-0.4 C
New York
Home Blog Page 1310

කරන්දෙණියේ හා මුලටියන ආසාදිතයන්ගේ තොරතුරු

0

කොළඹ නැව් තටාංගනයේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසදනය වූ බව තහවුරු වූ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවාට අමතරව කොළඹ නැව්තටාංගනයේ සේවකයන් සිව් දෙනකු කොරෝනා ආසාතිද බවට හඳුනාගෙන ඇතැයි මින් ඉහත අපි වාර්තා කළෙමු. ඉන් තිදෙනකු ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර එක් පුද්ගලයකු මාතර මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.
ඔවුන් සිව්දෙනා අතරින් කරන්දෙණියේ පදිංචි පුද්ගලයාගේ හා මුලටියන පදිංචි පුද්ගලයාගේ තොරතුරු යම් ප්‍රමාණයක් අප වෙත ලැබී ඇති බැවින් එය ඔබ දැනුම්වත් කිරීම සඳහා මෙලෙස සටහන් කර ඇත. අනෙකුත් ආසාදිතයන් පිළිබඳව ද ඔබ දැනගත යුතු තොරතුරු තිබෙනම් ඒ්වා ද කඩිනමින් වාර්තා කිරීමට අප වෙබ් අඩවිය සූදානමින් සිටියි.
කොළඹ නැව් තටාංගණයේ සේවය කරන කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් කරන්දෙණියේ පදිංචිකරුවාඅද (19) දිවුලපිටිය රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. දෙදරු පියකු වන ඔහු අම්බලන්ගොඩ සිට කෙළඹ බලා දිනපතාසාගරිකා දුම්රියේ ගමන් කරන බව ද අනාවරණය වී ඇත.පසුගිය 16 වැනි දා නිවසට පැමිණි ඔහු අසනීප ත්තත්වයෙන් පෙළීම හේතුවෙන් 18 වැනි දින උදෑසන ඇල්පිටිය රෝහලේ දී පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. මේ වනවිට බුද්ධිඅංශ ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින අතර නිවසේ සිටි බිරිඳ හා දරු දෙදෙනාත් යාබද නිවසේ සිටි මව හා පියා නිරෝධායනයට ලක්කර තිබේ.
මුලටියන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරන කොරෝනා ආසාදනය වූ තැනැත්තා පසුගිය 11 වැනි දා කොළඹ සිට අධිවේගී මාර්ගයේ ලංගම බසයකින් මාතර ප්‍රධාන බස් නැවතුමට පැමණ ඉන් පසු මාතර සිට දෙයියන්දර බලාධාවනය වන බසයකින් දෙයියන්දර නගරයට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
එතැන් සිට ඔහු සිය නිවසට ගොස් ඇත්තේ තම පුතු සමග යතුරුපැදියෙනි. සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය 12 වැනි දින ඔහු තම පුද්ගලික මෝටර් රථයෙන් හිමිවරු තිදෙනකු නිවසට වැඩමවා දානය පිරිනමා ඇති බවයි. එම දානමය පිංකමට ඔහුගේ ඥාති හිතවතුන් 30 දෙනකු බව ද අනාවරණය වී ඇත.
මෙම ආසාදිතයාගේ දියණිය දෙයියන්දර නගරයේ රෙදිපිළි අළෙවි සැළක සේවය කරන බව ද පැවසේ. නිවසේ සිටිය දී අසනීප වූ ඔහු දෙයියන්දර නගරයේ බෙහෙත් ශාලවකින් හා මුලටියනේ බෙහෙත් ශාලාවකින් වෛද්‍යවරු හමුවී ප්‍රතිකාර ලබා ඇතත් ඉන් සුවයක් නොලැබුණෙන් ආදාපාන රෝහලට ඇතුළත්ව ඇත. ආදාපාන රෝහලේ දී පීසීආර් පරීක්ෂණයට යොමුකිරීමෙන් පසු ඔහු ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

කොළඹ නැව් තටාංගණයේ සේවය කරන කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් කරන්දෙණියේ පදිංචිකරුවාඅද (19) දිවුලපිටිය රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. දෙදරු පියකු වන ඔහු අම්බලන්ගොඩ සිට කෙළඹ බලා දිනපතාසාගරිකා දුම්රියේ ගමන් කරන බව ද අනාවරණය වී ඇත.පසුගිය 16 වැනි දා නිවසට පැමිණි ඔහු අසනීප ත්තත්වයෙන් පෙළීම හේතුවෙන් 18 වැනි දින උදෑසන ඇල්පිටිය රෝහලේ දී පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. මේ වනවිට බුද්ධිඅංශ ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින අතර නිවසේ සිටි බිරිඳ හා දරු දෙදෙනාත් යාබද නිවසේ සිටි මව හා පියා නිරෝධායනයට ලක්කර තිබේ.

-Advertisement-

දකුණේ තවත් ඩොක්යාර්ඩ් සේවකයන් හතරකට කොරෝනා

0

කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් තිදෙනකු හා මාතර මුලටියන පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ලේ පදිංචිකරුවන් තිදෙනා කරන්දෙණිය, බලපිටිය හා හබරාදුවේ කබරගල පදිංචිකරුවෝය.

කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පදිංචිකරුවකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව මින් ඉහත තහවුරු කරගෙන තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඊයේ (18) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් අසාදිතයන් බව තහවුරු වී ඇති බවයි. ඔවුන් මේ වනවිටත් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමුකර ඇති අතර පවුල්වල සාමාජික සාමාජිකාවන් නිරෝදායන කටයුතු සඳහා යොමුකර තිබේ.
මෙම සිව්දෙනා අතරින් කරන්දෙණියේ පදිංචි ආසාදිත පුද්ගලයා දිනපතා සාගරිකා දුම්රියෙන් කොළඹ ගොස් ආපසු නිවසට පැමිණෙන බව ද ආසාදිත බවට හඳුනාගෙන ඇති අනෙක් දෙදෙනා ද වරින් වර දුම්රිය හා පොදු ප්‍රවාහන සේවා බස් රථවල ගමන් කර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සිව්දෙනා ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා  නිරෝධායනයට යොමුකර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

-Advertisement-

“ඉදිරි සතිය තීරණාත්මකයි”-යුද හමුදාපති

0

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි සතියක පමණ කාලයක් ඉතාමත් තීරණාත්මක බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පවසන්නේ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතයෙන් බිහි වූ කොවිඩ් පොකුර හඳුනාගෙන ගතවන තුන්වන සතිය මෙය බවයි. මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගන්නා සියලුම පුද්ගලයන් එම පොකුරේ සමීප ආශ්‍රිතයන් බව ද හමුදාපතිවරයා කීවේය
” වෛද්‍යවරු පවසන්නේ මේ වනවිට හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් ඇඟළුම් සේවකයන් හා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් බව. මේ අයගේ සමීපතමයන් සොයා අපි නිරෝධායනයට යොමුකර තිබෙනවා. නමුත් මෙවැනි පළමු පෙළආශ්‍රිතයන් අතරින් යම් කෙනෙක් ලබාදුන් තොරතුරු නිවැරදි නොවේ නම් හෝ තොරතුරු ලබා දී නොමැතිනම් හෝ එතැන දී අපට ගැටලුවක් මතුවෙනවා. අපට ලබාදුන් තොරතුරු අතර විස්තර නොදුන් යම් කෙනෙක් සමාජය තුළ සැරිසරලා කොරෝනා ආසාදනය වී තිබුණොත් තවත් රාශියකට වයිරසය ඇතුළු වී ඒය සමාජගතවීමට ඉඩ තිබෙනවා. මෙය බරපතල තත්ත්වයක්. එවැනිදෙයක් සිදුවීතිබෙනවා ද කිය ඉදිරි සතියේ දී අපට හඳූනාගත හැකිවේවි.” යැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-Advertisement-

ත්‍රී රෝද රියෙන් ගෙන ගිය ගවයා බේරා ගනිති.

0

ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි ගවයෙකු අද (19) ගාල්ල තනිපොල්ගහ හන්දියේදී බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූහ.

ගවයා රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ත්‍රී රෝද රථය පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

තනිපොල්ගහ ප්‍රදේශයේ දී ගවයා රථයෙන් පැනීමට උත්සාහ දරා ඇති අතර ප්‍රදේශවාසීන් ත්‍රී රෝද රථය නතර තිබේ. මේ අවස්ථාවේ දී ගවයා ගෙන යමින්සිටි පුද්ගලයා ඔවුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන එය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය බවද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

එම ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටි ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාට සිද්ධිය පිළිබඳ දැනගන්නට ලැබී එතැනට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මෙම ගවයා ඝාතනය කිරීම සඳහා රැගෙන යමින් තිබූ බවට සැකකරන බවයි. අත්අඩංගුවට ගත් සැකකුරු අද (19) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නියෝගය මත මේ වනවිට එම ගවයා ගාල්ල පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඇති අතර පලාගිය ත්‍රී රෝද රථය සොයා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

-Advertisement-

කොරොනා මඩින්න බිලියන 82ක් රටින් ලැබිලා

0

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන, ආධාර හා ණය ලෙස ඩොලර් කෝටි 45ට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 82කට අධික මුදලක් ලබාදී ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වේ.

මෙම තොරතුරු ලබාගෙන ඇත්තේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි.

එම තොරතුරු අනුව මේ දක්වා විටින් විට ආධාර සහ ණය වශයෙන් ඩොලර් හතළිස්හතර කෝටි හැත්තෑ ලක්ෂ තිස් අටදහස් අටසිය අසූහයක මුදලක් (447,038,886) ලැබී තිබේ. එය ආසන්න වශයෙන් රුපියල් 82,255,155,132 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම මුදල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමාජ ආරක්ෂණ අරමුදල වෙත ලැබී ඇති බවයි.

මෙහිදී ප්‍රදානයන් ලෙස   ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 1.9 (1,900,000)ක් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් (UNFPA ) ඩොලර් 212,260ක් ,UNICEF  මගින් ඩොලර් 125000ක් , ආසියානු සංවර්ධන බැංකුව(ADB) මගින් ඩොලර් 5,000,000ක මුදලක් ද ගෝලීය අරමුදල මගින් 1,194,424ක් ද ලැබී තිබේ.

ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් (WP) ඩොලර් 128,000,000 ක මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබේ. ඒ අනුව ආධාර සහ ණය  ලෙස පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවට ඩොලර් තිස් එක් කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් ( 319,036,386) එය රුපියල්වලින් බිලියන පනස්ට අටකට අධික මුදලක්(රුපියල් 58,702,695,024 ) වේ.

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් 634,918.59ක මුදලක් ලැබී ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ඇමෙරිකානු ඩොලර් 300,000,000ක මුදලක් ලැබී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු එම මුදලින් ඇමෙරිකානු ඩොලර 150,000,000ක මුදලක් වෙන් වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, සමාජ ආරක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙනි.

 මේ වනවිට ලංකාව තුල 2020 ඔක්තෝම්බර් මස 17 වනදා වන විට  PCR පරීක්ෂණ තුන්ලක්ෂ අසු අටදාස් එකසිය හතලිස් නවයක් (388,149)  සිදුකර තිබෙන අතර ඒ සදහා දළ වශයෙන් ඩොලර් එක්කෝටි විසි තුන් ලක්ෂයකට අධික මුදලක් වැය  වී තිබේ (12,322,190.40) එය රුපියල් වලින් බිලියන දෙකකට වඩා වැඩි ප්‍රමානයක් වේ (රුපියල් 2,328,894,000 )

2020 ජුලි 25  දක්වා පරීක්ෂණ 153,022 ක් සිදුකර තිබෙන අතර අනෙකුත් PCR පරීක්ෂණ  235,127 සිදුකර ඇත්තේ එතැන් සිට 2020 ඔක්තෝම්බර් මස 17 වන දා දක්වා කාලයේ දී ය.

මිට අමතරව බෙහෝ දෙනෙකු තම පුද්ගලික වියදමින්ද PCR පරීක්ෂණ සිදුකරගෙන තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගෙන් කළ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කරන ලද විමසීමක දී ඔහු කියා ඇත්තේ සිදුකරන ලද PCR පරීක්ෂණ සඳහා මෙම මුදල් යෙදවීම හැරුණු විට PCR පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් වැඩි කිරීම සඳහා යාපනයේ හා මඩකලපුවේ පර්යේෂණාගාර වැඩි දියුණු කිරීම මෙන්ම PCR පරීක්ෂණ සදහා ලබාගන්නා උපකරණ සදහා ද මෙම මුදල් යොදාගත් බවයි.

” අපි සමාජය දැනුවත් කිරීම් කටයුතු සදහා ද මෙම මුදල් භාවිත කරලා තියෙනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කරන ලද රුපවාහිනී දැන්වීම් කීපයක් සදහාද මෙම මුදල් යොදවා තියෙනවා. එමෙන්ම අදාළ උපකරණවලට අමතරව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට විශාල මුදලක් වැය වෙනවා ”

සෞඛ්‍ය ක්ෂේත්‍රය හැරුණු විට ඒ සදහා පත්කර ඇති කොමිසමක් මගින් වෙනත් ක්ෂේත්‍රයන්  සඳහා ද මෙම මුදල් වැයකරන බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවද සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා පවසයි.

    කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව   ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය කොපමණද යන්න පිළිබඳ හා එම මුදල් වියදම්කර ඇති ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කර ඇතත් ඒ සඳහා මෙතෙක් පිළිතුරු ලබා දී නැත.

-Advertisement-

ආමර්වීදිය පොලිස් නිලධාරීන්ට පීසීආර් පරීක්ෂණ

0

ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනකු නිරෝධායනය සඳහා යොමුකිරිමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙලෙස ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇත.

ඔවුන් සියලු දෙනාගේම පීසීආර් පරීක්ෂණ අද (19) දින පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.


 

-Advertisement-

රිෂාඩ් දෙහිවල දී අත්අඩංගුවට

0

යහපාලන රජයේ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන් අද (19) අළුයම අත්අඩගුවට ගත් බව පොලිස්මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමක දී මෙලෙස මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ බදුයිදීන් මන්ත්‍රීවරයා දින 06ක කාලයක් සැඟවී සිටි බවයි.

රිෂාඩ් බදුයිදීන් හිටපු අමාත්‍යවරයා නායකත්වය දරණ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නීතිඥ එන්.එම්.සහිඩ් මහතා ඊයේ (18) කියා සිටියේ හිටපු අමාත්‍යවරයා තව ටික දවසකින් අවශ්‍ය මොහොතේ දී අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

-Advertisement-

කරාපිටිය මහජන බැංකුව කෙරෝනා පතුරවයි ද ?

0

කොවිඩ් පතුරවන කරාපිටිය –මහජන බැංකුව. —

සටහන – සුරේෂ් ලියනගේ (දකුණු පළාත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක)

මේ පින්තුරේ තියෙන්නේ කරාපිටියේ මහජන බැංකුව. ඊට පිටිපස්සේ පේන්නේ කරාපිටිය රෝහල. දකුණු පළාතේ කොවිඩ් සම්බන්ද අවදානම වැඩිම බැංකුව මේක. මේකේ විශාල ATM කාමරයක් තියෙනවා. සල්ලි දාන්න ගන්න සියලු පහසුකම් තියෙනවා. රෝගීන්, රෝග ආශ්‍රිතයන්, රෝහල් කාර්ය මණ්ඩලය දහස් ගණනක් මෙතෙන්ට ගණුදෙනු කරන්න එනවා. මම අද උදේ 7.00ට මේ ATM එකට ගියා. සල්ලි දාල වට පිට බැලුවා. අත් පිරිසිදු කරගන්න කිසිම පහසුකමක් නැහැ. අන්තිමට පොඩි ගේට්ටුවකින් ඇතුළු වෙලා ගියාම බැංකුව ඇතුලේ සින්ක් එකක් තියෙනවා. හැබැයි සබන් නැහැ. සිකියුරිටි පෙන්න නැති නිසා තට්ටු කරනකොට ඇතුලේ ඉදන් විතරක් එලියට දාපු සිකුරිටි කියනවා මට දීපු සබන් ඉවරයි කරන්න දෙයක් නෑ කියලා. ආචාරශීලි කම ගැනත් විනය ගැනත් ලොකු ප්‍රශ්න තිබුනත් ඔහුටත් කරන්න දෙයක් නෑ නේ. බැංකුවේ මැනේජර්ට කොරෝනා ගැන සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ගැන අවබෝධයක් තියෙනවනම් මේ වගේ කාලෙක මේවා හොයල බලන්න ඕනනේ. අනික අද සෙනසුරාදා උදේ. ආපහු සදුදා බැංකු අරිනකම් කී දාහක් මේ අවදානමට ලක්වෙනවද? අනික මේ තියෙන ටැප් එක අතින් කරකවල අරින එකක්. ඇත්තටම අත හේදුවත් වැඩක් නෑ. පයින් අරින හරි අතින් තල්ලු කරලා අරින හරි ටැප් මේ පොඩි සිල්ලර කඩවල මුදලාලිලාත් හරි ගස්සල තියෙනවා. දකුණේ විතරක් නොවෙයි ලංකාවේම අපේ මහජන සෞඛ්ම‍ය පරීක්ෂක මහත්වරු මේ දවස් වල හරියට කන්නේ නිදාගන්නේවත් නැතුව කොවිඩ් පරද්දන්න අප්‍රමාණ මෙහෙවරක් කරනවා. ඒ අපි ගන්න උත්සාහයට සහයෝගය නොදක්වන මේ වගේ රාජ්‍ය ආයතන ගැනත් සොයල බලමු. අලුත් ගැසට් එකෙන් මේවට නඩු දාන්න පුළුවන්. පොඩි මිනිස්සු න්ට නැතුව මේ වගේ ජරා වැඩ කරන ලොකු ආයතනවලට නඩු දාමු. එකක් දෙකක් දැම්මනම් ඉතුරු ටික හැදෙයි.

-Advertisement-

අලුත් CID ලොක්කා මෙන්න

0

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන සොයිසා මහතා 1990 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වෙයි. හෙතෙම කළුතර දකුණ, අම්පාර හා මාතර දිස්ත්‍රික්කය වලත් වැලිගම මුලස්ථාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති පිටබැද්දර, ස්ථානාධිපති දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය ආදීි ගණනාවක රාජකාරි කළ නිලධාරියෙකි.

ප්‍රධාන පෙළේ අපරාධ ගණනාවක අනාවරණය කරගැනීමේ දක්ෂතාවය ලත් ඔහු පොලිස් පරීක්ෂවරකු ලෙස රාජාකරි කෙරෙන අවධියේ සිමීත තරග විභාගයකට ඉදිරිපත් වීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සෘජු උසස් විම් ලැබුවේය 2008 සිට මිරිහාන හා කොළඹ දකුණු ප්‍රදේශය භාරව ක්‍රියාකරන සමයේ දී පාතාල ක්‍රියාකාරකම් (ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පවසන්නේ එය සංවිධානාත්මක අපරාධ කල්ලි යන නමිනි) මැඩ පැවත්වීමට කටයුතු කිරීම නිසා ඔහු පොලිස්පති ප්‍රශංසා විශේෂ වැටුප් වර්ධක හි ත්‍යාග ලාභියකු ලෙස ද ප්‍රශංසාවට පත්වූයේය.

අවස්ථා ගණනාවක දී ම සංවිධානාත්මක අපරාද කල්ලි සමග ගැටුණු ඔහු එම කල්ලි මර්ධනය කිරීමට අනූපමේය සේවයක් ඉටුකළ නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. 2016 වසරේදී පොලිස් අධිකාරිවරයකු ලෙස පත්වීම ලැබීමත් සමඟ අපරාධ විසඳීමේ ඇති දක්ෂතාවය නිසා පොලිස්පතිවරයා විසින් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරන්නට විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධූරයට ඔහු පත්කර ඇති අතර හිටපු අධ්‍යක්ෂ ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථානමාරු කිරීම් සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මීට අමතරව මානව සම්පත් කළමනාකරණ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මානව සම්පත් කළමනාකරණ බඳවා ගැනීම්, විනය හා ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කරනු ලැබ සිටියි.  

-Advertisement-

ගාල්ලේ පදිංචිකරුවෙකුට කොරෝනා

0

කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා සමග සේවයේ නිරත පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් පසු ඊයේ (16) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඔහුගේ පීසීආර් පරීක්ෂණය සිදුකර තිබේ. ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ඔහු ප්‍රතිකාර සඳහා ඉරණවිලට යොමුකර ඇති අතර මේ වනවිට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිත තැනැත්තාගේ බිරිඳ හෙදියක වුව ද ඔහු නිවසට පැමිණි පසු ඇය රැකියාව සඳහා ගොස් නොමැති බවයි. ආසාදිත පුද්ගලයා ආගිය ස්ථාන පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමග එම ස්ථානවලට ද අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.  

-Advertisement-