spot_img
spot_imgspot_img

ටෙන්ඩර් මගඩියකින් දකුණේ කාපට් නිෂ්පාදනාගාරය විකිණීමට සූදානම්

පුවත්

විදෙස්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු කෝටි ගණනක් වටිනා කාපට් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයට නොගෙන දිරායන්නට සළස්වා විකුණාදැමීමට ඩෙන්ඩර් කැඳවූ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ටෙන්ඩර් පටිපාටිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙම කාපට් නිෂ්පාදනාගාරය නිලධාරීන් විසින් හිතාමතාම දිරායාමට සළස්වා ඇති බවට විගණන පරීක්ෂණවලින්ද නිගමනය කර තිබිය දී එම කරුණු කිසිවක් සැළකිල්ලට නොගෙන එය විකුණා දැමීමට කටයුතු කර තිබිණි. රුපියල් කෝටි ගණනක් වැය කර 2013 වර්ෂයේ දී ඉදිකරන ලද හික්කඩුව ගලබොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිෂ්පාදනාගාරය විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්තේ පසුගිය 2021 ජනවාරි මස 21 වැනි දින දී ය. ඉන් පසු ඩෙන්ඩර් විවෘත කිරීම ඊයේ (04) සවස ටෙන්ඩර් මණ්ඩලය ඉදිරියේ සිදුකෙරිණි.

එසේ වුව ද මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති චෝදනා කරන්නේ මේ ටෙන්ඩර් විවෘතකිරීම වංචා සහගතව සිදුව ඇති බවයි.

ටෙන්ඩර් මණ්ඩලය සඳහා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  (මූල්‍ය හා පාලන) ජේ.ඒ.ඩී.සිරිවර්ධන, වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) ඒ.එච්.ඒ.එස්. ගුණවර්ධන, මාතර දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.ඩී.රණවීර, යාන්ත්‍රික ඉංජිනේරු එම්.ඒ.සී.පී.මාභරණ, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරී කමල් ප්‍රියන්ත සහ ලිපිකාරිනිය ලෙස එම්.ජී.ප්‍රියංගනී ප්‍රසාදිකා සහභාගී වූහ.

ටෙන්ඩර් ඉල්ලුම් පත්‍ර බහාලුම ටෙන්ඩර් මණ්ඩලයේ සියලුම දෙනා ඉදිරියේ විවෘත කිරීම නීතිමය පසුබිම වුව ද මාතර දිස්ත්‍රික් ඉංජිනේරු රණවීරට සහ ගණකාධිකාරී කමල් ප්‍රියන්ත දෙදෙනාට ටෙන්ඩර් මණ්ඩලය රැස්වන තෙවැනි මහළට වී සිටින්න යැයි උපදෙස් ලබා දී අනෙක් පිරිස සාමාන්‍යාධිකාරී කර්යාලය ඇති දෙවැනි මහළට ගොස් ටෙන්ඩර් මණ්ඩලය රැස්වන ස්ථානයට පැමිණ තිබේ. එසේ පැමිණෙන විට ටෙන්ඩර් ඉල්ලුම් පත් බහා තිබූ මුද්‍රා තැබූ පෙට්ටියන් ටෙන්ඩර් පත්‍ර ඉවත්කරගෙන ඒවා අතේ රැගෙන විත් තිබේ. මේ පිරිස එම ඉල්ලුම්පත් ටෙන්ඩර් මණ්ඩලය රැස්වන ස්ථානයට ගෙන එනවිටත් යාන්ත්‍රික ඉංජිනේරු මාභරණ පැමිණ සිටියේ නැත. නමුත් සිදුවිය යුතුව ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයේ සියලු සාමාජිකයන් පැමිණි පසු මුද්‍රා තැබූ බහාලුම විවෘත කිරීමයි. වෘත්තීය සමිති චෝදනා කරන්නේ මේ අනුව ටෙන්ඩර් පිරිනැමීමේ දී විශාල වංචාවක් සිදුව ඇති බවයි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් මෙම නිෂ්පාදනාගාරය විකුණා දැමීමට තීරණය කළ ආයතනය එම අයදුම්පත්‍ර සඳහා තැන්පත් කළ යුතු මුදල නිවැරදි ක්‍රමවේදයට අනුව බැංකු ගිනුමට බැර නොකර චෙක් පතක් පමණක් ලබා දී ඇත. එමෙන්ම එම ආයතනය ටෙන්ඩර් අයදුම්පත ඉදිරිපත් කර ඇත්තේ අවසන් මොහාතේ දී බවත් දැනගන්නට ඇත.

මේ පිලිබඳ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහගෙන් විමසූ විට ඇය කියා සිටියේ නිවැරදි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් එම කටයුතු සිදුකර ඇති බවයි. එහි දී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවූ බව ද ඇය පවසයි.

මේ පිළිබඳ දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.ඒ.ඩී.සොයිසාගෙන් විමසූ විට කියා සිටියේ එම කාපට් නිෂ්පාදනාගාරය විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීම සිදුකළේ ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ඇතිව බවයි. එහි අක්‍රමිකතාවක් සිදුවීමට ඉඩක් නැති බව ද හෙතෙම පවසයි.

මීට පෙර rata.lk කළ හෙළිදරව් කිරීම පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles