කරන්දෙණියේ හා මුලටියන ආසාදිතයන්ගේ තොරතුරු

0
441

කොළඹ නැව් තටාංගනයේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසදනය වූ බව තහවුරු වූ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවාට අමතරව කොළඹ නැව්තටාංගනයේ සේවකයන් සිව් දෙනකු කොරෝනා ආසාතිද බවට හඳුනාගෙන ඇතැයි මින් ඉහත අපි වාර්තා කළෙමු. ඉන් තිදෙනකු ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර එක් පුද්ගලයකු මාතර මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.
ඔවුන් සිව්දෙනා අතරින් කරන්දෙණියේ පදිංචි පුද්ගලයාගේ හා මුලටියන පදිංචි පුද්ගලයාගේ තොරතුරු යම් ප්‍රමාණයක් අප වෙත ලැබී ඇති බැවින් එය ඔබ දැනුම්වත් කිරීම සඳහා මෙලෙස සටහන් කර ඇත. අනෙකුත් ආසාදිතයන් පිළිබඳව ද ඔබ දැනගත යුතු තොරතුරු තිබෙනම් ඒ්වා ද කඩිනමින් වාර්තා කිරීමට අප වෙබ් අඩවිය සූදානමින් සිටියි.
කොළඹ නැව් තටාංගණයේ සේවය කරන කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් කරන්දෙණියේ පදිංචිකරුවාඅද (19) දිවුලපිටිය රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. දෙදරු පියකු වන ඔහු අම්බලන්ගොඩ සිට කෙළඹ බලා දිනපතාසාගරිකා දුම්රියේ ගමන් කරන බව ද අනාවරණය වී ඇත.පසුගිය 16 වැනි දා නිවසට පැමිණි ඔහු අසනීප ත්තත්වයෙන් පෙළීම හේතුවෙන් 18 වැනි දින උදෑසන ඇල්පිටිය රෝහලේ දී පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. මේ වනවිට බුද්ධිඅංශ ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින අතර නිවසේ සිටි බිරිඳ හා දරු දෙදෙනාත් යාබද නිවසේ සිටි මව හා පියා නිරෝධායනයට ලක්කර තිබේ.
මුලටියන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරන කොරෝනා ආසාදනය වූ තැනැත්තා පසුගිය 11 වැනි දා කොළඹ සිට අධිවේගී මාර්ගයේ ලංගම බසයකින් මාතර ප්‍රධාන බස් නැවතුමට පැමණ ඉන් පසු මාතර සිට දෙයියන්දර බලාධාවනය වන බසයකින් දෙයියන්දර නගරයට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
එතැන් සිට ඔහු සිය නිවසට ගොස් ඇත්තේ තම පුතු සමග යතුරුපැදියෙනි. සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය 12 වැනි දින ඔහු තම පුද්ගලික මෝටර් රථයෙන් හිමිවරු තිදෙනකු නිවසට වැඩමවා දානය පිරිනමා ඇති බවයි. එම දානමය පිංකමට ඔහුගේ ඥාති හිතවතුන් 30 දෙනකු බව ද අනාවරණය වී ඇත.
මෙම ආසාදිතයාගේ දියණිය දෙයියන්දර නගරයේ රෙදිපිළි අළෙවි සැළක සේවය කරන බව ද පැවසේ. නිවසේ සිටිය දී අසනීප වූ ඔහු දෙයියන්දර නගරයේ බෙහෙත් ශාලවකින් හා මුලටියනේ බෙහෙත් ශාලාවකින් වෛද්‍යවරු හමුවී ප්‍රතිකාර ලබා ඇතත් ඉන් සුවයක් නොලැබුණෙන් ආදාපාන රෝහලට ඇතුළත්ව ඇත. ආදාපාන රෝහලේ දී පීසීආර් පරීක්ෂණයට යොමුකිරීමෙන් පසු ඔහු ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

කොළඹ නැව් තටාංගණයේ සේවය කරන කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් කරන්දෙණියේ පදිංචිකරුවාඅද (19) දිවුලපිටිය රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. දෙදරු පියකු වන ඔහු අම්බලන්ගොඩ සිට කෙළඹ බලා දිනපතාසාගරිකා දුම්රියේ ගමන් කරන බව ද අනාවරණය වී ඇත.පසුගිය 16 වැනි දා නිවසට පැමිණි ඔහු අසනීප ත්තත්වයෙන් පෙළීම හේතුවෙන් 18 වැනි දින උදෑසන ඇල්පිටිය රෝහලේ දී පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. මේ වනවිට බුද්ධිඅංශ ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින අතර නිවසේ සිටි බිරිඳ හා දරු දෙදෙනාත් යාබද නිවසේ සිටි මව හා පියා නිරෝධායනයට ලක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here