spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා පැතිරයාමේ අවදානමක් ?

පුවත්

විදෙස්

විශ්වවිද්‍යාල වසා දැමීමට ‍සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබිය දී උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම‍ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා ආසාදිතයන් දි‍නපතාම වාර්තා වෙමින් පවතින බව වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.

එහි කැඳවුම්කරු ඉමේෂ් සංගීත් පවසන්නේ මේ වනවිට විශ්වවිද්‍යාලවල කොරෝනා උග්‍ර වෙමින් පවතින බවයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 13 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන තිබීමත් සමග විශ්වවිද්‍යාලය වසා දමා සිසුන් සියලු දෙනා නිවෙස් කරා පිටත්කර ඇත. ඔවුන් ‍චෝදනා කරන්නේ එමගින් නිවැසියන් ද අවදාමට ලක්වන බවයි. එමෙන්ම මොරටුව තොරතුරු තාක්ෂණ පීඨයට අදාළ සිසුන් 4 දෙනෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ ද පළමු වසරේ සිසුන් අතර ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් -19 වෛරසය පැතිර යන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී පවසයි. මේ වනවිට රුහුණ විශ්වවිද්‍යාලේය සිසු සිසුවියන් 25 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇත.

එම ආසාදිත සිසුන් අතර විද්‍යා පීඨයේ 11ක්, වෛද්‍ය පීඨයේ 4ක්, කෘෂිකර්ම පීඨයේ 3ක්, කළමනාකරණ පීඨයේ 5ක් සහ ඉංජිනේරු පීඨයේ 2ක් වාර්තා වෙති.

‍රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රසන්න මධුශංක පවසන්නේ විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් සිසු සිසුවියන් දැඩි අවදානමකට මුහුණ දී ඇති බවයි.

පසුගිය 27 වැනි දා කොරෝනා ආසාදිත බව හඳුනාගත් සිසුන් සිව් දෙනකු මාතර පඹුරන නේවාසිකාගාරයේ රඳවා තබාගෙන දින 05කට පසු පසුගිය 02 දා හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමුකර තිබිණි. මේ නිසා නේවාසිකාගාරවල පොදු වැසිකිළි භාවිතා කරන අනිත් සියලුම සිසුන් කොරෝනා ආසාදනය වීමේ දැඩි අවදානමකට මුහුණ පා තිබේ. එමෙන්ම මෙම නේවාසිකාගාරයේ එක් කාමරයක සිසුන් 08 දෙනකු බැගින් සිටින බව ද ශිෂ්‍ය සංගමය කියා සිටියි.

මේ සම්න්ධව රුහුණ විශ්වවිද්‍යලායේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේනගෙන් විමසූ විට මෙසේ කීවේය.

“ඔය කියන සිසුවා බොරු කියලා ඒක ප්‍රචාරය කරලා මහජනතාව කුලප්පු කරනවා නම් ඔහු නීතියෙන් වගේම සදාචාරයට විරුද්ධවත් වරදක් සිදු කර තිබෙනවා.ඉකුත් මාර්තු මාසයේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාව දුන් උපදෙස් අනුව කණ්ඩායම් වශයෙන් සීමා කරලයි සිසුන් කැදවීම සිදු කලේ.සියයට 50 ටත් අඩු මට්ටමින් සිදු කලේ.අලුත් අවුරුද්දෙන් පසු සිදු කරන ලද පී.සී.ආර්.වලින් වැල්ලමඩම සංකීර්ණයේ සිසුන් 16 ක් ඉංජිනේරු පීඨයේ සිසුන් 02 ක් වෛද්‍ය පීඨයේ සිසුන් 01 ක් තාක්ෂණ පීඨයේ විදුලි කාර්මිකයෙකු ලෙස පිරිසක් කොරෝනා ආසාදනය වී තිබුණා.අපි පඹුරණ පවත්වා ගෙන යන්නේ නීරෝධායන මධ්‍යස්ථානයක්.ඒ වගේම ආශ්‍රිතයින් නීරෝධායනයට යොමු කර තිබෙනවා.ලමයි ගෙවල් වල යැව්වේ නැත්තේ ඔවුන්ගේ පවුල් වලට හා සමාජයට වයිරසය යාම වලක්වා ගැනීමටයි.අපි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා.කොරෝනා ආසාදිත නොවු බවට තහවුරු වු සිසුන්ගේ අධ්‍යන කටයුතු පවා සිදු කර ගෙන යන්න ක්‍රියා කර තිබෙනවා.”

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට සියලු විශ්වවිද්‍යාල වසා දමා තිබිය යුතු බවයි.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!