“ඉදිරි සතිය තීරණාත්මකයි”-යුද හමුදාපති

0
85

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි සතියක පමණ කාලයක් ඉතාමත් තීරණාත්මක බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පවසන්නේ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතයෙන් බිහි වූ කොවිඩ් පොකුර හඳුනාගෙන ගතවන තුන්වන සතිය මෙය බවයි. මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගන්නා සියලුම පුද්ගලයන් එම පොකුරේ සමීප ආශ්‍රිතයන් බව ද හමුදාපතිවරයා කීවේය
” වෛද්‍යවරු පවසන්නේ මේ වනවිට හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් ඇඟළුම් සේවකයන් හා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් බව. මේ අයගේ සමීපතමයන් සොයා අපි නිරෝධායනයට යොමුකර තිබෙනවා. නමුත් මෙවැනි පළමු පෙළආශ්‍රිතයන් අතරින් යම් කෙනෙක් ලබාදුන් තොරතුරු නිවැරදි නොවේ නම් හෝ තොරතුරු ලබා දී නොමැතිනම් හෝ එතැන දී අපට ගැටලුවක් මතුවෙනවා. අපට ලබාදුන් තොරතුරු අතර විස්තර නොදුන් යම් කෙනෙක් සමාජය තුළ සැරිසරලා කොරෝනා ආසාදනය වී තිබුණොත් තවත් රාශියකට වයිරසය ඇතුළු වී ඒය සමාජගතවීමට ඉඩ තිබෙනවා. මෙය බරපතල තත්ත්වයක්. එවැනිදෙයක් සිදුවීතිබෙනවා ද කිය ඉදිරි සතියේ දී අපට හඳූනාගත හැකිවේවි.” යැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here