ඒඩ්ස් රෝගයෙන් බේරී පිළිකාවෙන් මරුට

0
23

එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ.”බර්ලින් රෝගියා” ලෙසද හඳුන්වන බ්‍රවුන් මහතාට 2007 වසරේදී ඒඩ්ස් සඳහා ස්වාභාවිකවම ප්‍රතිරෝධී පුද්ගලයෙකුගේ ඇට මිදුළු බද්ධ කිරීමක් සිදුකරන ලදී.එයින් පසු ඔහුට තවදුරටත් ප්‍රති වයිරස ඖෂධ අවශ්‍ය නොවුනු අතර ජීවිත කාලය පුරාම ඒඩ්ස් රෝගයට ගොදුරු විය හැකි වයිරසයෙන් බලපෑමක් ඇති නොවන බවට වෛද්‍යවරු තහවුරු කර තිබිණි.වෛද්‍යවරු පවසා සිටියේ ඔහු සත්‍ය වශයෙන්ම ඒඩ්ස් රෝගයෙන් සුවය ලබා ඇති බවයි.ඒඩ්ස් රෝගීන් සඳහා ආධාර ලබාදෙන කණ්ඩායම් පවසා සිටියේ එච්අයිවී රෝගයෙන් සුවය ලබාගතහැකි බවට බ්‍රවුන් මහතා ලෝකයට බලාපොරොත්තුවක් ලබා දුන් බවයි.ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ බ්‍රවුන් මහතා බර්ලිනයේ ජීවත් වන අතරතුර ඒඩ්ස් ආසාදනය වී ඇති බවට හඳුනාගන්නා ලදී. ඒ වනවිට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය.ඉන්පසු 2007 වසරේදී ඔහුට මයිලොයිඩ් ලියුකේමියාව නම් රුධිර පිළිකාවක් ඇතිවිය.මේ සඳහා එච්අයිවී ප්‍රථිරෝධී දුර්ලභ ජාන විකෘතියක් ඇති පුද්ගලයෙකුගෙන් ඇටමිදුළු බද්ධ කිරීමක් සිදුකෙරුනු අතර එයින් පසු බ්‍රවුන් මහතාගේ රුධිරයේ එච්අයිවී මට්ටම හඳුනාගත නොහැකි තරමට පහත වැටිණි.කෙසේවුවද ඒඩ්ස් සුවකිරීමට හේතුවූ ලියුකේමියා රෝගය මේ වසර මුලදී නැවතත් කොඳු ඇට පෙළට හා මොළයට පැතිර යෑම හේතුවෙන් බ්‍රවුන් මහතා දරුණු ලෙස රෝගාතුර විය.ලියුකේමියාව සමග මාස පහක සටනකින් පසුව බ්‍රවුන් මහතා මියගිය බව වෛද්‍යවරු සඳහන් කළෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here