-5.2 C
New York
Home Blog Page 1327

ඒඩ්ස් රෝගයෙන් බේරී පිළිකාවෙන් මරුට

0

එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ.”බර්ලින් රෝගියා” ලෙසද හඳුන්වන බ්‍රවුන් මහතාට 2007 වසරේදී ඒඩ්ස් සඳහා ස්වාභාවිකවම ප්‍රතිරෝධී පුද්ගලයෙකුගේ ඇට මිදුළු බද්ධ කිරීමක් සිදුකරන ලදී.එයින් පසු ඔහුට තවදුරටත් ප්‍රති වයිරස ඖෂධ අවශ්‍ය නොවුනු අතර ජීවිත කාලය පුරාම ඒඩ්ස් රෝගයට ගොදුරු විය හැකි වයිරසයෙන් බලපෑමක් ඇති නොවන බවට වෛද්‍යවරු තහවුරු කර තිබිණි.වෛද්‍යවරු පවසා සිටියේ ඔහු සත්‍ය වශයෙන්ම ඒඩ්ස් රෝගයෙන් සුවය ලබා ඇති බවයි.ඒඩ්ස් රෝගීන් සඳහා ආධාර ලබාදෙන කණ්ඩායම් පවසා සිටියේ එච්අයිවී රෝගයෙන් සුවය ලබාගතහැකි බවට බ්‍රවුන් මහතා ලෝකයට බලාපොරොත්තුවක් ලබා දුන් බවයි.ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ බ්‍රවුන් මහතා බර්ලිනයේ ජීවත් වන අතරතුර ඒඩ්ස් ආසාදනය වී ඇති බවට හඳුනාගන්නා ලදී. ඒ වනවිට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය.ඉන්පසු 2007 වසරේදී ඔහුට මයිලොයිඩ් ලියුකේමියාව නම් රුධිර පිළිකාවක් ඇතිවිය.මේ සඳහා එච්අයිවී ප්‍රථිරෝධී දුර්ලභ ජාන විකෘතියක් ඇති පුද්ගලයෙකුගෙන් ඇටමිදුළු බද්ධ කිරීමක් සිදුකෙරුනු අතර එයින් පසු බ්‍රවුන් මහතාගේ රුධිරයේ එච්අයිවී මට්ටම හඳුනාගත නොහැකි තරමට පහත වැටිණි.කෙසේවුවද ඒඩ්ස් සුවකිරීමට හේතුවූ ලියුකේමියා රෝගය මේ වසර මුලදී නැවතත් කොඳු ඇට පෙළට හා මොළයට පැතිර යෑම හේතුවෙන් බ්‍රවුන් මහතා දරුණු ලෙස රෝගාතුර විය.ලියුකේමියාව සමග මාස පහක සටනකින් පසුව බ්‍රවුන් මහතා මියගිය බව වෛද්‍යවරු සඳහන් කළෝය.

-Advertisement-

ආර්මේනියා අසර්බයිජාන් ගැටුම්වලින් 100ක් මරුට

0

ආර්මේනියාව හා අසර්බයිජානය අතර ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට සිවිල් වැසියන්ද ඇතුළුව 100කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.නාර්ගෝනෝ – කරබාක් කඳුකර කලාපයේ භූමි අයිතිය සම්බන්ද පැන නැගුනු ගැටලු හේතුවෙන් දෙරට අතර ගැටුම් ආරම්භ විය.මියගිය අයගෙන් 84 දෙනකු හමුදා නිලධාරීන් බව පැවසේ.දින තුනකට පමණ පෙර ආරම්භ වූ මෙම ගැටුම් වලින් අසර්බයිජානයේ සිවිල් වැසියන් පස් දෙනකු මියගොස් තිබේ.අසර්බයිජානය විසින් යවන ලද ඩ්‍රොන යානයක් ආර්මේනියාවේ නැගෙනහිර වර්ඩනිස් නගරයේ බස් රථයක වැදී ඇත.තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත.අසර්බයිජානය කියා සිටියේ ආර්මේනියානු ෂෙල් ප්‍රහාර වැදී තම සිවිල් වැසියන් දෙදෙනකු මියගිය බවයි.

-Advertisement-

පාකිස්තාන් – සිම්බාබ්වේ තරඟාවලිය නොවැම්බරයේ

0
Pakistan captain Sarfraz Ahmed in action during the first T20 cricket match between Pakistan and hosts Zimbabwe as part of a tri-series including Australia at Harare Sports Club, on July 1, 2018. (Photo by Jekesai NJIKIZANA / AFP) (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන මාසයේ දී එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු කියති. කෙරෝනා වයිරසය පැතිරීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ජෛව ආරක්ෂිත තත්ත්වයන් යටතේ මෙම තරඟාවලිය සංවිධානය කරන බව ද ඔවුහු කියති.

කොරෝනා වසංගතය අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වූ පළමු රට බවට එංගලන්තය පත්විය. බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ එංගලන්තයේ ක්‍රීඩා කළහ. ක්‍රීඩකයන් නිතිපතා පරීක්ෂණයකට භාජනය වූ අතර ක්‍රීඩාංගණයේ දී සහ හෝටලයේ දී ඔවුන්ට ආරක්ෂිත බුබුලෙන් ඉවත්වීමට ඉඩ නොලැබිණි.

-Advertisement-

ශ්‍රියාස් අයියර්ටත් ලක්ෂ 12ක් දඩ

0
India’s Shreyas Iyer celebrates his 100 runs during the first One Day International cricket match between New Zealand and India at Seddon Park in Hamilton on February 5, 2020. (Photo by MICHAEL BRADLEY / AFP)

සන්රයිසස් හියද්‍රාබාද් පිලට එරෙහිව පෙරේදා (29) පැවැති තරඟයේ දී නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් දිල්ලි කැපිටල් පිලේ න‍ායක ශ්‍රියාස් අයියර්ට තරඟ තීරකවරයා විසින් දඩයක් පනවා ඇත. මෙම තරඟයේ තරඟ තීරකවරයා ලෙස මනූ නායර් මහතා කටයුතු කළේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් චර්යාධර්ම පද්ධතිය යටතේ දිල්ලි කැපිටල් පිල විසින් මෙම වාරයේ සිදු කරන ලද පළමු වරද මෙය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අයියර්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම විය.

අබුඩාබිහී වේලාවෙන් සවස 6.00 ට තරඟය ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවූ දිල්ලි කැපිටල් පිලට ඕවර 20 අවසන් කිරීමට නියමිත වේලාවට වඩා තවත් විනාඩි 23ක් ගතවිය.

මෙම තරඟයේ පරාජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ දිල්ලි පිල එක් ස්ථානයක් පහළට වැටීමත් සමගින් රාජස්ථාන් රෝයල්ස් පිල පෙරමුණ ගැනීමට සමත්විය. තරඟ තුනකින් ජයග්‍රහණ දෙකක් ලබා ඇති ඔවුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමඟ ඔක්තෝබර් 03 වැනි දා සාජා හි දී ක්‍රීඩාකරනු ඇත.

-Advertisement-

ජාතික චෙස් ශූරයාත් ශූරියත් පාසල්වලින්

0

ශ්‍රී ලංකා චෙස් සම්මේලනේ සංවිධානයෙන් කොළම ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැති ජාතික චෙස් ශූතරාවලියේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ ශූරතාව දිනාගත්තේය. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නෙත්මි ප්‍රනාන්දු කාන්තා ජාතික ශූරතාව දිනාගත්තාය.

තවමත් 16 හැවිරිදි රනිඳු මේ වසරේ 2020 ජාතික චෙස් ශූරයා ලෙස සම්මාන දිනාගත්තේ තමා සහභාගි වූ තරඟ වට 13න් ලකුණු 10.5ක් ලබා ගනිමිනි. එහි දී ඔහු රුපිය් ලක්ෂයක මුදල් ත්‍යාගය, ශූරතා කුසලාන සහ රන් පදක්කම දිනා ගත්තේය. 

නෙත්මි මෙවර ජාතික චෙස් ශූරිය බවට පත්වූයේ සහභාගි වූ තරඟ වට 13න් ලකුණු 10ක් ලබාගනිමිනි. ඇය ද වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවකි. ජයග්‍රහණය වෙනුවෙන් ඇය රුපියල් 60,000ක මුදල් ත්‍යාගයක්, ශූරතා කුසලානයක් සහ රන් පදක්කමක් දිනා ගත්තාය.

-Advertisement-

මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුවක්

0

මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනය අරමුණු කරගත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුවක් පසුගිය දා පිහිටුවා ගන්නා ලදී. එහි සභාපතිවරයා ලෙස හිටපු ජාත්‍යන්තර මළල ක්‍රීඩකයකු වන ජෝයි ධනුෂ්ක පෙරේරා මහතා නිතරඟයෙන් පත්වූයේය.

ෂෙහාන් අඹේපිටිය මහතා ප්‍රධාන ලේකම් ධූරයට පත්වූ නව සංවිධානයේ සෙසු අරමුණු අතර ජාතික තරඟ වාර්තාවන්ට හා ඔලිම්පික් පරිසාධන මට්ටම කරා ළඟාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍යමය වටිනාකමක් ලබාදීම, මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම හා ඔවුන් වෙනුවෙන් අවමංගල්‍යාධාර සේවයක් සලසාදීම යන කරුණු කෙරෙහි ද මෙහි දී අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩක ක්‍රීඩිකා එකමුතුවේ අභිනව නිලධාරී මණ්ඩලය

සභාති – ජෝයි ධනුෂ්ක පෙරේරා මහතා

ලේකම් – ෂෙහාන් අඹේපිටිය මහතා

භාණ්ඩාගාරික – ධනුක ලියනපතිරණ මහතා

ප්‍රධාන සංවිධායක – අරවින්ද සමරනායක මහතා

උප සභාපතිවරු – සුමේධ රණසිංහ හා වරුණ ලක්ෂාන් මහත්වරු

උප ලේකම් – ඉරේෂානි රාජසිංහ මහතා

උප භාණ්ඩාගාරික – අංජනි පුල්වන්ස මහත්මිය

මූල්‍ය සහායක – සාලින්ද රන්දිව් මහතා

කාරක සභාව – හිමාෂ ඒසාන්, සංජය ජයසිංහ, දුලංජලී රණසිංහ, කසුන් කුෂාන්, තාරිකා ප්‍රනාන්දු, ලක්ෂිකා සුගන්ධි, දිලිප් රුවන්, සිසිර කුමාර, ඉෂාරා මධුවන්ති හා සෆ්රින් අහමඩ්

-Advertisement-

නවකයෝ කොල්කටා පිල දිනවති

0

නවක ක්‍රීඩකයන්ගේ දස්කම් හමුවේ රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට එරෙහිව ඩුබායිහි දී පැවැති තරඟයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම බදාදා (30) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 137කට නවතාලීමට කොල්කටා පන්දු යවන්නෝ සමත්වූහ.

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන සුනිල් නරේන්, පැට් කමින්ස් සහ කුල්දිප් යාදව් එක් කඩුල්ලක් බැගින් දවාගනිද්දී නවක ක්‍රීඩකයන් වන ශිවම් මාච්, කම්ලේෂ් නාගර්කෝට් සහ වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මග පෑදූහ. 21 හැවිරිදි මාච් තවමත් ක්‍රීඩා කර ඇත්තේ අයි.පී.එල්. තරඟ 12කට පමණක් වන අතර 20 හැවිරිදි කම්ලේෂ් සහ 29 හැවිරිදි වරුන් ක්‍රීඩා කර ඇත්තේ පිළිවෙලින් අයිපීල්එල් තරඟ 02කට හා 03කට පමණි.

රාජස්ථාන් කණ්ඩායමේ පිතිකරුවන් 07 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට මත්තෙන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොල්කටා පන්දු යවන්නෝ සමත්වූහ. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 16ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 21ක් ලබා සිටිය දී දැවී ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් රාජස්ථාන් ‍ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැඳීසිටි ටොම් කරන් පන්දු 36ක දී හයේ පහර 03ක් සහ හතරේ පහර 02ක් සමඟ නොදැවී ලකුණු 54ක් ලබාගත් නමුත් ඔහුගේ උත්සාහය කණ්ඩායම දිනවීමට තරම් ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලාබාල ක්‍රීඩක (21) ශුබ්මන් ගිල් පන්දු 34ක දී ලකුණු 47ක් රැස්කළෛ් හයේ පහරක් සහ හතරේ පහර 05ක් සමගිනි. නිතිෂ් රානා පන්දු 17ක දී හයේ පහරක් සහ හතරේ පහර 02ක් සමඟ ලකුණු 22ක් ද, ඔන්ඩ්රි රසල් පන්දු 14ක දී හයේ පහර 3ක් සමග ලකුණු 24ක් ද රැස්කරමින් කොල්කටා ඉනිම ශක්තිමත් ‍කළහ. ඉනිම නිමාවන තෙක්ම නොදැවී පන්දුවට පහරදුන් ඔයින් මෝගන් පන්දු 23ක දී හයේ පහර ‍02ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34ක් රැසකළේය.

-Advertisement-

“රටේ ආර්ථිකය හොඳයි” – මුදල් ලේකම්

0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම රාජ්‍ය ආදායමෙන් මනාව පැහැදිලි වන බවත් එය පසුගිය අගෝස්තු මාසයේ දී රු. බිලියන 144 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. අද (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව කියා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ මෙම වසරේ දී සියයට 1ක පමණ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා මෙම අවස්ථාවේ දී මෙසේ අදහස් දැක්වීය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,

“දැනට ඇස්තමේන්තු අනුව රජයක් හැටියට අපේ බලාපොරොත්තුව ධනාත්මක වර්ධනයක්. සියයට 1 ක වගේ. මහ බැංකුව කියන්නේ Breakeven කියලා. ඒ කියන්නේ වර්ධනයකුත් නැහැ, පසුබෑමකුත් නැහැයි කියන තත්ත්වය. අපිට තව සම්පූර්ණ කාර්තුවක් තියෙනවා හෙට ඉඳලා. සංචාරක ක්ෂේත්‍රයට අමතරව අනෙක් සෑම ක්ෂේත්‍රයක්ම නැවත හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා.“

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල,

“රජයේ ආදායමෙනුත් ඒක පැහැදිලි වෙනවා. අපි 2019 ගත්තොත් එහෙම මාසෙකට සාමාන්‍ය වශයෙන් බිලියන 150 ක් වගේ තමයි තිබුණේ. කොවිඩ්, අප්‍රේල් මාසයේ දී මේක 70ට විතර බහිනවා. ඒක තමයි සෘණ කියන්නේ, මගේ පැත්තෙන්. අගෝස්තු වෙන කොට අපි 144ට ඇවිල්ලා තියෙනවා. ආදායම කියන්නේ ආර්ථික ක්‍රියාකාරීත්වය කියන එක. ඒක තමයි ආර්ථික වර්ධනයෙන් නැවත පිළිබිඹු විය යුත්තේ.“

-Advertisement-

ඉදිරි කාලයේ වැවිලිකරුවන්ට විශාල අභියෝගයක්

0

සියලූම වැවිලි අංශ නියෝජනය කරන වතු කම්කරුවන්ගේ වඩාත් වැදගත්ම ගැටළුව වන වැටුප් සංශෝධනය පිළිබඳව මෙන්ම රජය විසින් කටුපොල් වගාව සඳහා පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ලබන වසරේ මුල සිට ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PAC) ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක අනාගතයකට මුහුණ දීමට සිදුවනු ඇති බව මෑතකදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 166 වන වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් එහි නව සභාපති භාතිය බුළුමුල්ල මහතා පැවසුවේය.

උත්සව සභාවේ සිටි පිරිස අමතමින් සභාපති බුළුමුල්ල මහතා කියා සිටියේ මෙම තීරණාත්මක ගැටළු විසඳීමට සහ අනාගත වැවිලි කර්මාන්තය සඳහා නව දැක්මක් නිර්මාණය කිරීමේ අරමුණින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය දැන් නව රජය හා එම විෂය සම්බන්ධ අමාත්‍යවරුන් සමඟ ඉතා සමීපව කටයුතු කරන බවයි.

මෙම වැදගත් හා දැවෙන ප‍්‍රශ්න තවදුරටත් කල් නොදමා විසඳිය යුතු බවත්, සියලූ පාර්ශවකරුවන් ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා සමස්ත වැවිලි ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් මෙවැනි ගැටළු ස්ථිරවම විසඳිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අවුරුදු 150 ක් පැරණි මෙම කීර්තිමත් ක්ෂේත‍්‍රය දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යාමට අවශ්‍ය නම් තිරසාර වැටුප් ව්‍යුහයක් ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

”අපගේ දැක්ම වන්නේ වතු කම්කරුවන්ට ප‍්‍රතිලාභයක් වන විකල්ප වැටුප් ආකෘතියක් සඳහා කටයුතු ආරම්භ කිරීමටත් පසුව ඉදිරි පරම්පරාවන් සඳහා අපගේ ක්ෂේත‍්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමයි. වතුකරයේ සිට නාගරික ප‍්‍රදේශවලට තරුණ තරුණියන් සංක‍්‍රමණය වීම ද කම්කරුවන්ගේ උග‍්‍ර හිඟයට හේතු වන අතර මෙම ගැටළුව විසඳීමට හා අපගේ ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා ද අප වෙනස් ආකාරයෙන් සිතිය යුතුයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම දිගුකාලීන බාධකවලින් මිදී උපරිම ඵලදායිතාවක් ළඟා කර ගැනීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම අත්‍යාවශ්‍ය බව ද ඔහු පැවසීය.

කොවිඞ්-19 වසංගත තත්වය අතරතුර වැවිලි ක්ෂේත‍්‍රයේ අඛණ්ඩතාවය සහතික කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව රජයට ස්තූතිය පුද කරන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයෙන් ඉවත්ව යමින් සුනිල් පොහොලියද්ද මහතා පැවසීය. අවශ්‍ය සියලූ ආරක්ෂිත සෞඛ්‍ය පියවරයන් අනුගමනය කිරීම සහ ආරම්භයේ සිටම ක්ෂේත‍්‍රයට කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවීමට ඉඩක් නොතිබීම සහතික කිරීම පිළිබඳව සියලූ වතු සමාගම්වලට සහ ඔවුන්ගේ විධායක නිලධාරීන්ට, විශේෂයෙන් වගා විධායක නිලධාරීන්ට සහ වතු කාර්ය මණ්ඩලයට ද ඔහු සිය විශේෂ ස්තූති පුද කළේය.

ශ‍්‍රී ලංකාවේ තේ වගාව වාණිජ වශයෙන් ඇරඹීමට වසර 13 කට පෙර එනම් වර්ෂ 1854 දී ස්ථාපනය කරන ලද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ශත වර්ෂ එකහමාරක් පුරා ශ‍්‍රී ලංකා වැවිලි ක්ෂේත‍්‍රයට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල මෙහෙයක් ඉටු කර තිබේ.

ප‍්‍රාදේශීය වැවිලි සමාගම් 23 ක් ඇතුළුව 180 කට වැඩි සාමාජිකයන් පිරිසක් සාමාජිකත්වය දරන වැවිලිකරුවන්ගේ සංගමය ශ‍්‍රී ලංකාවේ තේ, රබර් ඔයිල් පාම් සහ පොල් යන වැවිලි බෝගයන්ගෙන් 40% කට වඩා වැඩි ප‍්‍රමාණයක් ද ඒ හා සම්බන්ධ කර්මාන්තශාලා 332 ක් ද කළමනාකරණය කරනු ලබයි. එසේම මේ යටතේ සෘජු රැකියා ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් උත්පාදනය කර ඇති අතර ඒ ආශ‍්‍රිතව බිහි වී ඇති වක‍්‍ර රැකියා ද සමගින් සමස්ත වශයෙන් දස ලක්ෂයක් පමණ වන පිරිසකට ජීවනෝපාය සැලසීමට වැවිලිකරුවන්ගේ සංගමයට හැකි වී තිබේ.

එහි අනුබද්ධිත ආයතන සැළකු විට දිස්ත‍්‍රික් වැවිලිකරුවන්ගේ සංගමය විශේෂ භූමිකාවක් ඉටු කරමින් සිටියි. විශේෂයෙන් වැවිලි විධායකයින්ගේ පුද්ගල සංවර්ධනය සඳහා ආරාධිත දේශකයන් ගෙන්වමින් නිරතුරුව පවත්වනු ලබන වැඩමුළු විශාල ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබේ.

ආරම්භයේ සිටම ලංකා වැවිලි කරුවන්ගේ සංගමය රටේ වැවිලි කර්මාන්තය සඳහා විශාල මෙහෙයක් ඉටු කර තිබේ. 1857 දී ඉදිකරන ලද උඩරට දුම්රිය මාර්ග ව්‍යාපෘති පිරිවැයෙන් හතරෙන් එකක වියදමක් දැරීම, 1894 වර්ෂයේදී පළමු තේ ප‍්‍රවර්ධන වැඩසටහන පැවැත්වීම මෙන්ම 1925 දී තේ පර්යේෂණ ආයතනය පිහිටුවීම සඳහා ද විශාල දායකත්වයක් ලබා දීම මේ අතර ප‍්‍රධාන වේ. එසේම, වර්තමාන අභියෝග සම්බන්ධයෙන්ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබේ.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වැවිලි කළමනාකරණ කමිටුව ප‍්‍රාදේශීය වැවිලි සමාගම් 21 හි ප‍්‍රධාන විධායක නිළධාරීන්ගෙන් සමන්විත වේ. වැවිලි ක්ෂේත‍්‍රයේ ගැටලූ සහ අවශ්‍යතා සොයා බැලීම සඳහා මෙම කමිටුව නිරන්තරයෙන් රැස්වන අතර වැටුප්, ඵලදායීතාව, බෝග විවිධාංගීකරණය සහ අනෙකුත් අදාල කෘෂිකාර්මික කටයුතු ඇතුළු ශ‍්‍රී ලංකා වැවිලි කර්මාන්තයේ අඛණ්ඩ ශක්‍යතාව සහතික කරන ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්තිවලට පක්ෂව පෙනී සිටියි. එසේම විවධ වූ ප‍්‍රතිපත්ති මත කර්මාන්තයට සහ එහි පාර්ශවකරුවන්ට ඇතිවන බලපෑම පිලිබඳ දැනුවත් කිරීමද මෙම කමිටුව විසින් කරනු ලබයි.

-Advertisement-

කුකුළු මස්, බිත්තර කර්මාන්තයට විදෙස් සහාය

0

එක්සත් රාජධානියේ Royal Veterinary College සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව (සම සහභාගිත්වයෙන්) එක්සත් රාජධානියේ ගෝලීය අභියෝග සඳහා පර්යේෂණ අරමුදලෙහි මූල්‍ය දායකත්වය සහිතව One Health Poultry Hub යනුවෙන් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් ඇති කිරීමත්, දේශීය කුකුළු කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයට යොමු කිරීමේදී පැන නැගෙන ගැටලු හඳුනාගෙන තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධනය මඟින් නිෂ්පාදන කටයුතු නිවැරදි මගකට යොමු කිරීමත්, මෙම පර්යේෂණ ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියේ ගෝලීය අභියෝග සඳහා පර්යේෂණ අරමුදල විසින් මෙම ව්‍යාපෘතියට වසර 05ක කාලයක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 700,000ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වයන් අතර එකී පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

-Advertisement-