spot_img
spot_imgspot_img

සීගිරියේ ඉඩම් ගනුදෙනුවට තමන් හෝ බිරිඳ සම්බන්ධ නැතැයි සංගක්කාර කියයි

පුවත්

විදෙස්

තමන් හා බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර සංගක්කාර පවසයි.

තම සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ ඔහු මේ බව ප්‍රකාශ කර සිටියි. එහි දී ඔහු මෙසේ පවසයි.

“මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර්ජලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශ සහගත හා අසත්‍ය එකක්. ඒ සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරියේ දී හෙළි කරමි.”

සීගිරියේ අඩු ආදායම්ලාභී පවුලක ඉඩමක් අඩු ආදායම්ලාභී පවුලක් බව සඳහන් කරමින් කුමාර් සංගක්කාරගේ බිරිඳ විසින් තම නමට පවරාගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් සංගක්කාර සඳහන් කර ඇත.

2021-03-07 දින සිළුමිණ පුවත්පතේ 16 වැනි පිටුවේ  “සුපිරි ක්‍රීඩක බිරින්දෑ කොල්ලකෑ රජයේ ඉඩම” යනුවෙන් පළවූ පුවත අපි ද උපුටාගෙන පළ කළෙමු.

එම ලිපියේ කිසිම ස්ථානයක මෙම ඉඩම් ගනුදෙනුවට මැදිවී සිටින්නේ කුමාර් සංගක්කාර හෝ ඔහුගේ බිරිඳ යැයි හෝ අප සඳහන් කර නැත.

රජයේ ඉඩමක් ලබාගනිමින් සංගක්කාර හා ඔහුගේ බිරිඳ වංචාවක් කර ඇතැයි යන පුවත වැරදි බවත් මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය ක‍ළේ දඹුල්ලේ ඉඩමක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේ දී එම ඉඩම තමන්වෙත පැවරීමේ දී ඊට අදාළ ඔප්පුවල තොරතුරු ව්‍යාජබව දැනගත් කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිඳ විසින් යැයි ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී.කීර්ති ගමගේ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකට වෙබ් අඩවියක් වන newswire.lk වෙත පවසා ඇත. කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වංචාවේ සුළ මුල සොයාගත හැකිවූයේ කුමාර සංගක්කාර සහ බිරිඳ දුන් සහයෝගයෙන් බවයි.

මෙම ඉඩම් ගනුදෙනුවේ දී ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ දැයි විමසූ විට කොමසාරිස්වරයා පවසා ඇත්තේ එය ප්‍රාදේශීය ලේකම්වරයා සතු වගකීමක් බවයි.

කුමාර් සංගක්කාර සහ යෙහාලි සංගක්කාර ඉඩම් කොමසාරිස්වරයාට යැවූ ලිපියට අනුව ඔවුන් මෙම ඉඩම මිලදී ගත් බව සත්‍යයකි. ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ එම ඉඩම් මිලදී ගෙන ඔප්පු ලැබුණු පසු පරීක්ෂා කර බැලීමේ දී එම ඉඩම් රජයේ ඉඩම් බව දැනගත් බවයි. එමෙන්ම වැරදි සහගත ලෙස ඔවුන්ගේ නීත්‍යානුකූල ලේඛන භාවිතා කරමින් පැවරීම් සිදුකර ඇති බව ද එම ලිපියේ දැක්වේ.

එම ලිපියට අනුව ගැටලු රාශියක් පැන නගී. නීතිය ගැන හොඳින්ම දන්නා කුමාර සංගක්කාර ඔහුගේ අනුදැනුම මත බිරිද විසින් ඉඩමක් මිල දී ගැනී‍මේ දී ඉඩමේ ඔප්පුව, පත්ඉරු පරීක්ෂා නොකළේ ඇයි ? ඉඩම් මිලදී ගැනීමෙන් පසු මෙම කරුණු දැනගන්නා තුරු සීගිරිය අවට ඇති ඉඩම් අති බහුතරයක් රජය සතු ඉඩම් බව ඔවුන් දැන නොසිටියේ ද ?

මේ පිළිබඳ ඉදිරියේ දී විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!