කිරිපිටි මිල වැඩිකිරීම සඳහා ආනයනික කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත.
කිලෝ 01ක කිරි පිටි පැකට් එකක් රුපියල් 100.00ක මුදලකින් හා ග්‍රෑම් 400 පිටි කිරි පැකට් එකක් රුපියල් 40.00කින් වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි. කිරිපිටි සමාගම් පවසන්නේ ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල 35%-40%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි. එමෙන් ම රුපියලට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලරයේ අගය වැඩිවීම ද තම ව්‍යාපාර කටයුතු සඳහා බෙහෙවින් බලපා ඇති බව එම සමාගම් පෙන්වා දෙයි.
මාස 4-5කට පෙර ඇමෙරිකා ඩොලර් 3200ක් වූ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් අද වනවිට ඇමෙරිකන් ඩොලර් 3900ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් දැනට පවතින මිළට කිරිපිටි අළෙවි කළ නොහැකියැයි ද පවසයි.
මේ වනවිට කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක පාලන මිල රුපියල් 945.00ක් වන අතර ග්‍රෑම් 400 පැකට්ටුවක පාලන මිල රුපියල් 385.00කි.