spot_img
spot_imgspot_img

කෲඩියා සිලනිකා බේරා අධිවේගය ‍ගහට දෙපසින් යැවීමේ තීරණක්

පුවත්

විදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක්වූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කළ බව වනජීවී හා වන සම්පත් අමාත්‍ය සී.බී.රත්නායක පවසයි.

ශ්‍රී ලංකාවට ආවේණික කෲඩිය සිලනිකා ශාකය වසර ගණනාවකින් වාර්තා වී නොතිබූ බැවින් එය වඳවී ගොස් ඇතැයි තීරණය කර තිබුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනු ලබන ප්‍රදේයේ සිදුකරන ලද පාරිසරික අධ්‍යයනයක දී දාරළුව දුම්රිය ස්ථානය අසළ දී එම විශේෂයේ ශාකයක් සොයා ගැණිනි. මේ ශාකය සොයාගැනීමත් සමඟ කෲඩියා සිලනිකා ශාක විශේෂය තවදුරටත් ලෝකයේ ඉතිරිව ඇති බව තහවුරු කරගත් අතර පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින් කරන ලද අධ්‍යයනයකින් එම ප්‍රදේශයෙන් ශාක කිහිපයක් ම සොයාගන්නා ලදී.

එසේ වුව ද මෙම ශාකයට ලැබුණු විශාල ප්‍රචාරය සහ එය ලොව එම විශේෂයේ එකම ශාකය ලෙසට හැඳින්වීම හේතුවෙන් එය ඉවත්කර වෙනත් ස්ථානයකට ගෙනයාමට කටයුතු කරන අවස්ථාවේ දී ඊට දැඩි විරෝධයක් මතුව ආවේය.

එම ශාඛය කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසත්, ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද අමාත්‍ය සී.බී.රත්නායක පවසයි.  
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ද මෙම අදහසට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීවේය.

කෲඩියා සිලනිකා ශාකය අනිකුත් කරඳ විශේෂවලින් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි වන්නේ එහි මල් හටගන්නා කාලයේ දී ය. මේ ශාකය හමුවූ අවස්ථාවේ දී ද එය කෲඩියා සිලනිකා දැයි නිශ්චිතව හඳුනාගැනීම සඳහා මල් පිපෙන තුරු සිටීමට සිදුවූ බව එම ශාකය සොයාගත් පරිසරවේදීන් පවසා තිබිණි.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිලධාරීන් පවසන්නේ මෙම ශාඛ විශේෂය ඒ අවට ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් ම වාර්තා වුව ද රතු දත්ත පොතට ඇතුළත් ශාක විශේෂයක් බැවින් එය ගලවා ඉවත්කිරිම හෝ වෙනත් ස්ථානයකට ගෙන යාම පිළිබඳව හෝ ගැටලුවක් ඇති බවයි.

මේ සියලු කරුණු සළකා බලා කෲඩියා සිලනිකා ශාකය ඉවත්නොකර අධිවේගී මාර්ගයේ දෙපසටය යන මංතීරු එම ගසට දෙපසින් ඉදිකිරීමට යෝජනා කළ බව ද අමාත්‍යවයරා වැඩිදුරටත් කියා සිටියේය.

කෲඩියා සිලනිකා ශාකය “පණු කරඳ” ලෙස ඇතැම් පිරිස් හැඳින්වුව ද එයට සිංහල නමක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!