spot_img
spot_imgspot_img

“කොරෝනා අවදානම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි” – GMOA

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි ප්‍රමාණයට වර්ධනය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මේ අවදානම තම සංගමය ආරම්භයේ සිටම පැවසුවත් කිසිවෙකු එය ගැන අවධානය යොමු නොකළ බවත් ඔහු කියා සිටියේය. රටේ පැවැති ලිහිල් ස්වභාවය හේතුවෙන් වසංගතය වර්ධනය වූ බව ඔහු පෙන්වා දුන්නේ චමුදිත සමරවික්‍රම සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙය දැඩි අවාදානමක් බවත් එය නැවත හරවා ගැනීමටනම් රජය, සෞඛ්‍ය අංශ හා මහජනතාව එකම අරමුණකින් කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසයි.

“අපිට මෙය පාලන කිරීමට කාලයක් යාවි. දැඩි සත්කාර ඒකකවල ගැටලුවක් මතුවෙමින් තිබෙනවා. ඒ නිසා අපි රෝගියෙක් දැඩි සත්කාර එ්කකට නොයන ආකාරයට පාලනය කළ යුතුයි. රෝගය බෝ නොවී කළමනාකරණය කළ යුතුයි. නිවසේ දී සහ වාට්ටුවේ දී කළමනාකරණය කළ යුතුයි. මේ අවස්ථාවේ දී අපි කියන්නේ සෞඛ්‍ය අංශයට දේශපාලන තීරණ වැඩක් නැහැ. අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට ඉන්නේ රට ලොක්ඩවුන් කරන මතයක නෙවෙයි. නමුත් හඳුනාගත් ප්‍රදේශ ඒ මොහොතේම ලොක්ඩවුන් කරන්න ඕනෑ. දිස්ත්‍රික් අතර ගමනාගමනය සීමා කරන්න ඕනෑ, ආර්ථිකය හසුරුවන ගමන්, කාර්යාල කටයුතු කරන ගමන් මේ වසංගතය පාලන කළ හැකියි. වන්දනාගමන්, විනෝද චාරිකා ආගමික කටයුතු සියල්ල නතර කළ යුතුයි. අපිට ආර්ථිකය සම්බන්ධ දැනුමක් නැහැ. අපිට තියෙන්නේ සෞඛ්‍ය ගැන දැනුමක්. ආර්ථිකය කළමනාකරණය කිරීම සෞඛ්‍ය නීතිවලට අනුකූලව කළ යුතුයි. මේ මොහොතේ අපි හිතන්න ඕනේ සෞඛ්‍ය සම්පන්න නොවන රටක ආර්ථිකයක් පවත්වාගෙන යන්න බැහැ කියන එක. මේ වෙලාවේ සෞඛ්‍යයට ප්‍රමුඛතාව දුන්නාම ආර්ථිකයටත් ඒ ශක්තිය ලැබෙනවා. දැනට සංචරණ සීමා පනවා තිබෙනවා. උත්සව නවත්තලා. හොඳ ප්‍රවණතාවක් තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!