දකුණේ තවත් ඩොක්යාර්ඩ් සේවකයන් හතරකට කොරෝනා

0
1007

කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් තිදෙනකු හා මාතර මුලටියන පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ලේ පදිංචිකරුවන් තිදෙනා කරන්දෙණිය, බලපිටිය හා හබරාදුවේ කබරගල පදිංචිකරුවෝය.

කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පදිංචිකරුවකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව මින් ඉහත තහවුරු කරගෙන තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඊයේ (18) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් අසාදිතයන් බව තහවුරු වී ඇති බවයි. ඔවුන් මේ වනවිටත් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමුකර ඇති අතර පවුල්වල සාමාජික සාමාජිකාවන් නිරෝදායන කටයුතු සඳහා යොමුකර තිබේ.
මෙම සිව්දෙනා අතරින් කරන්දෙණියේ පදිංචි ආසාදිත පුද්ගලයා දිනපතා සාගරිකා දුම්රියෙන් කොළඹ ගොස් ආපසු නිවසට පැමිණෙන බව ද ආසාදිත බවට හඳුනාගෙන ඇති අනෙක් දෙදෙනා ද වරින් වර දුම්රිය හා පොදු ප්‍රවාහන සේවා බස් රථවල ගමන් කර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සිව්දෙනා ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා  නිරෝධායනයට යොමුකර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here