spot_img
spot_imgspot_img

සෞඛ්‍ය ආරක්ෂාව සෙල්ලමට ගත් දේශපාලන බල අධිකාරිය PHI ප්‍රශ්නය මඟහරියි ද ?

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු තමන්ට ඇති ප්‍රශ්න විසඳා දෙන ලෙස ඉල්ලා ඊයේ (12) වැඩ වර්ජනයක් කළ ද රජය පාර්ශවයෙන් මෙතෙක් ඒ සඳහා කිසිදු සාර්ථක ප්‍රතිචාරයක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවසයි.

මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12) ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී තිබිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන කාර්යයේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටලුවලට විසඳුම් නොලැබීම හා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරිමය ගැටලු නොවිසඳීම යන කරුණු මූලික කර‍ගනිමින් ඔවුහු මෙලෙස වැඩ වර්ජනය කළහ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවක් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේගෙන් විමසූ විට ඔහු එම අවස්ථාවල දී කියා සිටියේ මේ ප්‍රශ්නය ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ බවයි. එම සංගමය ඉතා ප්‍රබල වෘත්තීය සමිතියක් බැවින් ඔවුන්ගේ මතයට සවන්දිය යුතු බව ද ඔහු කියා සිටියේය. තවත් අවස්ථාවක පැවැති රැස්වීමක දී ආණ්ඩුකාරවරයා කියා තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමය වත්මන් රජය බලයට පත්කිරීම සඳහා විශාල මෙහෙවරක් කළ බවයි.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සාකච්ඡාවක් නොදීම සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ අපි ආණ්ඩුකාරවරයාගෙන් විමසූ විට මහජන සෞඛ්‍ය පරීික්ෂකවරුන් සමඟ ඊයේ (12) දහවල් 12.00 පමණ වනවිට සාකච්ඡා කර මේ ගැටලුව විසඳන ලෙස පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් බව හෙතෙම කීවේය.

මේ පිළිබඳ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ආණ්ඩුකාර විලී ගමගේ මහතාගෙන් ගාල්ල මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරු ඉල්ලා සිටිය ද ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ ඊයේ දිනයේ සාකච්ඡා කළ නොහැකි බවයි. ඒ පිළිබඳ අද (13) සාකච්ඡාවක් ලැබෙනු ඇතැයි මන්ත්‍රීවරු අපේක්ෂාවෙන් සිටිති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ ආණ්ඩුකාරවරයා හෝ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා හෝ කිසිදු සාකච්ඡාවකට තමන් නොකැඳවූ බවයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ සභාපති පුලින රණසිංහ මහතා මෙසේ කීවේය.

“ගාල්ලේ කොරෝනා මර්ධන කාර්යයේ දී අපිට විශාල ගැටලු කිහිපයක් තිබෙනවා. කිසිම සැළැස්මක් නොමැතිවීම හා අවුල්සහගත කටයුතු නිසා අපි විතරක් නොවෙයි දිස්ත්‍රික්කයේ ම ජනතාව දැඩි ගැටලුවලට මුහුණ දී සිටිනවා. ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකයට මේ සම්බන්ධයෙන් කිසිම සැළැස්මක් නැහැ. එක් එක් දවසට හිතෙන හිතෙන දේ කරනවා. පීසීආර් කිරීමේ පවා සැළැස්මක් නැහැ. ඇතැම් දවස්වලට ඊමේල් එවනවා එක සෞඛ්‍ය සේවා කොට්ඨාසයකින් පීසීආර් 20-40ට වඩා කරන්න එපා කියලා. ආසාදිත වන අය රෝහල්කරා යැවීමත් ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමත් මුළුමනින්ම අවුල් සහගත වෙලා තියෙන්නේ. ඒ වගේම සත්‍ය තොතරු මත පදනම්ව කටයුතු කරන්නේත් නැහැ. මෙය ඉතා භයානක තත්ත්වයක්. වෘත්තීය වශයෙන් අපිටත් ගැටලු තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ යතුරුපැදි සඳහා ඉන්ධන දීමනාව දීලා නැහැ. ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු ගැටලුවක් නිර්මාණය කරලා තිබෙනවා. ඔවුන් තමන්ගේ ගැටලුව අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිට පැටවීමට උත්සාහ ගන්නවා. ගාල්ලේ වෛද්‍යවරු සම්පූර්ණයෙන් ම කරන්නේ නීතියට පටහැනි දෙයක්. මේ කරුණු ගැන අපේ මව් සංගමය වගේම ගාල්ල ශාඛාවත් ආණ්ඩුකාරවරයාගෙන් හා පළාත් සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. අපි සාකච්ඡාවක් ඉල්ලූ වාර ගණන 18ක්. නමුත් ඒ අය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයට යට වෙලා අපිට සාකච්ඡාවක් දෙන්නේ නැහැ. අපි සංකේත වැඩ වර්ජනයක් කරනවා කියා දැනුම් දුන් විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් එක්ක ආණ්ඩුකාරවරයා සාකච්ඡාවක් කළා. අපිට සාකච්ඡාවට අවස්ථාවක් දෙන්නේ නැහැ. මේ නිසා අපි වැඩ වර්ජනය කරනවා.”

ඔවුන් පවසන්නේ මේ ගැටලු සඳහා විසඳුම් නොදෙන්නේ නම් ඉදිරියේ දී වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි. ඒ සම්බන්ධයෙන් තම සංගමය  දැනටමත් සාකච්ඡා කර ඇති බව ද හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“අපි වෙනත් තැනක දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එතැනට එනවානම් මේ ප්‍රශ්න විස‍ෙඳෙනවා.”

නමුත් ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන ගියේ වෛද්‍යවරු වරුන්ගේ හිතුමතයට බැවින් එය නීති විරෝධී බවයි.

4 COMMENTS

  1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී පුෂ්පාගේ රියැදුරුට සහ කාර්යාල කාර්ය සහයකයකුට මේ සතියේ කොරෝනා positive වෙලා . තවත් තිදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ පහලවෙලා.

    එහෙම තියෙද්දි ගණකාධිකාරිවරයා සහ වැඩ බැරි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි තනතුරක කටයුතු කරන ගුණවර්ධන නැමැත්තා ඊයේ දිනයේ දී කාර්යාල විවෘත කර තිබෙනවා.

    කාර්යාලයෙහි දොර විවෘත කර ඇත්තේ ගණකාධිකාරීවරයා විසින්. මොවුන් දෙදෙනා කොරෝනා සඳහා එන්නත් කරගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඒ නිසා තමයි මොවුන් දෙදෙනා අනිත් අයගේ ජීවිත අනතුරේ දමමින් මෙලෙස කටයුතු කරන්නේ.

    ඊයේ දිනයේ මොවුන් ලිපිකාරිනියන් තිදෙනෙක් සේවයට ගෙන්වා ගෙන ඔවුන් corona අවදානමකට ලක් කර තිබෙනවා. එසේම අද දිනයේදීත් කාර්යාලය විවෘත කර සේවකයින් ගෙන්වා ගැනීමට මොවුන් මොවුන් සැලසුම් කර ඇත.

    ප්‍රධාන කාර්යාලයේ සිටින මෙම මෝඩ, ආත්මාර්ථකාමි, දූෂිත ප්‍රධානීන් නිසා එහි සේවකයින් ජීවිත අවදානම්කින් පසුවෙනවා.

  2. අද දවසේ සාස්තර අප්පුවා ඔෆිස් එකට ගිහින් තනියෙන් මොන මඟුල කරනවද දන්නෙ නෑ. මේ වෙලාවේ හොඳ හොඳ හොරකම් කරන්න චාන්ස් එකක් තියෙනවා මුන්ට. ඔෆිස් එකේ වැඩ කරන ලිපිකරු රූමතියක් හොරෙන් ගෙන්න ගත්තා ද දන්නෙ නෑ. ගෙන්න ගත්ත නං බලාගෙන නියපොතු කතා ඉන්න තිබුණා. ගෙදරට වෙලා පවුලේ අයත් එක්ක ඉන්නෙ නැතුව මොන මගුලට එනවද මන්දා. පුෂ්පාගේ පුටුවෙ වාඩි වෙන්නත් මුගේ ලොකු ආසාවක් තියෙනවා.

    ඔෆිස් එකේ අරක්කු බීලා ඉඳලා ආණ්ඩුකාරතුමා විසින් අතට අල්ලා ගත් හික්කඩුව මාරු කරපු අමරබන්දු නැවත මේ අස්සේ ඔෆිස් එකට ගෙන්න ගන්න ගණකාධිකාරිවරයා කුරුමානම් අල්ලනවා. ඒකා ඉතින් උගේ නෑදෑයො නේ.

  3. මිට්ටා කට්ටයා. උපාලිට ගේම දුන්නා මූට පුෂ්පාට දෙනවා කියන එක ගේමක් නෑ..

  4. ඕක දැන් කුණු ගොඩක් කරලා ඉවරයි. නිල මැස්සියකුයි මැස්සෝ තුන් දෙන්නෙකුයි වහගෙන ඉන්නේ.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!