළත් කිරීමට ආණ්ඩුකාර විලී ගමගේ යටතේ ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය කටයුතු කර නැත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට කිසිදු සම්බන්ධතාවක් නැති සැළසුම් සේවා නිලධාරියකු වන චාමර මහගමගේ එහි ප්‍රධාන සම්බන්ධීකාරක වරයා වෙයි. මාධ්‍යවේදීන්ට තොරතුරු සපයන එම නිලධාරියාගෙන් මේ පරස්පරතා පිළිබඳ විමසා කිසිදු ප්‍රතිඵලයක් නැත. ඔහු යොදාගෙන ඇත්තේ ව්‍යාජ ලේඛන මාධ්‍යවේදීන්ට ලබා දී ඒවා ජනතාව අතරට යැවීමටදැයි අපට සැකයක් උපදී

චාමර මහගමගේ වැනි නිලධාරියකු ලබාදුන් පමණින් මේ ලේඛණ සත්‍ය ලේඛන ලෙස සළකා ප්‍රකාශ කිරීමට rata.lk අප සූදානම් නැත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා මරණ 70කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇතත් එම ලේඛණ අප සතුව තිබුණ ද දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ඒ තොරතුරු දැක්වෙන්නේ නැත.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේට අප නැවත සිහිපත් කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයකු ලෙස කටයුතු කළ ද දේශපාලන න්‍යායපත්‍ර ආණ්ඩුකාරවයාට තිබිය නොහැක. සත්‍ය තොරුතුරු සැඟවීම ව්‍යසනයක දී සිදුවන විශාලතම හානිය බව අප නැවත නැවත්ත සිහිපත් කිරීමට අවශ්‍ය වන්නේ. ඔබ යටතේ ඇති තොරතුරු මධ්‍යස්ථානයට නිවැරදි තොරතුරු නොලැබෙන්නේ ද නැතිනම් ඔබටත් ඔබේම හිත දිනාගගත්  වෛද්‍ය සංගමයක නියෝජිතයන් වන ඇතැම් වෛද්‍යවරු ව්‍යාජ තොරතුරු ලබාදෙන්නේ ද යන්න ඔබ විසින්ම විමසා බැලිය යුතුය.

මෙම ව්‍යාජ තොරතුරු පිළිබඳ දක්ෂිණපායේ පැවැති මාධ්‍යවේදී සුහඳ හමුවේ දී විමසූ විට ඔබ කිසිවක් නොකියා මඟ හැරි‌යේය. කොරෝනා මර්ධන රැස්වීම් වාර්තාකරණයට මාධ්‍යවේදීන් නොගෙන්වන්නේ වෛද්‍යවරුන්ගේ අකැමත්ත නිසා යැයි ද ඔබ කීවේය.

දැන් සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් ඔබ ද නොමඟ යවමින් සිටින්නේ දැයි අපට සාධාරණ සැකයක් මතුව තිබේ.

මෙවන් ව්‍යාජ තොරතුරු මත පදනම්ව ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන සැළසුම් සකස්කරන විට සිදුවන්නේ විනාශයක් බව අපි ආණ්ඩුකාරවරයාට නැවත සිහිපත් කරමු.

1 COMMENT

  1. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුලී කරුවෙකු සහ අපුල්ලන්නකු වන කුපාඩිච්චිගේ රති සුවය විඳිමින් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කුපාඩිච්චිට පවරා ඇති විලී ගමගේ ඇගේ උදරය මතින් බහින විට කොවිඩි සංඛ්‍යාලේඛණ ද එයාකාරයෙන් බහින එක සාමාන්‍ය දෙයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!